ආලවන්ති | Alawanthi by Jaya Sri [2023]

ආලවන්තී මා
මේ සබකෝල සැන්දෑවේ
සීතල හීන වර්ෂාවේ
සිහිල ගෙනේ
මට සැමදා
මාද මිහිරාවී
සවුදිය පුරන සඳයාමේ
නුඹෙ වත පිරුණු සඳ වාගේ
නෙතු දැහැනේ
මට සැමදා

හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ
හිතා හිතා නුඹේ රටා
මගේ හිතත් උමතුයි සොඳුරී
පතා පතා පෙරුම් පුරා
නුඹේ දෑස නෑ අත්හැරුනේ
නුඹට වශීවෙලා මා

තනිවෙන්නට ආසම නැහැ දැන්
නුඹෙ ගත හැඩ සිහිවෙයි හැමතැන්
සිහින සැබෑ වෙන හැටි දැනගනිමින්
බලා ඉඳිමි නුඹ මා වෙත එනකන්
සඳ කොහෙදෝ හිරු කොහෙදෝ
හිතට දැනෙන සැප කාට කියන්දෝ
සිහින දිගේ දුවගෙන එන මඟ මම
මටම ලැබෙන තුරු බලා ඉදින්දෝ…

සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී…
සලා සලා නිතඹ සලා
නුඹ එනවිට මා වෙත නැලවී
සුරංගනා ලියේ නුඹට
මා හදවත ඉවරයි පැටලී
නුඹට වශීවෙලා මා

ආලවන්තී මා
මේ සබකෝල සැන්දෑවේ
සීතල හීන වර්ෂාවේ
සිහිල ගෙනේ
මට සැමදා
මාද මිහිරාවී
සවුදිය පුරන සඳයාමේ
නුඹෙ වත පිරුණු සඳ වාගේ
නෙතු දැහැනේ
මට සැමදා

written by Reru

මම මන්කී හනුමන්තා | Mama Monkey Hanumantha by Jaya Sri

මම මන්කී හනුමන්තා
වඳුරන්ගේ මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මන්කී හනුමන්තා
නැට්ටෙන් වැඩකිඩ ගිණි දුන්නා
දඬුමොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

චාල්ස් ඩාවින්
කිව්වා බයිලා
ඔහෙලා අපෙන්
පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
වන සත්තු අපියි
නෑ විපත්ති කරලා

දියුණු උනට කරුමාන්තයෙන්
කැත කරනවා ඔහෙලා මාන්නයෙන්
විසකුරු ගිණි අවි බෝම්බයෙන්
විනාස කරනවා අවියෙ බලෙන්

ඔහෙලගේ දිවි දික්කර ගන්නට
ගන්නවා අපේ දිවි අත්හදා බැලුමට
හිංසාවාදී දාන්නෙ බාල්දි
කවදා හරි ඔහෙලාට වදීවී

ඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු

මම මංකී හනුමන්තා
චිම්පංසිස් මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

මම මංකී හනුමන්තා
ගෝරිල්ලස් ඕල්සෝ ලොක්කා
දඬුමොණරෙන් නගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

ඉක්මන් ගමනට හැදුවා ඔහෙලා
වාහන කියලා තෙල් දා දුවනා
පුච්චා අරිනා දුම් පිට කරනා
සී ඕ ටූ මුළු ලොව නැති කරනා

හදන්න ඔහෙලගේ නිවාස ලී බඩු
කපනවා වටිනා කැළෑ ලෝ වටේ
නැතිකරමින් අපේ ජීවන ප්රදේස
ගෙනනවා ලඟටම ලෝක අන්තිමේ

මෙහෙම ගියොත් අපි කාට කාට
ඕසෝන් හිලෙන් එන පාට පාට
රැස්වලින් පිච්චිලා මුළු සංහතියම
යයි මරු තුරුලට ගාට ගාට

වැටෙනා හිරු එළියෙන්
හමනා තද සුළඟෙන්
ගළනා ජල බලයෙන්
ගන්නකෝ වැඩකිඩ හොඳහින්

Jaya Sri Reggae Medley by Jaya Sri ft. News from Coke RED [2021]

You Are My Sunshine, my only sunshine
You make me happy when skies are gray
You’ll never know dear, how much I love you
Please don’t take my sunshine away

චාල්ස් ඩාවින්
කිව්වා බයිලා
ඔහෙලා අපෙන්
පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල් බොරු ඔව්වා
වන සත්තු අපියි
නෑ විපත්ති කරලා

ඔහෙලගේ දිවි දික්කර ගන්නට
ගන්නවා අපේ දිවි අත්හදා බැලුමට
හිංසාවාදී දාන්නෙ බාල්දි
කවදා හරි ඔහෙලාට වදීවී

ඕං රීං කට්ටු කට්ටු
ඔහෙලගේ මොළ වල පිට්ටු පිට්ටු
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටු
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටු

මම මංකී හනුමන්තා
චිම්පංසිස් මහදැන මුත්තා
දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

දඬු මොණරේ නැගලා
අහසින් යන්නා
හොයියා හොයියා හෝ

සරංගනා | Sarangana by Jaya Sri

සරංගනා
සරංගනා
ඔබ මා අතරේ සරංගනා
සරංගනා
සරංගනා
ඔබ මා අතරේ සරංගනා

මන්දහාසයෙන් මදහස පානා
ගිනි සුලගෙන් සිසිලස සොයනා
සෙනෙහස විනිවිද දකිනා
සෙනෙහස විනිවිද දකිනා
නොදකින හීනේ තවමත් සොයනා

සරංගනා
සරංගනා
ඔබ මා අතරේ සරංගනා
සරංගනා
සරංගනා
ඔබ මා අතරේ සරංගනා

කනාමැදිරි එළි කලියුග අදුරේ

ආදර ලොවේ | Adara Lowe by Jaya Sri

ආදර ලොවේ අප හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන්වුනේ

සතුටින් වෙලී සුවඳදී ලගහිදී
හැගුමන් අපේ වේදනා තොර නොවී
සැකයෙන් එදා අපි කිව්කතා
ආදර ලොවේ අප හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන්වුනේ

මාපිය කතා එරෙහිවූ විට එදා
පැතුමන් අපේ විසුනුවි ගියෙ සදා
විදි වේදනා උදයේ හවා
ආදර ලොවේ අප හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන්වුනේ

සුන්දරියේ | Sundariye by Jaya Sri

සුන්දරියේ, ගෝමරියේ ….
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ

සුන්දරියේ, ගෝමරියේ ….
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ

සුන්දරියේ, බෝදිනියේ….
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ ….

වනේ පිපුන උඩවැඩියා මල, සුවඳ විහිද වන්නේ
දොලේ පැනා නා හැටි දැක ,මගේ සිතේ ඇළුම් බැදුනේ
ඔබ ගැයු ගීත සවනේ රැවූ දේ …..
ඔබ රැගුම් මගේ දෙනෙතේ සිතුවම් බැදුනේ
මගේ සිතේ පැතුම් කවදා යලි ඔබ හමුවේ…..

සුන්දරියේ, ගෝමරියේ ….
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ
සුන්දරියේ, බෝදිනියේ….
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ

සිදාදියෙන් ආ නගරන් බච්චෝ
කැළෑ පොජ්ජ .බොට නැ බට්ටිචෝ
ලෙන්ගතුකම් දෙම්මොත් නළු බට්ටෝ
ඉළ අට කුඩුව කඩනවා කජ්ජෝ
මම කදිරන් දෙන ගන්න කයිචන් ඩෝ
ගෝමරි පැටික්කි මගේ පන සොක්කෝ
පංකාදු කෙරුවේයි ගොබිලයි ලොක්කෝ
අ අත බලන් ලොක්ක මන්ගච්චෝ

උබිල වැදී නායකගේ දු බව මමත් දැනුයි දන්නේ
කදිරගේ ගේ ඇත ගන්නට ඉන්නා වනයේ වැදී මොහිනියේ…
ඔබේ වනයට පිපිලා වනයම බර වන්නේ
මට නගරේ ඔබ වෙනි අය නැහැ හමුවන්නේ
මතු ජීවිතයේ හමුවන්නට පෙතුමන්නේ…

සුන්දරියේ, ගෝමරියේ ….
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ
සුන්දරියේ, බෝදිනියේ….
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ

ශීලා | Sheela by Jaya Sri

බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේ
සුළගේ පාවී, මගේ ගී යාවී,
ඇසුනොත් එනවාදෝ සොදුරියේ මගේ

මා හට සැරවීලා ” හෙයි… “
කොහෙදෝ යන්නේ මෙසේ
සිත රිදවන්නෙපා හද බැඳි ආදරේ.
තනිවීලා ” හෙයි… ” මා ඉන්නේ කෙසේ,
ඒවීදෝ මාගේ කුමාරි

ලොවම නැවතිලා, නිහඬයි වටේ
තනිකම පාළුව දැවටී වතේ
දුරකතනයකින් ඔබ අමතාවී
සිතමින් ඉන්නෙමි තනි ලොකයේ

මා හට සැරවීලා “හෙයි… “
කොහේදෝ යන්නේ මෙසේ
සිත රිදවන්න එපා හද බැඳී ආදරේ
තනි වීලා ” හෙයි… ” මා ඉන්නේ කෙසේ
ඒවිදෝ මගේ කුමාරි

තනිවුනු යහනට එනවිට
තවමත් ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන් ඔබේ රුව දැක ගන්නටවත් වරම් ලැබේද මට
ඔබෙ ලස්සන ඇස් දෙක
වෙනකෙකු හට ලැදි වෙන්න එපා
එවීදෝ… එවීදෝ… එවීදෝ
මාගේ කුමාරී

මා හට සැරවීලා “හෙයි… “
කොහේදෝ යන්නේ මෙසේ
සිත රිද වන්න එපා හද බැඳී ආදරේ
තනි වීලා ” හෙයි… ” මා ඉන්නේ කෙසේ
ඒවිදෝ මගේ කුමාරි

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ

ඔබ යළි ඒවීදෝ

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ

මා සැමදා තනිවේ දෝ

ශීලා ශීලා හේ
ශීලා ශීලා ඕ
ඒවීදෝ මාගේ කුමාරි

හදවත කීරි ගසයි | Hadawatha Keeri Gasai by Jaya Sri ft. Raini Charuka [2020]

හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ

හදවත කීරි ගසයි අද මාගේ
හිරිගඩු පිපුනා මොහොතක් ගානේ
දවසක් රහසින් ඒ හදපානේ
තනිවී උන්නේ ඒ හුම්මානේ

ලංවෙලා කිව්කතා
රහසේ කොදුරලා
ආදරේ පීරලා
ඔබගෙන් මත් වෙලා
අහසේ රෑ පුරා
තරූ ඇහැරිලා
නොබලා ඒ දිහා
නොසැලී පෙම් කලා

මනමාලකමයි කදිමයි
මා වෙලා මං මුලා
දුර ඈත ගියා නොකියා
සිත මා නුඹ ලග තියා
ඉවසන්න තවත් මට බෑ වෙන්වෙලා
දගකාර නුඹයි නුඹමයි මට ඕනා

හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ

මගේ වෙලා උන් එදා
දෑසේ කී කතා
රැදිලා සිත් පුරා
වින්දා රෑදිවා
පෙම් වැසී වස්සලා
දෙන්නාත් එක්කලා
නොසිතා ඒ දිහා
නොසැලී පෙම් කලා

සැනසිල්ල නුඹයි නුඹමයි
ඒ නිසා ලංවෙලා
ඔය ලීලේ මටයි මටමයි
ඒ හින්දාමයි ගැලපිලා
තව ඉන්න බයයි ආසයි ලංවෙලා
සබකෝල ගොඩයි බෝමයි
තනිවීලා

හදවත කීරි ගසයි අද මාගේ
අමතක නෑ මතකයි අද වාගේ
කාටත් රහසින් ඒ හදපානේ
දවසක් උන්නා අපි හන්තානේ

ලංවෙලා කිව්කතා
රහසේ කොදුරලා
ආදරේ පීරලා
ඔබගෙන් මත් වෙලා
අහසේ රෑ පුරා
තරූ ඇහැරිලා
නොබලා ඒ දිහා
නොසැලී පෙම් කලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සුදු ඇඳුමින් | Sudu Andumin by Jaya Sri

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ

පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

පියමැන්නේ | Piyamanne by Jaya Sri

පියමැන්නේ ඇයිද එසේ
රිදවාලා ඔබ ම සිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
රැළි මත සාගරේ
මතුවේවා සදා ඒ සිහිනේ

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ළඳුනේ

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ නිසළ රැයේ …

written by Jayasri