ප්‍රේමනීය උනුසුම | Premaneeya Susuma by Dinupa Kodagoda [2020]

ප්‍රේමනීයම සුසුම් සිර කර
හදවතේ ගැඹුරේ
වේදනා දෙන මතකයේ මායා.
සල රූ මවනා හිතේ අතරමං වී
මට ද මා නැති වූ ආදරේ..

දෙනෝදාහක් ලෝකයා
ඉවත හළ ජීවිතේ
ගැහෙන හුස්මේ කැටිව පණ නල
පුරා සැරිසරනා
අහිමි හිම්කම ආදරේ..

දෑත දිගුකර අඬගසා
වසා ගමි නෙත් පිය වසා
සියුම් රිදුමක් ඉතිරි කර දා
නික්ම යන මාවතේ සරනා

මට ද මා නැති වූ ආදරේ..
අහිමි හිම්කම ආදරේ..
මට ද මා නැති වූ ආදරේ..
අහිමි හිම්කම ආදරේ..

මට ද මා නැති වූ ආදරේ..

මහජනතාවෝ | Mahajanathawo by Nadika & Dinupa ft. THEEVRA

දහඩිය වගුරා කැටයම් ඔපලා
ඔටුනු තනන්නෝ
කම්කරුවෝ
කෙත පූදින්නට පස පෙරලන්නට
නගුල තනන්නෝ
කම්කරුවෝ

ඇඟිලි කපාගෙන මාල තනන්නට
සොරුන් හදන්නෝ
ගුරු දෙවියෝ
බුදුන් දකින්නට පාර කියා
විවරණ දෙන්නෝ
ගුරු දෙවියෝ

ප්‍රශස්ති කියනා වන්දිභට්ටයෝ
රාජ සභා හොබවන
මහ කවියෝ
විමුක්තියේ බලවේගෙට
උදාන ගී ලියුවෝ
පොළොවේ පය ගැටුණා
මහ කවියෝ
මහ කවියෝ

ඇඟිලි කපාගෙන මාල තනන්නට
සොරුන් හදන්නෝ
ගුරු දෙවියෝ
බුදුන් දකින්නට පාර කියා
විවරණ දෙන්නෝ
ගුරු දෙවියෝ

ඔටුනු තනන්නෝ කම්කරුවෝ
සොරුන් හදන්නෝ
ගුරු දෙවියෝ
ප්‍රශස්ති කියනා මහ කවියෝ
රට කරවන
මහ ජනතාවෝ

බැත සරි කරනා ගොවියෝ
බුදු මග කියනා ගුරු දෙවියෝ
විමුක්ති ගී ලියු මහ කවියෝ
රට කරවන
මහජනතාවෝ

හිට්ලර් වගේ රජවරු බිහි වන්නට
පාර කපන්නෝ ජනතාවෝ
ගාන්ධි මැඩ්බා කැස්ත්‍රෝ
නැගුවේ රට කරවන්නෝ
මහ ජනතාවෝ

මුදු උවන පින් බරයි | Madu Uvana Pinbarai by Dinupa Kodagoda [2021]

මුදු උවන පින් බරයි
බෝ බැතින් හිත පිරෙයි
පන්කුලියේ හිමි ඔබයි
ගුණ කඳ දිසෙන රුවයි
හදේ සතුට පිරෙයි
හිතේ බිය මග හැරෙයි
කළුගඟ නිසලව ගලා බසී..
නිසලව ගලා බසී..

සඳ රේණු බිම හැලෙයි
තරු කෙඳිති මනහරයි
බෝ සෙවන ඉන් පිරෙයි
හදේ සතුට පිරෙයි..
අවිදු ඝණඳුරින් මිදී කෙලෙසුන් කෙරෙන්
සොඳුරු බණ සිසිලසින්
කළුගඟ නිසලව ගලා බසී..
නිසලව ගලා බසී..

නිසල සෙල බිඳේ
සමිඳුගේ රුව මැවේ
බැති සිත දෑතින් නිමැවේ..
නිවන් යන මග දුරයි
නමුදු සිත හිමි ළඟයි
සසර කෙටි වනු හැඟේ
කළුගඟ නිසලව ගලා බසී..
නිසලව ගලා බසී..

