කරඹ මල් | Karamba Mal by Sashika Nisansala ft. Bachi Susan

කරඹ මල් තලා
යන අයුරු බල බලා
හිතවත්කම් නැති ගොම්මන් යාමෙ තනි උනා
රුදුරු තැනිතලා පසුකරන් හෙල් පවා
එක හැල්මේ යන ගමනේ
මට මාව නැතිවුණා

හංගා මයෙ ආලේ
වින්දා ඇහි දාරේ
නින්දා වැහි කෝඩේ
තනිවුනු දා…
මට නැතිවුණු ආලේ
ඉරිතැලෙනා හෘදේ
නුඹ හින්දා ප්‍රාණේ ඉකිබින්දා…

නුඹ ගිය පාරේ මල් පිපුණාද ආයේ
නෑ දන්නේ හිත රිදුනේම මාගේ
සුවඳට නුඹගේ හිත උතුරන්න පිරුණේ
සංසාරේ එක සුවඳයි දැණුනේ…

වැව ඉරිතලා ගියා
වැව් ඉවුරෙ තනී වුණා
අපි ආයේ හමුවෙන්නෑ මේ භවයේ…

හංගා මයෙ ආලේ…

written by Manuranga Wijesekara

සිත් ආරණ්‍යයේ | Sith Aaranyaye by Bachi Susan [2022]

දෝතින් දරා මල් පුජාසනයේ
දැහැමින් රැදෙන්නම් රූ ආලින්දයේ
පායා ඇවිදින් සිහින ඍතුවේ
මා හට ඉඩ දෙන්න සිත් ආරණ්‍යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

නුඹ සොයනා හිරු එළිය අද මා සතුයි
මා සොයනා නෙතු දැහැල නුඹ රූ සතුයි
රොන් සොයනා බඹරෙකු නොව අද මට තනිකම උරුයි
පෙම් කරනා විට මහද සෙනෙහස ගොළුයි

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

පාවී ඇදී එයි සුසුම් සුවඳ ඔබේ
ආශා හැඟුමන් දැනෙනා වස්සානයේ
පිය මැන එන්නම් සොයමින් ඔබේ තුරු සෙවණේ රැඳි
මග එළි කරනා සඳකැල්ම ඔබ වේ සොඳුරෙ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

පායා ඇවිදින් සිහින මේ ඍතුවේ
මා හට ඉඩ දෙන්න ඔය ආරණ්‍යයේ
මට ඉඩ දෙන්න ඔය සිත් ආරණ්‍යයේ

written by Sanath Gamage

ආදරේ පාරා යාවිනම් | Adare Paraa Yawi Nam by Bachi Susan

ආදරේ පාරා යාවිනම්
රෑ පුරා කඳුලේ මා දවා
ජිවිතේ පෑරූ කාරනා
මා සිතේ ගැඹුරේ මා දරා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

ආදරේ රිදවා මේ තරම්
දුක ලැබී ගලනා වේදනා
මා දරා හිඳිනා කාරණා
ඔබෙ සුවේ පතමී සැමදා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

හඳ ගැබුරේ වේදනා
විඳගමි මා චෝදනා
හිමි නොවුනා තනිවෙමි මා
එක්වෙනු බෑ යළි ඔබ හා

සිතුවිලි | Sithuwili by Drill Team ft. Bachi Susan, Samith Gomes

ඇතිවෙන සිතුවිලි පීඩාවක් වීඩාවක්
නෑ නේ දැන් සීමාවක් නිමාවක්
ඕනේ දැන් පියාපත්
කලින් වෙන්න වියපත් පියඹන්න දිශාවක්
මූනේ නෑනේ හිනාවක්
හොයා ගන්න නිවනක්
ඇඳිවත සේනාවක් පෙන්වන්නම් දිශාවක්
මැවු ලොව දෙවියන්
අරුම වරද මිනිසා මවලා නරුම
වෙලා ඔබ මිත්‍යාව මවා උනුත් විද්‍යාව
දැක මට උන්මාද හද දෙන්නේ නිම්නාද
දුක දන්නේ වින්දාම
සල්ලාල හිත ඉල්ලන්නේ මත
කාලය දැවෙන්නේ කාගෙත් දැන්
ගින්නෙන් කුස
අනිත්‍ය දෙසුමක් (සාධු)

නිත්‍යව මලගම තිබ්බකම මිනිසත්
ස්වභාවේ මුවා වී යථාර්ථය මැවීමක්
සිහින වෙද්දි නිවීම සින්න වෙද්දි තැවීම
මිල ගද්දි හැඟීම පියාන විඳීම
යාන්ත්‍රික ඉන්දීමක් ඉල්ලීම් නම්
කෝමත් දැන් මායාවක්
ධනපති ක්‍රමය නිර්ධන ශ්‍රමය
සමාජේ විශම දුවන ක්‍රමය
තරඟෙට වැඩිවෙලා ජීවන සුසුම
පුස්වේද මුසුවේද පාලන විශය
දේශය නිහඬ ඉන්නේද බියට
අල්ලලා දැම්මොතින් විලංගු ඉවද
විප්ලවේ ලැබෙන්නේ විමුක්ති ජයමයි
කාටත්ම නියත

ඇදෙනා සිතිවිලි වල චායා
නමනා තුරු දෙපයින් පාගා
මැකෙනා තුරු ඒ දෙස බලන් ඉඳලා
අමනාප වී හිත මා හා
උදුරා දැමුවා පතුලෙන් හාරා
යනවා නොපෙනී කඩදාසි ඉරලා
ආ……… නොසයන් මා
මිහිදන් වූ ලේ මේ…….. (වෙස්ට් නා)

ඇතිවෙන සිතුවිලි පීඩාවක් වීඩාවක්
හොයනවා හිත නොනවත්වම යානාවක්
යන්න මෙහෙන් මිදි හෙලවෙන්නේ නෑ කිසිවක්
හිත තාම නිදි
හිරි වැටි දනහිස් නැගිටින්න බෑ
දැන් නිදි ඇඳිරි හතලිස්
පෙනෙන්නම නෑ පැහුනු කෙස් අතර
නලියනවා දැනෙන පරණ හිස් කබල

ඔයා ක්‍රිප්ටන් යන වෙනුවට තෝරගත්තා
වටලන්න රවුම ලිප්ටන්
රොබින් හුත්තා විස්ටන් ඇල්බියන් අසිපත
බිම දමා රජවෙන්නේ ගිස්බන්
ඇතිවුන සිතුවිලි ගතවුනු
ඇසිපිය නොසලා බලා හිඳන් මට මම ඇතිවුන
හමට යටින් මම මතුවන පිල්ලයක්ම
උනා ගලන ලෙය තුල පැතිරුන
සිතුවිලි අද සීකඩ වෙනස් වෙලා කලින්
කී කල දේ මිහිමත මා බිහිකල
මිනිසුන්ගේ එපා හුළඟවත් සීතල

අලු උනා හිරු රැස් වලින් අලුයට තිබ්බ ගිනි
පුපුරන් පිටවුනාවේ ඇස් වලින්
කොළ හැලුනාවේ ගස් වලින්
සාගින්නේ පිරුණු ජීවිත
යට වුනාවේ පස් වලින්
ගොතගසන් කට්ටිය කීව වචන අකුරු කරන්
හුරු අතින් ලීව ගුලි කරන්
නිදහසේ විඳවීම උරුම මිනිසුන් හට පලක්
වෙන් නෑ ලෙය දන්දීම
යන මග අකුලන්
ඇස වසාගෙන හිස් ඔලු ළඟින් කොඳුරන්
බිලි ගන්න කලින් හතුරන්
ගනින් හුස්ම ඉඳන් උගේ ළඟින් කඹුරන්

ඇදෙනා සිතිවිලි වල චායා
නමනා තුරු දෙපයින් පාගා
මැකෙනා තුරු ඒ දෙස බලන් ඉඳලා
අමනාප වී හිත මා හා
උදුරා දැමුවා පතුලෙන් හාරා
යනවා නොපෙනී කඩදාසි ඉරලා
ආ……… නොසයන් මා
මිහිදන් වූ ලේ මේ……..

බඹර නාදේ | Bambara Nade by Bachi Susan ft. Shanika Madhumali

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

ප්‍රාර්තනා තවරා ආදරේ

ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇගිලි තුඩු තදකර මගෙ නලලේ
සිබින සියුමැලි නුබෙ දෙතොලතරේ
ගැබුරු හද කැලබුව ඔය කදුලේ
රහස නොහැගේ මගෙම ළදුනේ

ආ….

දෑත් විදා ලමැදේ ආදරේ
දෙන්න විදගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ

ලබන හැම ආත්මයම ඔබගේ
ළගම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දීම් දිවි කතරේ
නොයමි රහසේ රකිමි පනසේ

බාචි සුසාන් (Mashup) | Bachi Susan (Mashup) by Bachi ft. Kanchana Anuradhi

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා

ඈත ඈත අම්බරේ
පාවෙලා ගියත්
ආදරේ වෙනස් වුනේ
ජීවිතේ ගියත්

නිම්හිම් නොවූ
ආදරේ සිතුවම් කලා
හැගුම් පහසින්
රහසක් කිව්වා

හිත හිරි වැටුනාදෝ
ඇස් දෙක දැකලා
එවන්නද ආදරේ
සුසුමක තියලා

ගිම්හානේ ගිනිදැල්ල ආවත් කමක් නෑ
අපට බාදා නොදී
උන්මාද මිහිදුමද
නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ

සීතලේ උනුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේරාවකී

සරත් සදේ රැයක
මුදු සුවද දරා ගන්න
හිතවත් පෙම් කතාවක්
සුළගට මුමුනන්න
වරා මලින් මලට
මල්වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට
කියලා දෙන්න

හැගුම් විහැගුම්
තුරුල් වෙතී
සිතුම් සිතුම්
ඉගිල්ලෙවී
ඔබේ දෙනුවන්
වහදැවී
මාගේ දෙනුවන් පුරා විහිදේ

ප්රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය

විසේකාරි

ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ

විසේකාරී

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

හිමි නොවුන නෙතු | Himi Nowuna Nethu by Bachi Susan

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..

හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..
මගෙ හිතම පිරවූ එදා..
එක වචනයක් වත් කියන්නට තරම්..
හිත දෙන්නෙ නැතිවද මෙදා..

ආ..දරෙන් දෑත අල්ලන්..
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..

සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා..
අද නම් ඔයා ලස්සනයි..
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා..
මගෙ හිතට දැන් හරි බයයි..

පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා..
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා..

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..

සසර කින්නරාවී | Sasara Kinnaravi by Bachi Susan ft. Hirushi [2021]

සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ

ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ

දෙතැන තනිවම එකම හීනෙට
සුවඳ සොය සොය නැගු පියවර
එකම මාවත එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ

සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී

සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ

ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ

ආදරේ මල් පිපී හිනැහෙන
සෙනේ වැහි මල් කිනිති නහවන
සොඳුරු ලොවකට එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ

සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී

චන්න කින්නරාවි | Channa Kinnaravi by Bachi Susan [2012]

ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි

රළු පොළොව මතින් දිලෙනා
විඩාබර දිගු ගමනේ
මුදු සිනිදු දෙපා රිදෙනා
වේදනා සුසුම් අතරේ
ආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි

ස්වේත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරු
ජිවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්
මා එක්ක එනවාද චන්න කින්නරාවි
මා එක්ක එනවාද චන්න කින්නරාවි…

සඳ නිවීගිය රාත්රියේ තාරකා ගොළුව ඝන අදුරේ
ළය මතින් වැතිරි සොඳුරු හීනයකට ඉඩ දී
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි
හිනැහෙන්න පුළුවන්ද චන්න කින්නරාවි

සරත් සඳේ | Sarath Sande by Bachi Susan & Charith Abyesinghe [2009]

සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න

හැඟුම් විහඟුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ

ගිම්හානෙ ගිනි දැල්ල ආවත් කමක් නෑ
අපට බාදා නොදී
උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ
රැදෙයි අප තුරුලේ

සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්..
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හේදාවකී..
හේ.. ඕ.. ඕ.. වෝ..

හේමන්තයේ වැටෙන වැස්සෙන් කමක් නෑ
අපට අප සෙවනකී
ප්‍රේම හිම පියලි අහසේ නිමක් නෑ
අපට අප පමනකී

සීතලේ උණුසුම ඇති මේ තරම්
දරාගන්න හිත හයිය නම්..
දෑතේ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක සිහින හෙදාවකී..
හේ.. ඕ.. ඕ.. වෝ..

සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න

හැඟුම් විහගුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ

හැඟුම් විහඟුන් තුරුල් වෙතී
සිතුම් සියොතුන් ඉගිල්ලේවී
ඔබේ දෙනුවන් මා හා දැල්වී
මාගෙ දෙනුවන් පුරා විහිදේ