මලෙන් උපන් | Malen Upan Samanali by Raween Kanishka & Nuwandika

Sinhala song lyrics with music notes illustration

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

හිනා වෙන්න…ලගින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න… ලගට එන්න
මලෙන් උපන් සමනලී

මුලා වෙන්න එපා ඔන්න
මේ පාරේ පියාඹන්න
පෙම් කරන්න උගන්නන්න
මලෙන් උපන් සමනලී

මහනපුරන් එකතු වෙලා
නපුරුකමක් කලදෝ
මගෙන් ඔබට හිත රිදිලා
ලොවම එපා වෙලාදෝ

හීන දකින වෙලාවේ
චුට්ටක් බය උනා නේ
ලොවම කතා වුනාවේ
ලගම සොදුරු ඔයානේ

මලෙන් උපන් සමනළී
රෝස කැලෙන් හමුවුනී
හිතේ රිදුන තැන් බලා
හෙමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුනී
හිතේ තැනක් රිදුනොතින්
තුරුලට එන්නම්

හිනා වෙන්න…ලගින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න… ලගට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ලගින් ඉන්න
බයයි රෝස සමනලී

සංසාරේම මේ වාගේ
දෑස් ලගම ඉන්නකෝ
රිදෙන තැනදි ඔය වාගේ
ආදරේම දෙන්නකෝ

ලොවම එරෙහි උනාවේ
කාලය නැවතුනාවේ
මගේ දෙතොලේ ඔයාගේ
කම්මුල් මල් තලාවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply