සඳ මිදුලට එනවා | Sanda Midulata Enawa by Mervin Perera

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
මා මෙහි තබා පාළුවේ

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ
ඈ නෙත් සලා ආ ලෙසේ

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

වැහි වැහැලා | Wahi Wahala by Mervin Perera

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

මා සොයා
සිහින රැයක හමුවීලා
පා නගා
නුහුරු ලොවක තනි වීලා

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

ආදරේ
සිහින රැඳුනේ ඈ නෙතේ
ජීවීතේ
සුවඳ ගෙනා මා වෙතේ

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

පබසර රන් පබලු | Pabasara Ran Pabalu by Mervin Perera

පබසර රන් පබළු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ
ගඟ බැස ඒ
සයුර බලා
හිරු හිනහේ
නෙලුම නෙලා
නෙත සිත හා
එකතු වෙලා
ඔබ දැකුමෙන්
උමතු වෙලා


පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ
කළුවර රෑ
රළු අහසේ
තරු වැල හා
අඩ සඳ සේ
නොපිරුණු මේ
හිතට මගේ
ඔබ ගෙන එයි
සතුට අගේ
පබසර රන් පබලු
මිණිමුතු කැන් ඔපලු
රජ කිරුලු
අගය නැතේ
ඔබෙ හද මල් උයනේ
නැලවෙන මල් පවනේ
දිළිදු පැලේ
එලිය ඇතේ

දෙදෙනා පෙරදා | Dedena perada by Mervin Perera

දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා

දිගු කාලයක් ගෙවී ගියේ
එක මොහොතක් ලෙසින්නේ ළඳේ
ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස
ආයෙත් ගෙනල්ලා තියේ
අද මේ කියූ දේ ඊයේ වුණා නම්
අද ඊයේ වේවී ළඳේ

දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා

ඔබ ආදරෙන් සිනාසුනත්
අද අලුතින් උපන් මේ ලොවේ
විස ගෑවුනත් මධු පානයක් ලෙස
ඈ මා ළඟින් මිහිරියේ
අසනු සමා වී ආයේ පමාවී
කිසිදාක නොයෙනූ ළඳේ

දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා

ඔබේ ආදරේ | Obe adare by Mervin Perera

ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ
ඔබේ ආදරේ දෙවන පෑ තිස් රජ දවසේ
ශිලා ලිපියක් වාගේ ‍
ශිලා ලිපියක් වගේ

අවු වැසි වතුරින් පිඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී

අවු වැසි වතුරින් පිඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී
කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ

මහ වන වදුලේ අසරණ වී
සියවස් ගණනක් නටඹුන් වී

මහ වන වදුලේ අසරණ වී
සියවස් ගණනක් නටඹුන් වී

ඉස්පිලි පාපිලි නෑ බෙදුණු වදන් වැකි නෑ
ඉස්පිලි පාපිලි නෑ බෙදුණු වදන් වැකි නෑ

එක් දිනක් | Ek Dinak by Mervin Perera

එක් දිනක් සැන්දෑවක මම
හිතවතෙකුට දුරකථනයෙන්
කතා කලා
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙලවර සිටි අගනක් කතා කලා

සුමිහිරි ලස්සන ඒ පියකරු හඩ
හදවත වසග කලා
ඒ කටහඩ යලි අසන නියායෙන්
යළි යළි කතා කලා
නම්බර දහසක් යොමුකර වූයෙමි
එද හමුවූයේ නෑ
කැලඹුන මා සිත
ඇතිවුනු සෙනෙහස ඉන් අඩුවූයේ නෑ
ඉන් අඩුවූයේ නෑ

එක් දිනක් සැන්දෑවක මම
හිතවතෙකුට දුරකථනයෙන්
කතා කලා
යොමු වෙලා වැරදි අංකයක්
අන් කෙලවර සිටි අගනක් කතා කලා

මා මුමුණන මේ ගීතය
ලදුනේ සවනට ඇසෙනවා නම්
එවන් සැදෑවක ඔබ අමතනතුරු
ඉවසිල්ලෙන් ඉන්නම්
කොතනක කොයිබක
කවුරුන් වේවා
කටහඩ සවන පතයි
අමතනු මැන මට මගේ දුරකථනයේ
අංකය විසිහතරයි
අංකය විසිහතරයි

සඳ අප ලඟට වෙලා | Sanda Apa Langata Wela by Mervin Perera

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ

සිහින කොදෙව් පුරා
මල් සුවඳ සිහිල උරා
මඳ පවන පැමිණ රැඳිලා
අප දෙදෙන වසා උන්නා
මතක පොතේ පිටු අතරේ
ඔබගේ සතුට රැඳිලා
අපට හොරා ලොවට හොරා
සඳත් හිනැහුනා

