නෙලුම් විලේ නෙලුම් | Nelum Vile Nelum Nelana by Danapala Udawatta

නෙලුම් විලේ නෙලුම් නෙලන නෙලුම් කුමරියේ
නෙලුම් විලට රුව කැන්දන මල් ගෝමරියේ
නෙතඟ බැලුම් හෙලා සිහින් සිනා සලා
මට ආදර බහක් දෙන්න මගෙ සුරතලියේ

ඔරුවේ නැගී ගඟේ ගිහින් කෙකටිය කඩලා
ඉරටු පොටක ඉඳුණු කිරල වැලක් අමුණලා
මං ඔයාට අරගෙන ආවා
කරබාගෙන ඉන්නේ මොකද හිනාවෙන්නකෝ

කන්දෙ ගෙදර සිරිමලියත් දීග ගියානේ
මන්ද ඔයා මට මේ ගැන බහක් නොදෙන්නේ
දිවා රැයේ සිත ලතවෙනවා
හේනේ කුඹුරේ වැඩපල ටික අතපසු වෙනවා

මෝඩයා නුඹ හරි | Modaya Numba Hari Modaya by Danapala Udawatta

මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

ගෝලයා නුඹ හරි ගෝලයා
ගියොත් හොඳයි ගුරාගේ පාරේ
මාරයා කරුමක්කාරයා
නුඹට කවදා හරි දවසක තේරේ

පණ්ඩිතයට ඒදණ්ඩෙත් යන්ඩ බෑ
ළමයෝ පිං පඩියට පන්සලේ නවතින්ඩ බෑ
ළිං පඩි උඩ නොතෙමි වාඩිවෙන්ඩ බෑ
මේ ගුරෙකු නොමැති කියු ගෝලයෝ ඉන්ඩ බෑ
ලූලා නැති කල කනයලු බලවතා
පොහොසතා වගේද දිළිඳු පැලක දුප්පතා
පිං තකා වගේලු කරඬුව ගෙන යන ඇතා
මිනිස්සුන්ට වඩා ගුණවත් තිරිසන් සතා

මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

ප්‍රාණයක් නැතිව කෙනෙකුට උපදින්ඩ බෑ
හානියක් නැතිව කෙනෙකුට මිය යන්ඩ බෑ
මරණයක් වෙතොත් නැවතත් පණ දෙන්ඩ බෑ
දෛවයක් නැතුව නම් ජීවත් වෙන්ඩ බෑ
නිල මැස්සට මලකින් රොන් ගන්ඩ බෑ
ඔය කළු කපුටට කෝකිලයකු වෙන්ඩ බෑ
ගහට ගහක් මොරටුවේ හමුවෙන්ඩ බෑ
මෙන්න මේ කියමන කිසිදින බොරු වෙන්ඩ බෑ

මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

මාමා කුරු කුරු | Mama Kuru Kuru by Danapala Udawatta

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා
ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ
කොහේ ඇදෙයිදෝ මේ කොහේ රැඳෙයිදෝ
කොහේ රැඳෙයිදෝ ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

තල්ලු පිරූ සෙම්බු තාලෙ හිස් කරපල්ලා
මද්‍යහනේ ගමේ කතා අත හැරපල්ලා
රැයක් ගෙවෙයිදෝ ඉරක් නැගෙයිදෝ
ඉරක් නැගෙයිදෝ මේ රැයක් ගෙවෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා

මාමා කුරු කුරු ගෝ ගංගා
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
මාමා කුරු කුරු ගෝ ගංගා

මා ආදරණීය මගේ | Ma Adaraneeya Mage by Danapala Udawatta

මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයි
මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි

අව්ව වැස්ස රෑ දාවල් එකයිනේ අපට
එකම හිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට
කිසිම භයක් දැනෙන්නෙ නෑ කොහොමත් සිතට
සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට

වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා
අම්මවරුන් පා යුග වැඳ පුදන්න ඕනා
අම්මේ ඔබ කල සේවය සදහට අගනා
ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොඳිනා

අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න
මේ සටනින් මා මියගිය දවසක ඔන්න
මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න
බාල පුතත් හමුදාවට භාර කරන්න

මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයි
මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි

ගින්දර පිටවෙන්නට | Gindara Pitawennata by Danapala Udawatta

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා
කොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාල හඬනවා

පොළියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි
හවසට දෙන්නම ඕනේ
අනුකම්පාවක් නැති සිල්ලර කඩෙ මුදලාලිත්
බැනගෙන ගෙදරට එන්නේ
ඉස්පිරිතාලෙ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු
බෙහෙතත් කොහොමද ගන්නේ
අල්ලපු වත්තෙ තියෙන බණ ගෙදරට නොගිහින් බෑ
කොහොමද නිකම්ම යන්නේ

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා

වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයො
මොකදැයි මාළු නොකන්නේ
පා පැදි වල පටවල මට ඉස්සර වෙලා ආපු
අයගෙන් මාළු අරන්නේ
ඉඳහිට කතා කරල ගන්න හදන කෙනෙක් වුනත්
ණයටනෙ අද ඉල්ලන්නේ
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නෙ
විසඳුම දෙන්නට ඉන්නේ