සංසාරයේ මා සැළලිහිණි|Sansaraye Maa / Salalihini by Charitha Attalage

සන්සාරයේ මා…
හමුවී තියේ… දෝ…
දෑසේ හිනාවේ…
මා මත් වුනා දෝ…

මේ හුදකලාවේ…
සී…තල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ නේ…

මේ මල් තුරුල්ලේ…
ඔබ මල් කිරිල්ලියේ…
මගේ…සිනා..වේ…
අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී……

සුරංගනාවියක්ම දෝ…
මලින් උපන් ලියක්ම දෝ…
තනිවී කිම දෝ…
අසමි සමාවී…

සුරංගනාවියක් නොවේ…
මලි උපන් ලියක් නොවේ…
සොදුරු හැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ සංසාරේ…
රන් රස සේමා…
පෑහී…සැමදා…
ආදරේ…පෑවා…

ඇලේ දොලේ…
විලේ ජලේ…
ඉරේ හදේ…
ගහේ වැලේ…
ගැයුනේ අපගේ…
ප්‍රේම උදානේ…

ඔබේ නුවන්…
දිහා බලා…
කියන්න බෑ…
අහන්නේපා…
ආලහැගුම් ඇයි…
සගවන්නේ මා…

මේ මල් යායේ…
මල් පෙති… ගානේ…
ලියවේ…
අපගේ…
ආදරයේ…ගීතේ…

සංසාරයේ මා…
හමුවී තියේ.. දෝ…
දෑසේ.. හිනාවේ…
මා මත් වුනාදෝ…

මේ හුදකලාවේ…
සීතල සැදෑවේ…
ඔබ හමුවුනේ මා…
ගංතීරයේ මේ…

මේ මල් තුරුල්ලේ…
ඔබෙ මල් කිරිල්ලියේ…
මා…සිනා..වේ…

අද රෑ වුනාවේ…
හෙට එළිවුනාවේ…
මිහිරේ…
යලි හමුවේ දෝ…

මල් පවා…
ගැස්සිලා…
ලං වී බලාවී…

අප සොයා…
අද රැයේ…
තරු රංචු ගැසේවී…

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී

මනරම් නා මෙනෙවී
මේ ලවැලී තලේ
හිඳ මිණි වෙණ තත්
මැද රුවට රුවේ

ගයනා ගී මියුරු සරේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ
මේ ලවැලි තලේ
මෙහෙවරත් මගේ
මට අමතක වේ

නිල් වරල සදා
කඩුපුල් මලිනා
දිගු නීල නුවන්
දෙපසා ඉසිනා

විඳිනා ඔබ රූ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ
රූ සිරිය අගේ
සැළලිහිණි උනේ
පෙර පවට මගේ

නුඹ නා මෙනෙවී මම සැළලිහිණි
පණිවිඩය අරන් රැගෙන යමි
මේ කැළණි නදී අසබඩ තුරෙහී
සැනහී හිඳිමින් ගිම් නිවමී

ගිම් නිවමී

දැත දරා | Datha Dara by Ridma Weerawardane ft. Dhanith Sri , Methun SK , Supun Perera , Dinesh Gamage & Dinupa Kodagoda

දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන්
හිඳිනා අයුරු
මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල
හිත් වාරු බිඳේවී
ඔබ ලඟ මියුරූ

සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ
තුරුලේ ගෙවමූ
මා පැතු ඒ යුග නෙත් ආදර හිත් ආදරයෙන් හමුවීමයි හිමිවූ

මනහාරී නුරාවී නෙතු මානේ සිනාසී
තව ලං වී
පෙමින් දම් ගොතමී….
ගිම්ගානේ තුහීන ගෙනා ඔබෙන් මා නිවෙමී
සදා කල් හිදිමි
තරු යායේ පුරා හඳ වාගේ
වළාවක මාගේ ආලේ ලියමී

කුවේණි / Kuweni – Ridma Weerawardane ft. Dinupa Kodagoda

කුවේණියේ මා…
කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා…
රූබරියේ මම
ආලේ සොයා එනවා…

සලුව අරන් ගෙට
පලයං කුමරිය
නැවක නැගී මරු
එනවා කුමරිය

කුවේණියේ මා…
කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා…
රූබරියේ මම
ආලේ සොයා එනවා…

ව්යූ සලුව නොම…
හැරයන් කුවේණියේ…
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ…
කිලිටි දෙපා මඩ
තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ…

නිරිඳුන් නුබේ…
ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා…
මතු භවයේ මා
හමුවන තුරා…
ආලේ පසෙක ලා…
හිදිමී මෙමා…

සලුව අරන් ගෙට
පලයං කුමරිය
නැවක නැගී මරු
එනවා කුමරිය

කුවේණියේ මා…
කුවේණියේ මම
තම්මැන්නා එනවා
ඕ…
රූබරියේ මා…
රූබරියේ මම
ආලේ සොයා එනවා…

නිරිඳුන් නුබේ…
ආලේ නිසා
බොහො විපතක් වෙනා
නොවඩින් සදා…
මතු භවයේ මා
හමුවන තුරා…
ආලේ පසෙක ලා…
හිදිමී මෙමා…

Official Audio in VR:

 

Official audio on SoundCloud:

Artist:

facebook

YouTube

**All the credits goes to the original artists**