ඇහැරෙන්න | Aharenna by Chithral Somapala

ඇහැරෙන්න
ඇහැරෙන්න ඉතින් දැන්වත්

ඉඩදෙන්න සොඳුරු සිහිනෙන්
ඇහැරෙන්න
මහ වැස්සක ගිණිගත්ත
ඒ ප්‍රේමවන්ත සිහිනෙන්
ඇහැරෙන්න

දැමුණු සුහික්මුණූ
පිළිවෙත් සුරැකුණු
මගේම විජිතයේහී
මා කිරුළ දරා සිටියා
ආදරය ඇවිත් සිහිනෙන්
ඒ කිරුළ සොරාගත්තා

ඇහැරෙන්න
මහ වැස්සක ගිණිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න

දැමුණු සුහික්මුණූ පිළිවෙත් සුරැකුණු

මගේම විජිතයේහී
මා වෙස්වලා සිටියා
ආදරය…. අකැප… හින්දා..
ඇහැරෙන්න

ඇහැරෙන්න කලින් සිහිනෙන්
මට කියාදෙන්න රහසින්
ඇහැරෙන්න

කොයි සිහිනෙන්ද කියා
මා ඇහැර පලායන්නේ
මේ මොරසූරන වැස්සේ
ඇහැරෙන්න

සිහින ගිණි ගන්නා
මේ මොර සූරන වැස්සේ
මා ඇහැර පලා යන්නෙ කොහේදැයි
මට කවුද කියාදෙන්නේ
කවුද කියාදෙන්නේ

ඇහැරෙන්න

මහවැස්සක ගිණිගත්ත
ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න
මහවැස්සක ගිණිගත්ත
ඒ නිලංකාර සිහිනෙන්
ඇහැරෙන්න

සිහිනය පුපුරා යයි | Sihinaya Pupura Yai by Chithra Somapala

සිහිනය පුපුරා යයි
එක් නිමේෂයෙන්
ප්‍රැතූ ප්‍රාර්ථනා
සුනු විසුනුව යයි

පියා සලා දුර ආකාසේ
යන්නට හැදුවා තටු ගිලී ගියා
බොල් සුළගේ යයි
ඒ සිහිනය අද පුපුරාලයි

සිතුවිලි සසලව යයි
ආ මග අදුරු වෙලා
නිසල සිතේ ලැව් ගින්නක් වී
පෙර මග ගිනිලයි දිවියේ

පියා සලා දුර ආකාසේ
යන්නට හැදුවා තටු ගිලී ගියා
බොල් සුළගේ යයි
ඒ සිහිනය අද පුපුරාලයි

හංස විලයි මේ කැලබෙන්නේ
හංස ගීතයද ගැයෙන්නේ මේ

පියා සලා දුර ආකාසේ
යන්නට හැදුවා තටු ගිලී ගියා
බොල් සුළගේ යයි
ඒ සිහිනය අද පුපුරාලයි

උඩරට කඳුකර | Udarata Kandukara by Chithral Somapala

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ
උඩරට කඳුකර සිරියා පරදන
රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

රට පන ගන්වන ජාතිය සුරකින
ජාතික ධනය අපේ
අපි ණයගැති වෙමු සුකොමල දෑතට
තේ දළු නෙලන ලඳේ

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

ලියලන දළු වල කරටිය හැමවිට
ඔබෙ නෙත් දෙසට නැමේ
දන මන පිනවන ඉමිහිරි පානෙකි
පිටරට යවන අපේ

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

විල්පත්තුවේ | Wilpattuwe by Chitral Somapala [2016]

පණ පිටින් මස් කලා..උකුස්සෙක්,
අලි පැටවු හුරතල්..පන්සලේත්..
සිංහලේ රකිමින්, ත්‍රීවීලේන්..
අත්මිදී අපි විල්පත්තුවෙන්..
විල්පත්තුවක් ගැන..
ඇයි කැක්කුමක්..
හුස්මක් නොගෙන..
දුවනා රැලක්..
ජිවිතේ.. මහා හිස්කමක්..
ඉඩමක් ගෙයක්
ඇයි ගහකොලක්..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..
වන සතුන් සැරිසරයි නගරයේ..
මහකැලේ ජාතියත් ඇවිලේ..
හංදියේත් බෝසතුන් බුදුවේ..
විල්පත්තු කැපී කැපී.. කොටවේ..
විල්පත්තුවක් ගැන.. ඇයි කැක්කුමක්..
හුස්මක් නොගෙන..
දුවනා රැලක්..
ජිවිතේ.. මහා හිස්කමක්..
ඉඩමක් ගෙයක්
ඇයි ගහකොලක්..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..

විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මිරිගුව පරදා | Miriguwa Parada by Chithral Somapala

මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා …
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා…

පර තෙරම සොයා දල රලමග
පහුකරන් …
දිගු ගමනට මගෙ වෙහෙසයි
ඔබ දුරුකලේ…
පර තෙරම සොයා දල රල මග
පහුකරන්…
දිගු ගමනට මගේ වෙහෙසයි
ඔබ දුරුකලේ…

මිරිගුව පරදා
තුරගෙකුගෙ වේගයෙන්…
ඉම් හමුවන තුරා පාවෙමි
රුකුලෙන් ඔබේ…
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන් …
දස දිග පුරා දෙනුවන
තියුනුව යොමා…

මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා …
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මං ආදරෙයි | Man Adarei (Me Wage Adarayak) by Chithral Somapala

වසන්නයේ මල් පිපිලා
හදවතේ පතුලින් ආ
සුවඳක් වෙලා විසිරීලා

මං ආදරෙයි නුඹට මගේ
ආදරී
එදා පටන් හදේහි රැඳුණු
ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

නිරන්තරේ මා හා ළඟින්
සිව් මංසලේ ගිය මාවතේ
සිටියා ළඟින් දෑතේ වෙලී
සුවඳක් වුණා වෙලිලා
පෙමින්

මං ආදරෙයි නුඹට මගේ
ආදරී
එදා පටන් හදේහි රැඳුණු
ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

මං ආදරෙයි නුඹට මගේ
ආදරී
එදා පටන් හදේහි රැඳුණු
ඒ රුවේ
සුන්දර ආදරේ අපි ගයමු
ලොවටම කියමු
ඔබෙ ආදරේ සදහට මාගෙයි
මෙතුවක් භවේ