මා බිසෝ | Ma Biso by Dilan Nuwaragedara ft. Tharindu Damsara

මන්ද්‍රි මා බිසෝ
මේ සංසාර චාරිකාවේ
අතැර සුව පිරි නුවර
මේ වංකගිරි කොළඹ
කටු තුඩු මතින් දුවන
මන්ද්‍රි මා බිසෝ
මේ සංසාර වන්දනාවේ

දුටු දනන් පිනන නීල නෙතු සඟල
කඳුළු පිසදා සිනාවෙන කොපුල
ආලයෙන් පිරුණ සුදෝ සුදු ලැමැද
වියලුනාදෝ දිය පිරුණු විල
මන්ද්‍රි මා බිසෝ
මේ සංසාර වන්දනාවේ

සිටු මැදුරු පිස ශෝකයෙන් යුතුව
නුරාවන් මවා රාගයෙන් වෙලෙන
පාපයෙන් යුතුව හාද වී සුළඟ
මියැදුනාදෝ රොන් පිරුණු මල
මන්ද්‍රි මා බිසෝ
මේ සංසාර වන්දනාවේ

Lyrics by Dilan Nuwaragedara

අග්නි දේවතාවී | Agni Devathavee by Dilan Nuwaragedara ft. Tharindu Damsara [2020]

ගින්නෙන් උපන් දේවි
ළය මඩල අවුලාවී
විටෙක දැවෙනා හදේ ගිනි
ඈ නිවාවී..
නෙත් දැහැනේම පේවී
හීනෙකට ඈ වඩීවී
නිදි නැති රැයේ කෙහෙරැලින්
මා දවාවී….
අග්නි දේවතාවියේ
ගින්නෙන් උපන් දේවී..

මලක රොන් ගෙන යන්න
බමරු එහෙමයි දන්න
මලම ඉල්ලයි බමර පහසින්
කටු පිරුණු නටුවක් වී
මා රකින්න

සුළඟ සේ නුඹ එන්න
ඇවිත් මා සිපගන්න
වෙලී සියොළඟ සුවඳ අරගෙන
හැඟුම් නැති මාරුතය වී
පෙති සලා හැරයන්න…