ඔබ දෙපා දොවා | Oba Depa Dowa by Chandralekha Perera

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුළැල්

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුළැල්

පූජාසනය අඳුරුයි
විමනේ පහන නිවිලා
මා දෑස දුකදුරු වෙයි
ඔබගේ නමින් යදිනා

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුළැල්

ආයාචනය ඔබටයි
දෙවිදේ මසිත දරනා
මේ යාතිකා ගැයුමයි
ඔබගේ සරණ පතනා

ඔබ දෙපා දොවා බැතියෙන්
මා පිදු පැතූම් පියුමන්
පෙති තලා දමා මලසුනේ හෙලා
මට තබා ගොසින් කඳුළැල්

written by Kularatne Ariyawansa