පෙම් කරන එක කලාවක් | Pem Karana Eka Kalawak by Api Machan

පෙම් කරන එක කලාවක්…
ඔබ කලාවට තක්සලාවක්…
පෙම් කරන හැටි කියා දෙන්නට…
නැති වෙලාවත් කලාවක්…

පෙම් කරන එක කලාවක්…
ඔබ කලාවට තක්සලාවක්…
පෙම් කරන හැටි කියා දෙන්නට…
නැති වෙලාවත් කලාවක්…

ආදරේ ආ යනු වරද්දා…
ආදරෙන් දඬුවම් කළා…
මං වැරැද්දූ කවි පේළී මට…
හොරෙන් කටපාඩම් කළා…

රෑට දිළිසෙන ඈත තරු කැට…
මෑත හිඳ ගණිනා හැටි…
කියා දුන්නා සිඹින හැටි මල්…
අතින් වත් අල්ලා නැතී…

වාරමක් | Waaramak by Api Machan [2017]

වාරමක් කියාපන්..
ඉතින් රුකුල් අරන්..
හේලං කඩේ…
ඔහේ තියෙද්දෙන්..
ගමේ රවුම් ගහන්නම්..
බැංචු කරත්තෙන්..
නෑනේ නුඹත්
ලගින් තියන් මං..
බැතත් ඉතිරිලා
නව අවුරුදු උදාවයි..
හිතත් ඉතිරිලා..
නගේ නුඹේ සිනා(හ්)වයි….

ඉරගල වැට්ලා…
පොද වැහි නිල්ලේ…
ඇයි+ඒ හොඳයි දැන් ඇති නොවැ අයියේ….
බොලං පොඩි නංගි ටිකක් හිටපන්…
පෙරහැරෙන් නෑපුරේ…
සකලයන් කනිසමේ…
දොරකඩින් ඇවිත් බලං හිඳිමි
අවුරුද්ද දොහේ….
බැතත් ඉතිරිලා
නව අවුරුදු උදා…වයි..
හිතත් ඉතිරිලා..
නගේ නුඹේ සිනා(හ්)වයි

ගොයම් කොලේ….
රබන් වැයේ…
ගහේ කොලේ…
සුවඳ දස අතේ..

මේ බක්මහේ මංගල්‍යයි අපේ…
ඇවිත් සනුහරේ..
ඉරේ ගම්කරේ..

ඒරොප්පේ ඉදන්..
අයියා ඇවිදින්…
ඈ…..
සුදු ඇත්තියෙකුත්..
ගෙන කරපින්නන්..

බොලං සුදු නෑනේ..
ටිකක් අහපන්..
ඔසරියෙන් සැරසිලා..
හේලයක් බැද තියා…
පය තියා නියර දිගේ ඇවිද යමුද හැඩවෙලා….

බැතත් ඉතිරිලා…
නව අවුරුදු උදාවයි..
හිතත් ඉතිරිලා..
නගේ නුඹේ සිනා(හ්)වයි..

ගොයම් කොලේ….
රබන් වැයේ…
ගහේ කොලේ…
සුවඳ දස අතේ..

මේ බක්මහේ මංගල්‍යයි අපේ…
ඇවිත් සනුහරේ..
ඉරේ ගම්කරේ..

වාරමක් කියාපන්..
ඉතින් රුකුල් අරන්..
හේලං කඩේ…
ඔහේ තියෙද්දෙන්..
ගමේ රවුම් ගහන්නම්..
බැංචු කරත්තෙන්..
නෑනේ නුඹත්
ලගින් තියන් මං..

ආ හහා හා……
ආ හහා හා……
හ්ම් හ්ම්හ්ම් හ්ම්ම්….
හෝ…ඕ…..
හ්ම් හ්ම්හ්ම් හ්ම්ම්..
හ හ හා….ආ……..

ඉර හැරෙන වෙලාවට | Ira Harena Welawata by Api Machan [2019]

ඉර හැරෙන වෙලාවට
තාම කවි ගොතනවාද
මහ රෑට නිදි නැතිව
මතක පොත ලියනවද
මන් දුන්නු වතුසුද්ද
ගහේ මල් පිපෙනවාද
අපරාදේ අපි ආපු
දුර කියලා හිතෙනවද ..

වරු ගනන් මුමුණන්න
කෙනෙක් දැන් ඉන්නවද
ගව් ගනන් අත් බැඳන්
දුර ගමන් යනවාද
පැය ගනන් පොඩි දේට
තරහ වෙලා ඉන්නවාද
මට කරපු තරමටම
ආදරේ කරනවද ..

ඉර හැරෙන වෙලාවට ..
තවමත් එදා මතක
මට වගෙම මතකයිද
නෙතු පියා ගන්නවත්
බැරි තරම් කරදරද
මට වගේ මට හොරා
ඔය ඇසුත් තෙමෙනවාද
කූඩු වී යන දාට
නොකියා යන් නෑ නේද…

ඉර හැරෙන වෙලාවට
තාම කවි ගොතනවාද
මහ රෑට නිදි නැතිව
මතක පොත ලියනවද
මන් දුන්නු වතුසුද්ද
ගහේ මල් පිපෙනවාද
අපරාදේ අපි ආපු
දුර කියලා හිතෙනවද ..

https://t.me/sinhalasongs