රුං ගානා | Run Gana by Kochchi, Jizzy & Kaizer Kaiz [2022]

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

ඔය දෑසේ මා පැටලිලා
නිදි නෑ රෑ හීන ඉහිරිලා
හිත අස්සේ මා හිර වෙලා
ඔබේ සුසුම් ඉල්ලලා

ඉඟ නෙරියේ මත්වීලා
මධුවිත ගා රත්වීලා
හිත බැඳුනූ රූ නාරී
බැදේවී තුරුල්වෙලා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

හඳපානෙ මං යන්නේ මොකටැයි
හඳ ගාව මට සුර සැප නන් එමටයි
බොරුව චාටුව නම් මට අකැපයි
මට දෙන්නෙ කෝමද මම දෙන්නෙත් එහෙමයි

මට නම් පුරුදුයි කොච්චි සැර
පැණි රා හෙව්වෙ නෑ මං කොච්චි හැර
ලං වෙලා අනිත් උන් තොල් ලොංචි කර
වල් පැල හෙව්වෙ නෑ මල් පෝච්චි වල

ගහම මගෙ නම් මොටදැයි අත්තක්
මුලම දුන්නෙ නුබ මට හාද්දක්
ලඟට වරෙන් කියන්න බඩ්ඩක්
මම ආදරෙයි නුඹ ඉතිං පිලි නොගත්තත්

කෙල්ලො ඇති ඉතිං නානාප්‍රකාර
උඹ ලඟදි උන් ටික වෙයි විකාර
ඉඹපන් මාව ඕන නෑ විරාම
රුංගානා තාලෙ දීපන් රෑ පුරාම

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

written by Kalani Nadeesha & Kaizer Kaiz