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා
කොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාල හඬනවා

කියයි මිහිරි කතා | Kiyai Mihiri Katha by Danapala Udawatta

කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා

රුන්ද රුන්ද ගත මල වට බඹරු නටන්නේ
ඇයි මන්ද මන්ද මගෙ හදවත ඔබට ඇදෙන්නේ
නුවන් බදන රුවන් දසුන
ඔබයි සොදුර සිත නළවන
සැපතකි මට ඔබේ සෙවන
එන්න දයාවී

කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා

මන්ද මන්ද මැණිකේ ඔය ඇස් දෙක රතු වී
මම සන්ඩු වුනේ ඔච්චමටයි එදා තරහ වී
සවන පිනන මන බන්ධන
ගී අසමින ඔබට ගයන
මගේ පුන්චි පැල ඇතුලට
එන්න දයාවී

කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
කියයි මිහිරි කතා නිතර රසට ගොතා
බොලද සුපෙම් ලතා මලකි නාරි ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා
ඔමරි කරන ලතා සුවද සමන් ලතා
ආවෙමි හද පතා හිනා වෙයන් ලතා

ඈ නීල වරල පීරලා | Ae Neela Warala Peerala by Danapala Udawatta

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා

සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී
සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී

වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා

සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී
සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී

ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ
ඔබ දුටු මගෙ හද පිනා ගියේ
සුර ලෝව සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ

සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී
සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී

හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ

ඈ නීල වරල පීරලා ඈ

සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී
සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී

මං ඉතාලියේ තනි උනා | Man Italiye Thani Una by Danapala Udawatta

මේ ඍතුවේ..මිලානෝ සීතලයි
ඒ සීතලේ, ඔයා නෑ හිත පෙලයි
දූමො පල්ලියේ දේව හාස්කම රැසයි
ඇසින් දුටුවනම්, ඔබ උනත් එය සිතයි
එට්නා ගිණි කන්ද ඇවිලුණා..
සිත නිවාගන්න තවම බැරි වුණා ..

සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..
ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..
වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා..
කෝමො මං ඉතාලියේ තනි උනා..

පාදොවා මෙත් විලේ සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේ..

බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකනුවේ සිහින දේවතාවියේ..
ඉතාලියේ පීසා කුලුන හමු වුණා ..
හරිම ලස්සනයිනෙ මම පුදුම වුණා ..

සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..
ජෙනෝවා , මෙසීනා , ඔබට මා රැවටුණා..
වෙරෝනා, මරීනා කර්මෙලා ,තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා..
කෝමො මං ඉතාලියේ තනි උනා..
අල්ලෝරා මං ඉතාලියේ තනි වුණා ..
චාඕ මං ඉතාලියේ තනි වුණා ..

රංග නදීකා | Ranga Nadeeka by Danapala Udawatta

රංග නදීකා යන්න ගියා මා දා..
ආයේ නදීකා එන්න එපා මා හා..
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ..
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ..
ඔයා..හැමදාම බොරු කිවුවේ රැවටෙන්නත් බෑ..
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ..

ආයේ නදීකා එන්න එපා මා හා..
රංග නදීකා යන්න ගියා මා දා..

ඔබෙ සිත මා ලග මග සිත ඔබ ලග කිවුවා මතකයි නේ…
වෙන පෙම්වතෙකුට.. ඔය හිත දෙන්නට ඔබ ඇයි බොළද වුනේ…
වෙනතක යනවා.. මැවි මැවි පෙනෙනවා මගෙ හිත සසල වුනේ..
මේ අසරණ හදවත් රිදවන්නට ඇයි.. ගැහැනුන් චපල වුනේ…
මම තනිවෙන්නම් ඔබ නම් එපා..
හමුවෙන්න ආයෙත් එපා…

අනේ..රංග නදීකා යන්න ගියා මා දා..
ආයේ නදීකා එන්න එපා මා හා..
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ..
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ..
රංග නදීකා යන්න ගියා මා දා..
ආයේ නදීකා එන්න එපා මා හා..

මං ඔය රූපෙට රැවටුනෙ කරුමෙට ලස්සන පෙනුන නිසා…
මවු පිය උරුමෙට මට හිමි දේපල දුන්නෙත් ඔබට නිසා…
රන් මිණි මුතු කැට අද නැහැ එය මට කදුළේ දුක ඉවසා..
මං අද තනිවුනෙ හදවත ගොළු වුනෙ ගැහැනුන් චපල නිසා..
මම තනිවෙන්නම් ඔබ නම් එපා හමුවෙන්න ආයෙත් එපා…

අනේ..රංග නදීකා යන්න ගියා මා දා..
ආයේ නදීකා එන්න එපා මා හා..
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ..
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ..
ඔයා..හැමදාම බොරු කිවුවේ රැවටෙන්නත් බෑ..
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ..

ආයේ නදීකා එන්න එපා මා හා..
රංග නදීකා යන්න ගියා මා දා..
ආයේ නදීකා එන්න එපා මා හා..
රංග නදීකා යන්න ගියා මා දා..