දන්නවද ඔයා | Dannawada Oya by Raween Kanishka [2014]

නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලා
හිතටත් නොදැනීම රහසේ කාලයා ගියා
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා

ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේ
උන්නු තැනම මං එදා වගේ කවුද කියනවද වෙනස් වුණේ
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා

තද කඳුලේ රස්නෙට ලොල් වී කෑ ගහලා නෙතු හැඬුවා මදී
හැම සංසාරේම මේ ලෙස හමු වී මේ විදිහට වෙන් වෙන්න ඇතී

නැවතත් ඔබ එයි
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා

මේඝනා | Meghana by Raween Kanishka ft. Pasan Liyanage [2022]

තරු පොකුරු පිපෙන
රෑ අහසේ සදක් තනි වෙලා
නිම් නොවූ සිනා කැන් කෝ අද
මුවක් ගොලු වෙලා

පෙම් කවක් ලියයි ඈ අද
සුදු රෝස පෙති පුරා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

නීල දෑස
කෝල බැලුම් කී නොකී කතා
හීන පුරන මැදියම් රෑ
සද කිනිති වසා

ඈ අන්ද සිතුවමේ තැවරූ
දේදුන්නේ රටා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මල් මකරන්දේ සුවද ගලා
ජීවිතේ පුරා
සිත කීරි ගැහෙන
නිමක් නොවන
හැගුම් කල්පනා

මහා මේඝයක දැවටී
ආවාදෝ සොයා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

සාදි | Saadi by Raween Kanishka [2021]

මටත් ලැබුනා මගේ ආලේ
පැලක් අටවා ඉන්න රහසේ
මලාලිය වී මගේ දිවියේ
සද එලිය යට ඉන්න සුවසේ

මටත් ලැබුනා මගේ ආලේ
පැලක් අටවා ඉන්න රහසේ
මලාලිය වී මගේ දිවියේ
සද එලිය යට ඉන්න සුවසේ

ඇවෑමෙන් ලබුනු මේ ආලෙන්
යාය පීදී කුරන් ඒවී
හමන සුලගේ දැවටි දැවටී
හිතත් නුඹ වෙත ඇදී යාවී

මැව්ව හීනේ නුඹව සරසා
විදින්නට බෑ හිතත් කැඩිලා
නුඹත් යනවා මගෙන් මිදිලා
වෙනත් හිතකට රූම දීලා

තවත් බෑ මට ඉන්න හීනේ
නුඹත් ආයේ එන්නේ නෑනේ
රිදුම් දෙයි මගේ හිතත් රහසේ
මාත් යනවා මගේ පාරේ

මතකයන් පොදි බැදන් සිතුසේ
සාදී නුඹ නමින් අහසේ
තරුවකුත් දිලුනා හීනේ

සුලඟ නුඹ සහ මම | Sulanga Numba Saha Mama by Raween Kanishka

කදුලු දිය වැව් යායේ
රහස් මුමුනයි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ

කදුලු දිය වැව් යායේ
රහස් මුමුනයි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ

නොකීවද දහසක් පැතුම්
කියන්නට ලංවී ඉතින්
තිබුනා හිත තිබුනා

අහන්නට උන් සෑම දේ
දරාගන්නම් පාලුවේ අද මා
තනිවීලා

ඔයාගෙන ඒ හීනේ
ඇවිද යමු අපි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
වැව් යායේ

කදුලු දිය වැව් යායේ
රහස් මුමුනයි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ

රහස් ගොලුවූ හදවතේ
දරාගත් හැටි දුක ඔහේ
පෙරදා අපි දෙන්නා

ඔය සුසුම් සුලගක් වගේ
කැලැබුවා රලු හිත මගේ
හැරදා මා හැරදා

ඔයාගෙන ඒ හීනේ
ඇවිද යමු අපි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
වැව් යායේ

කදුලු දිය වැව් යායේ
රහස් මුමුනයි ආයේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ

මලෙන් උපන් | Malen Upan Samanali by Raween Kanishka & Nuwandika

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

හිනා වෙන්න…ලගින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න… ලගට එන්න
මලෙන් උපන් සමනලී

මුලා වෙන්න එපා ඔන්න
මේ පාරේ පියාඹන්න
පෙම් කරන්න උගන්නන්න
මලෙන් උපන් සමනලී

මහනපුරන් එකතු වෙලා
නපුරුකමක් කලදෝ
මගෙන් ඔබට හිත රිදිලා
ලොවම එපා වෙලාදෝ

හීන දකින වෙලාවේ
චුට්ටක් බය උනා නේ
ලොවම කතා වුනාවේ
ලගම සොදුරු ඔයානේ

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුනී
හිතේ තැනක් රිදුනොතින්
තුරුලට එන්නම්

හිනා වෙන්න…ලගින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න… ලගට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ලගින් ඉන්න
බයයි රෝස සමනලී

සංසාරේම මේ වාගේ
දෑස් ලගම ඉන්නකෝ
රිදෙන තැනදි ඔය වාගේ
ආදරේම දෙන්නකෝ

ලොවම එරෙහි උනාවේ
කාලය නැවතුනාවේ
මගේ දෙතොලේ ඔයාගේ
කම්මුල් මල් තලාවේ

පැතූ ලොව | Pathu Lova by Raween Kanishka

පැතූ ලොව අද අපට හිමි නැති
නොපැතූ ලොව අප ළඟට වී ඇති
නුඹත් නොසිතූ මමත් නොසිතූ
ලොවක් ළඟ අප නැවතී
සොඳුර මේ අප දෛවයයි

මමත් නුඹගෙයි නුඹත් මගෙමැයි
කියු ආදර කතාවක්
නුඹට හිමි නැති මටත් හිමි නැති
වැරදි නෑ අපි කවුරුවත්

නුහුරු නුපුරුදු හැඟුම් මියැදී
ලංවී හද සෙනෙහසින්
දිනක් ඒවි අපි අපේ වෙන
කාලයට අපි දෙමු ඉඩක්

සුපිපිලා නිල්විල් තලාවේ | Supipila Nil Vil Thalawe by Raween Kanishka

සුපිපිලා නිල්විල් තලා…වේ
සුවඳ දී රහ…සේ
හිත මා ලඟ රඳවා….ලා
හද සැනසුම් ගෙනාවේ….
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා….. හද…වතේ…..

හසරැලි මුව ගවසාලා
සිතුවිලි විල කළඹාලා
සඳ සේ රැය පා…යා…
ආලෝකය විහිදා…ලා…
හද සැනසුම සරසාලා
අප මිතුදම දේ ආශා

දුක සැප නිති විමසා….ලා
කඳුලැලි නෙතු පිසලා….ලා
ගෙන දී සඳ සේ…යා
ජීවිතයට ළං වී…ලා..
හද සැනසුම සරසා…ලා
අප මිතුදම දේ ආශා…

සුපිපිලා නිල්විල් තලාවේ
සුවඳ දී රහ…සේ
හිත මා ලඟ රඳවා….ලා
හද සැනසුම් ගෙනාවේ….
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා….. හද…වතේ…..

සිහිනය | Sihinaya by Raween Kanishka ft. Falan Andrea

මටත් තියෙනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වාගේම
විදින්නට හැකි ප්‍රේමයක්

මටත් තියෙනවා ප්‍රේමයක්
ලොවෙන් සගවා සිතින් විදිනා
දරාගනු බැරි ප්‍රේමයක්

අසරණව සිත ඉකිගසා
රෑ කල නිදා නොනිදා
පහන් වන විට
හොරින් අවුදින් සිහිනයක් වාගේ
නිවාලන සිත අරුමයක් සේ
සියුම් සියුමැලි ප්‍රේමයක්
මටත් තියෙනවා ප්‍රේමයක් …

ඉරිතලා දෙදරා පැලී ගිය
හද නිවා සනසා…සුව කරන්නට
මහා වැස්සක් වගේ කතරට…
වැටී වියරුව ගලන දස අත
ගැඹුරු හර බර ප්‍රේමයක්

මටත් තියෙනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වාගේම
විදින්නට හැකි ප්‍රේමයක්

අතින් අත අත් හැරුණු | Athin Atha Ath Harunu by Raween Kanishka

අතින් අත අත් හැරුණු
පෙම්වතුන් අපි තවම
මේ ගමන ඇවිද යමු
හිතින් හිත හදාගෙන …….

අතර මං වී හඩන
අපි අපේ හිත් ගාව
විරාමය තියන්නේ
ජීවිතේ කවදාද
ජීවිතේ ……… කවදාද………..

කියා යන්නේ කවුද
අවසාන ගමන වග
දමා යන්නේ කොහොම
අතීතය නුඔ ගාව
අතීතේ ……
නුඔ ගාව……

සඳ නිදන්න | Sanda Nidanna by Raween Kanishka

ම්…ම්….
හා..හා…ම්…ම්….

සඳ නිදන්න.. ඔය ආදර ඇස් දෙකේ

ඉඩ තියන්න.. සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න..

සඳ සීත ගෙන එන්නෙ ආදරේ..
දඟකර නිල් දෑස මානයේ..
ගුලිවෙන්න රතු⁣ රෝස හීනයේ..
ළඟ ඉන්න තුරුලෙම මා ළයේ..
අඩවන් දෑස කිවේ..
ජිව්තේ අරැතමයි සංවරයි මැණික මාගෙ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න…

සමණලිය තටු සලන යාමයේ..
මල් සුවඳ මකරන්ද මාරුතේ..
දෙතොලතර සුසුම්න්ද මේ රැයේ..
නිල්මල් විලෙන් හීන වෑහුනේ..
මුසපත් සේද යායේ
උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මගේ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ

ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න….