වර්ණ | Warna by Kasun Kalhara | The Romantic Opera [2009]

අවකාශයේ
නිමක් නැති වූ
අදුරෙන් ආ
හිරු කිරනේ නැගී
පාවී

කාලාත්‍රයේ
කාලාත්‍රයේ
පසු යාමයේ
රස පොලොවේ
ඇස ගැටී
රත් හැල්ලේ
රස වැටී
රත් හැල්ලේ
රස වැටී
සොයනැති ගිත ගතී

ස්වයංජාත රත් හැල් නෑ
රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ
රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ
රස පොලොවේ
ස්වයංජාත රත් හැල් නෑ
රස පොලොවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කදුලු | Kandulu by Kasun Kalhara | The Romantic Opera [2009]

ඊයේ ඇස්වල තිබූ කදුලූ
පිසලන්නට බෑ කිව් නිසා
ඒ කදුලේ
ආදරයේ
පැහැයක් මා නෑ කිව් නිසා
සද අදුරට උරුම වෙලා

ආදරයේ
කදු බෑවුම් අතරේ
කදුලු වලින් මියැදී
සිනහ වලින් ඉපදී
ආ හැටි පෙරදී
කදුලේ ඉපදී
වියැකී ඒ සුරතල් සිනා
ඒ කදුලේ
ආදරයේ
පැහැයත් මා නෑ
කිව් නිසා

ඒ කදුලේ
ආදරයේ
පැහැයත්
තිබුනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අඳුරේ | Adure by Kasun Kalhara | The Romantic Opera [2009]

අඳුරේ මැදියමේ
නිදි වරා
වැපිරූ සිහිනේ
කඳුළු අතුරා
පුළිඟු සැඟවූ සිහිනේ

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සිහින අතැර ගිය ජීවිතේ
මරණ ආගාධයේ තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා
සිහින සොහොන ළඟ ජීවිතේ
නොමළ සිත සමග තනිකමේ
හිඳිමි මම
ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සොඳුරු ලෝකාන්තය මුදුනතේ
මතක භශ්මයන් හද දරා
හිඳිමි මම
ඔබද එය දන්නවා
නොඑනා සෘතුවක බර දරා
අහිමි හුස්මකට ළය අයා
හිඳිමි මම
ඔබද එය දන්නවා

මොහොතක් ගැවසෙන්න
අහම්බෙන්වත් හමුවී යමුද
වචනයක් කියනවද
තව එක දවසක් ගෙවා ගන්න

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හරිත වන රේඛාවෙ | Haritha Wana Rekawe by Kasun Kalhara | The Romantic Opera [2009]

හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ආදරේ සිතුම් | Adare Sithum by Kasun Kalhara | The Romantic Opera [2009]

ආදරේ සිතුම් දිලුනා මතකයි
පැහැසරින් ඔබේ හද දැවුනා
ගීයකින් කෙසේ
මා සිතුම් කියම්දෝ ලදේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා
නොනිමේ ලදුනේ…
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නේ

ආදරේ සිතුම් දිලුනා මතකයි
පැහැසරින් ඔබේ හද දැවුනා
ගීයකින් කෙසේ
මා සිතුම් කියම්දෝ ලදේ
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා
නොනිමේ ලදුනේ…
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නේ

මා හදින් දැලුවු
හැම පහන් සිල ඔබමයි
දැවි දැවි එලිය දෙන් ජීවිතේ
ගීයකින් කෙසේ මා සිතුම්
කියම්දෝ ලදේ.
බොඳ වෙනා සිහිනයක දැවටෙනා
පවස මගේ ඔබ නිසා
නොනිමේ ලදුනේ…
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ

පවස මගේ ඔබ නිසා
නොනිමේ ලදුනේ…
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ

පවස මගේ ඔබ නිසා
නොනිමේ ලදුනේ…
ආදර වදන් කියූ
කාලේ යලි එන්නේ නෑ
ආදරේ සුවඳ දැන්
මගේ හදින් යන්නෙ නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සඳ ඕනා | Sanda Ona by Kasun Kalhara | The Romantic Opera [2009]

