Mervin Perera Medley by Nadeemal Perera ft. SANUKA & Evanda Lakshitha

Sinhala song lyrics with music notes illustration

ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ..
ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ…

ඈ ඉන්නෙ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ……

ඔබ මල් විලකි මා එහි මලකි..
සුවඳින් කැලතී..
යමු පීනන්න දියවැල් සලා..

සුළඟේ නලවා පෙර සේ එනවා..
ඔබ මා කළඹා..
කිමදෝ යන්නේ නොරැඳී ගලා..

ඔබ දේදුන්න ආකාසයේ..
හංගා තබා යන තෙක් විත් බලා..
එය සේදෙන්න වැහි මීදුමෙන්..
සැංගී හමා එයි කඳුලැල් සලා..
ඔබ දේදුන්න ආකාසයේ..

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා

සයුරේ ගැඹුරේ කිමිදී පතුළේ..
පීනා යද්දී එක් රැයක්
දුටුවෙමි ලස්සන කිඳුරියක්

කතා බහ කරන්න බෑ සිනා සී බලා
ඇහේ පිල්ලමින් ඉඟියක් කළා නැළවිලා
අතින් අත වෙළා දිය සළා ආදරෙන්
මහා සාගරෙන් ගොඩ ඇදී
ආමි ඈ මෙහි අරන්….

මගේ පැල්පතේ පියන්පත්
වසා ඇති නිසා
පැලේ කවුළුවෙන් එබිකම් කළා ඈ තබා
බිරින්ඳෑ කිපී පැල තුලින් මතු වුණා
පාන්දර පහේ හඬ ඇසී
මාගෙ දෑස පිබිදුණා….

පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා…
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්..
නුරා ලවන් සොයා පියා සලා යයි…

සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි
සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි
සෙනෙහස හද තුළ උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬව ම හිනැහෙමී….

රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ….

තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී…

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ

මුහුදු තෙරේ…
මුහුදු තෙරේ සැන්දෑවේ
ඔබ මා හමු වූ වේලේ
සැළෙන ඔබේ හද රාවේ
ආදරයයි මට කීවේ
මුහුදු තෙරේ සැන්දෑවේ…..

මේ රාත්‍රියේ සයනේ මගේ සුවඳයි දැනෙන්නේ ළඳුනි ඔබේ
මනසෙ මවා රස කල්පනා අභිෂේක රාණී පැතුම් විජිතයේ….

වළා වළල්ලේ පෑයූ තාරකාවී
පවන් රොදින් හා දෑසේ සුරංගනාවී
සඳ හැංගිලා ගොළුවී ඔබේ
නෙතේ ආල හසරැල්ල දැක මත් වුණා

පබසර රන් පබළු මිණිමුතු කැන් ඔපලූ..
රජ කිරුළු අගය නැතේ..
ඔබෙ හද මල් උයනේ නැළවෙන මල් පවනේ..
දිළිඳු පැලේ එළිය ඇතේ..

සමනල තටු යට රිංගලා අද අද එයි මරැ හැංගිලා අද නටා හිනැහිලා හෙට දින තපසට යන්න යමු මඛාදේව රජු වගේ…

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා

අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ

පියබර සිතුවිලි මතු අමුණයි
සවණට සැනසිලි හඬ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply