රන් තරු පායන | Ran Tharu Payana by Keerthi Pasquel

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ
මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල මැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලු ඈ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ
මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

පලා දෙපලුකර හදවත දේ නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ…

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ
මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කවිකාරියේ | Kavikariye by Keerthi Paskuwel ft. Dhammika

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

දෙකනේ රිදී තෝඩු ලා
නලලේ කොකුම් පටලා
වීණා වයා තාලෙටා
ගැයූ ගී අසා ආවේ මා
වීණා වයා කවි ගී ගයා
අපි යන්නෙ රුපියල් සොයා

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

සිගමන් නොයා මාවතේ
මහදේ රැදෙන රූපිකා
සසරේ ගෙනා ආදරේ
පඩුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනි මන්දා අනේ
හිත මාගේ චන්චල් වෙලා

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා

සඳලතා පායලා | Sandalatha Payala by Keerthi Pasquel

සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා වන්
ඇගේ පරිවාර තරුවැල් වගේ
(සඳුට උපමා ඔබයි ලඳුන්නේ
මටයි හැඟුනේ ආදරේ)

සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා වන්
ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුන්නේ
මටයි හැඟුනේ ආදරේ

මන්දිරේ කවුලුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉදින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරන්

මන්දිරේ කවුලුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉදින්නේ රූ ඔබේ
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරන්

සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා වන්
ඇගේ පරිවාර තරුවැල් වගේ

වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා

වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා

පාළු රාත්‍රියේ සද රේණුවන්
පුරවන්නකෝ රත්තරන්

පාළු රාත්‍රියේ සද රේණුවන්
පුරවන්නකෝ රත්තරන්

සඳලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදුමල් තාරුකා වන්
ඇගේ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ලඳුන්නේ
මටයි හැඟුනේ ආදරේ

තව දවසක් හමු වී | Thawa Dawasak by Keerthi Pasquel

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ
තව දවසක්
හමු වී
ඉමු මේ භවේ

මදපවනේ
මුසු කෙරුවේ
යළි නොඑනා
මතක අපේ
නිදි පැදුරේ
ගෙවන පැයේ
සිහි කෙරුවා
සුවඳ ඔබේ ජිවිතේ පාළුයි මගේ

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ
පිපෙන සඳේ
දුක වැඩලා
ලොවට අපේ
කිරි සයුරේ
මුතු පතුලේ
සැඟව ගියා
මැණික මගේ ආදරේ ගීයක් වගේ

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ
තව දවසක්
හමු වී ඉමු මේ භවේ