කඳුලින්ම ගැයූ | Kandulinma Gayu by Nuwan Gunawardana

කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ ඔබ කොයි ගියාදෝ

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ

කිරි මුහුදු වෙරළේ | Kiri Muhudu Werale by Nuwan Gunawardana

කිරි මුහුදු වෙරළේ නැළවී තරංගා
කාගේද පිළිරෑ අඳී
ඒ රෑප චායා ඔබගේ නොවේදෝ
ඒ රෑප චායා ඔබගේ නොවේදෝ
සැන්දෑ සඳේ දුර නිම් තෙරේ

කවුදෝ ඉඳන් හිනැහේ බලා
අකුලේ පිපී කුසුමක් වගේ
හිතුණත් අනේ ලංවෙන්න බෑ
ලා රෝස දෙතොලේ සිනා
මට ප්‍රේම ආරාධනා
කිරි මුහුදු වෙරළේ නැළවී තරංගා
කාගේද පිළිරෑ අඳී
ඒ රෑප චායා ඔබගේ නොවේදෝ
ඒ රෑප චායා ඔබගේ නොවේදෝ

සුළඟේ එතී සුවඳක් දැනේ

ඒ මාරැතේ මට වාසනා
කටකින් දුරින් නොකියා කියයි
පෙර නෑසූ ඒ මදු ගීතිකා
ඔබ කවුද කොහි ඉන්නේ දෝ
සිහිනෙක හමුවෙන්න දෝ
කිරි මුහුදු වෙරළේ නැළවී තරංගා
කාගේද පිළිරෑ අඳී
ඒ රෑප චායා ඔබගේ නොවේදෝ
ඒ රෑප චායා ඔබගේ නොවේදෝ