සඳ ඕනා
නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා
ඈතින් පායා
අරුමෝසම් පෑ
නිල් සඳ ඕනා
ඈතින් පේනා
අහසේ පායා
අරුමෝසම් පෑ …

මාෂා සොයා
දාමා නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා
මාෂා සොයා
දාමා නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ
තාමත් කාගේද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ
කිඳුරන් වාගේම නෑ
නවතාලා
හිත විමසාලා
තරු ඉඟි පාලා
ඈ මට ඕනා
ඈ නවතාලා
තරු ඉඟි පාලා
හිත විමසාලා…

ඈ වීනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ
තාමත් ඈ ළඟ නෑ
කොඳුරාලා
රහසින් කීවා
තව ලන්වීලා
සිපගන් ඕනා
ඈ කොඳුරාලා
රහසින් කීවා
තව ලන්වීලා…

මාෂා
වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ
වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ
සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ
අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ
සිතිජ ඉමේ නෑ
නෙත් මානේ නෑ…

මාෂා සොයා
සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
මාෂා සොයා
සියතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ලෙයිලා | Leila by Kasun Kalhara | The Romantic Opera [2009]

ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
කවදාවත් ම නොවිඳී සුවඳක් මා හද පුරා
ළංවී ඉන්න හැමදා ඔබ මා ළඟ නැවතිලා
ලෙයිලා ඕ ලෙයිලා

දෑතේ දැවටීලා මවනා
අනගි තත්සර රටා
සවනේ රැව්දේවී සැමදා
මතකයේ නොමැකීලා
ලෙයිලා ඕ ලෙයිලා

සීත දුරුවූව දැනුණා
රඟන රැඟුමන් නිසා
නුරා සුව විඳිමු සැමදා
ප්රේමයේ රස මවා
ලෙයිලා ඕ ලෙයිලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මේ හීනයේ | Me Heenaye by Kasun Kalhara | The Romantic Opera [2009]

සිහින නිම්තෙරේ
නෙත් පුරා හැඟුම් පිරේ
සිහින නිම්තෙරේ
නෙත් පුරා නුරා හැඟුම් පිරේ
සුරංගනා නගරයේ
නිම් නැති මාවතේ

අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා

නෙක පැහැ හැන්දෑවක නැවතීලා
පියවිය නෙතු අද්දර
මත් වූ නෙත් සරයක් දැවටිලා
සීතල සිතුවිල්ලක
හැඟුමන් ඇහැරීලා
ප්රේමණීය රිද්මයේ

නාඳුනනා සිනා ආරාධනා ගෙනා
නාඳුනනා සිනා ආරාධනා ගෙනා
මේ හීනයේ අතරමං වෙලා

අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හෙට අලුත් අලුයමක් | Heta Aluth Aluyamak by Kasun Kalhara | The Romantic Opera [2009]

හෙට අලුත් අලුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල්
පිපෙන දවසක්
පුංචි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලන් ඉන්න බවට
දුන් නිසා පොරොන්දුවක්

ඉරත් හැංගිලා
බලා හිදී වළාකදු යටින්
ලා හිරු කදම්බයක් හෙලා
අප හමුවීම කරන්න
ආලෝකමත්
අප හමුවීම කරන්න
ආලෝකමත්

සුළග ගල් ගැහී
හමා නොඒ
ඈත කදු වෙතින්
ලාපත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න අසිරිමත්
අප හමුවීම කරන්න අසිරිමත්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ඔබට මතකද තවම | Obata Mathakada Thawama by Kasun Kalhara | The Romantic Opera [2009]

ප්‍රේමයේ
මංතලාවේ…
පාසටහන් අප දෙදෙනාගේ
බොහෝ දුර ඇදුන බව
ඔබට මතකද තවම…
තවම…

පා සටහන් බෝ ගැඹුරුයි
ආදරේ…
පොලොවටත් දැනෙන්න ඇති
දුෂ්කරම කාලයෙත්
එක ලඟම ඇවිද ගිය…
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම…
තවම…

නිදහසේ ඇවිද යන හැඟීමෙන්
පාර වරදින්න ඇති
සමුගෙන මේ නිහඬ
ගමන් මග අතරමග උමතු වී
සැරි සැරු
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම…
තවම

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here