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ

තඹර කැකුලු හඩා
යලි සැනින් සිනාසුනා
බිඟු තුඩක රිදුම ඉවසා
නෙතු යුවල වැසී තිබුනා
සතුට දරා නිසල වුනා
සුවඳ සුසුම් දැනුනා
අපට හොරා ලොවට හොරා
සඳත් හිනැහුනා

සඳ අප ලඟට වෙලා
තරුමල් කිනිති සලා
ඔබ මා ලඟට වෙලා
සිටි ඒ මොහොත මතකදෝ
සඳ අප ලඟට වෙලා

කතරක තනිවී | Katharaka Thaniwee by Mervin Perera

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි…

සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි…

සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…

විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු
දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු…

ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී
මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

දියළුම දිය ඇලි | Diyaluma Diya Aeli by Mervin Perera

දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා
දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

සඳවත කුමටද ඔබ නැතිදා
හිරු නැග පල නැත ඔබ නැතිදා
සඳ හිරු හා ආදරේ
මොකටද ඔබ නැති දා

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

පියබර සිතුවිලි මතු අමුණයි
සවණට සැනසිලි හඬ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි

Mervin Perera Medley by Nadeemal Perera ft. SANUKA & Evanda Lakshitha

ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ..
ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ…

ඈ ඉන්නෙ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ……

ඔබ මල් විලකි මා එහි මලකි..
සුවඳින් කැලතී..
යමු පීනන්න දියවැල් සලා..

සුළඟේ නලවා පෙර සේ එනවා..
ඔබ මා කළඹා..
කිමදෝ යන්නේ නොරැඳී ගලා..

ඔබ දේදුන්න ආකාසයේ..
හංගා තබා යන තෙක් විත් බලා..
එය සේදෙන්න වැහි මීදුමෙන්..
සැංගී හමා එයි කඳුලැල් සලා..
ඔබ දේදුන්න ආකාසයේ..

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

සයුරේ ගැඹුරේ කිමිදී පතුළේ..
පීනා යද්දී එක් රැයක්
දුටුවෙමි ලස්සන කිඳුරියක්

කතා බහ කරන්න බෑ සිනා සී බලා
ඇහේ පිල්ලමින් ඉඟියක් කළා නැළවිලා
අතින් අත වෙළා දිය සළා ආදරෙන්
මහා සාගරෙන් ගොඩ ඇදී
ආමි ඈ මෙහි අරන්….

මගේ පැල්පතේ පියන්පත්
වසා ඇති නිසා
පැලේ කවුළුවෙන් එබිකම් කළා ඈ තබා
බිරින්ඳෑ කිපී පැල තුලින් මතු වුණා
පාන්දර පහේ හඬ ඇසී
මාගෙ දෑස පිබිදුණා….

පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා…
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්..
නුරා ලවන් සොයා පියා සලා යයි…

සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි
සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි
සෙනෙහස හද තුළ උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬව ම හිනැහෙමී….

රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ….

තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී…

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

මුහුදු තෙරේ…
මුහුදු තෙරේ සැන්දෑවේ
ඔබ මා හමු වූ වේලේ
සැළෙන ඔබේ හද රාවේ
ආදරයයි මට කීවේ
මුහුදු තෙරේ සැන්දෑවේ…..

මේ රාත්‍රියේ සයනේ මගේ සුවඳයි දැනෙන්නේ ළඳුනි ඔබේ
මනසෙ මවා රස කල්පනා අභිෂේක රාණී පැතුම් විජිතයේ….

වළා වළල්ලේ පෑයූ තාරකාවී
පවන් රොදින් හා දෑසේ සුරංගනාවී
සඳ හැංගිලා ගොළුවී ඔබේ
නෙතේ ආල හසරැල්ල දැක මත් වුණා

පබසර රන් පබළු මිණිමුතු කැන් ඔපලූ..
රජ කිරුළු අගය නැතේ..
ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ..
දිළිඳු පැලේ එළිය ඇතේ..

සමනල තටු යට රිංගලා අද අද එයි මරැ හැංගිලා අද නටා හිනැහිලා හෙට දින තපසට යන්න යමු මඛාදේව රජු වගේ…

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

පියබර සිතුවිලි මතු අමුණයි
සවණට සැනසිලි හඬ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි…