ගින්දර පිටවෙන්නට | Gindara Pitawennata by Danapala Udawatta

Sinhala song lyrics with music notes illustration

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා
කොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාල හඬනවා

පොළියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි
හවසට දෙන්නම ඕනේ
අනුකම්පාවක් නැති සිල්ලර කඩෙ මුදලාලිත්
බැනගෙන ගෙදරට එන්නේ
ඉස්පිරිතාලෙ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු
බෙහෙතත් කොහොමද ගන්නේ
අල්ලපු වත්තෙ තියෙන බණ ගෙදරට නොගිහින් බෑ
කොහොමද නිකම්ම යන්නේ

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා

වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයො
මොකදැයි මාළු නොකන්නේ
පා පැදි වල පටවල මට ඉස්සර වෙලා ආපු
අයගෙන් මාළු අරන්නේ
ඉඳහිට කතා කරල ගන්න හදන කෙනෙක් වුනත්
ණයටනෙ අද ඉල්ලන්නේ
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නෙ
විසඳුම දෙන්නට ඉන්නේ

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානෙ
යටිපළු දෙකම දැවෙනවා
ඇස් දෙක ඇර ගන්නට බැරි තරමට පායනවනෙ
දහදිය මුගුරු ගලනවා
කොලඹින් අරන් ආව මාළු හින්ද හිතට බයනෙ
මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹරි ඇඹරි
චිරි චිරි ගාල හඬනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply