ඉපදී ලොවේ | Ipadee Lowe by Greshan Ananda

සිනහ කඳුළු එනවා යනවා

ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහ කඳුළු එනවා යනවා

මේ සීත කතරේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වූ
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි

භවයෙන් භවේ

නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදිලේ වී සැමදා නාමේ ඔබගේ
හිරු සේ ආකාසයේ
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ

written by Hemasi Halpita

greshan ananda,ipadi lowe,sinhala songs,old sinhala songs,nawathanpale,ananda,greshan,old songs,sri lanka,sinhala lyrics,gration,h.r.jothipalala,jothipala,top lyrics,best lyrics,song,songs,enawa,sinaha,karako,yanawa,classic,sinhala,kandulu,lyrics,old,mp3,music

සතුටින් නිදැල්ලේ | Sathutin Nidalle by Greshan Ananda

සතුටින් නිදැල්ලේ
අවසර ලද ඇසිල්ලේ
මේ අදුරින් මිදීලා
ඉගිලීයන් කුරුල්ලලෝ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ

කුරුලෙකු සිර කරලා
තබනු බැහැ නොවැ කිසිදා
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ
සැනසීමෙන් ඉදලා
මැරුනත් කම්නැහැ කියලා
ඒ මිහිර සුව විදින්න
සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න
රූං කියා නිදහසේ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ

සිත සවියෙන් පුරවා
සිටිනා අය ජය ලබලා
මේ ලොවේ සුව විදී සැම දිනේ
ඇයි සෝකෙන් තැවිලා
මොකටද ඉන්නේ හඬලා
මේ දොරගුළු බිදින්න
පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න
රූං කියා නිදහසේ
සතුට පතා හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