තව දවසක් හමු වී | Thawa Dawasak by Keerthi Pasquel

Sinhala song lyrics with music notes illustration

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ
තව දවසක්
හමු වී
ඉමු මේ භවේ

මදපවනේ
මුසු කෙරුවේ
යළි නොඑනා
මතක අපේ
නිදි පැදුරේ
ගෙවන පැයේ
සිහි කෙරුවා
සුවඳ ඔබේ ජිවිතේ පාළුයි මගේ

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ
පිපෙන සඳේ
දුක වැඩලා
ලොවට අපේ
කිරි සයුරේ
මුතු පතුලේ
සැඟව ගියා
මැණික මගේ ආදරේ ගීයක් වගේ

තව දවසක්
හමු වී
ඉමු මේ භවේ
එක සැරයක්
දුටුවත්
ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන්
හැඬුව තරම්
කියන්න හීං සැරේ
තව දවසක්
හමු වී ඉමු මේ භවේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

3 thoughts on “තව දවසක් හමු වී | Thawa Dawasak by Keerthi Pasquel”

Leave a Reply