සිහිනය | Sihinaya by Raween Kanishka ft. Falan Andrea

Sinhala song lyrics with music notes illustration

මටත් තියෙනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වාගේම
විදින්නට හැකි ප්‍රේමයක්

මටත් තියෙනවා ප්‍රේමයක්
ලොවෙන් සගවා සිතින් විදිනා
දරාගනු බැරි ප්‍රේමයක්

අසරණව සිත ඉකිගසා
රෑ කල නිදා නොනිදා
පහන් වන විට
හොරින් අවුදින් සිහිනයක් වාගේ
නිවාලන සිත අරුමයක් සේ
සියුම් සියුමැලි ප්‍රේමයක්
මටත් තියෙනවා ප්‍රේමයක් …

ඉරිතලා දෙදරා පැලී ගිය
හද නිවා සනසා…සුව කරන්නට
මහා වැස්සක් වගේ කතරට…
වැටී වියරුව ගලන දස අත
ගැඹුරු හර බර ප්‍රේමයක්

මටත් තියෙනවා ප්‍රේමයක්
මගේ නොවුනත් මගේ වාගේම
විදින්නට හැකි ප්‍රේමයක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply