රෝමියෝ | Romeo by Nadeeka Guruge

වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ අතරමං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා
වැගිරෙයි දියවී ආදරේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ අතරමං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ

දෙතොලේ ඔබෙ රැඳී දහසක චුම්බන පිසදා
කොපුලේ එබෙ තැවරුණු දහසක ඛේටය පිසදා
සිපගනිමි දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්
ගොඩගනිම් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ අතරමං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ

හිතක් තිබුණා | Hithak thibuna by Nadeeka Guruge

හිතක් තිබුණා
මටත් පෙම් කරනා
හිතන් උන්නා
ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ
ඈ යාවි යැයි හැරදා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා

කලක් තිබුණා
ඉමක් නොදකිනා
කලක් තිබුණා
ඉමක් නොදකිනා
අනත් සුවයක
පහස සොයනා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා

මහා කඳුලක
ළතැවුල් සඟවා
මහා කඳුලක
ළතැවුල් සඟවා
පාළු අඳුරක
ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම රෑ
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම රෑ