මන්දාකිනි | Mandakini by Hiruni Prabha x Miran Archana [2022]

මා දුටුවා
නිවි නිවි දිලෙනා
එක තරුවක්
අවපස අහසේ
මා හඬනා බව දැකලා තනිවී
අඳුරේ
පෘථිවි තලේ

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

වළාකුළු වියන් තනා අපට සුභ පතා
තුෂාර බිදු වලා අතුළ නිම්නයන් දිගේ
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
අනන්තය දිහා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

මදු පෙරා ස්වප්න ගී කනට කොඳුරලා
සීත මීදුමෙන් වෙලා මගත පුබුදුවා
පාවෙලා පාවෙලා ක්ෂිතිජ මායිමේ
අපි ඇවිදන් ගියා අතින් අත් බැඳන්
සිහින ලොව පුරා

මන්දාකිනි දිගේ
අතිනත් බැඳන් අපි ඇවිදන් ගියා
අහස් ගඟ පුරා
ඹ්..හෝ..හෝ…
ඹ්..හෝ..හෝ…

written by Sudesh Jayantha Fernando