පෙම් අප්සරාවෝ | Pem Apsarawo by Milton Perera

පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ
පෙම් අප්සරාවෝ

රන් තරෑ නිදන් කෙරෑ දෑසේ මම්
කල් බලා නිසල් සුවේ වාසේ වෙම්
රතී රඟන නිතඹ සලන
සොදුරු පියඹ රන් කිරිල්ල

පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ
පෙම් අප්සරාවෝ

(සත් සරේ හඬින් පිරී වදන් ඔබේ
මත් කෙරේ සවන් මගේ රසින් මිදේ
මහද අරණ සුවඳ කරන
සුළඟ රැගෙන හනික එන්න

පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ
පෙම් අප්සරාවෝ

පෙර ආත්මයක | Pera Athmayaka by Milton Perera

පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ
පෙර ආත්මයක එක රාත්‍රියක
සොමි සඳ පානේ රසුදැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ
හ්ම් ම් ම් හ්ම් ම් ම් හ්ම් ම් ම් ම්

දෑතට බරවී දෑතක හිර වී
එක් වුණු තිසරුන් රංගන පෑවේ
ආදර වීණා සත්සර රාවෙන්
මත් වුණු කොවුලා සිත් ලෙස නෑවේ
මධුර අතීතේ දැනුණු තුසීතේ
ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
ඒ සුව සහනය සිහිවේ

නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
සියොළඟ ගිලුණා විශ්මිත එළියේ
සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ
අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
භවයෙහි පෙරදී ආ මග වැරදී
කොයිබද ඔබ මේ ප්‍රියදේහිනියේ
මා ඔබ දෙඅතක තනියේ

පොඩි කාලේ අපි දෙන්නා | Podi Kale Api Denna by Milton Perera

පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ
නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා
තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ
මිහිර මැවේ එදා මෙන්ම හදවත මත්තේ
ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ
මිහිර මැවේ එදා මෙන්ම හදවත මත්තේ

ඔබ නැති ඒ සංතාපය නැසුමට මාගේ
කොවුලන් එයි ඔබේ ගීතය ඇසුමට වාගේ
ඇසුමය වාගේ …
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා
අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා
පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා
අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා
දැමූ අතීතයමා වෙත නිහඩව කියලා
වැට දිගටම එදා මෙන්ම මදු මල් පිපිලා
මදු මල් පිපිලා ….

පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ
නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා
තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

රන් ගුවනේ | Ran Guwane by Milton Perera

රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ
රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ
රන් දෙරණේ සහනය සදා දුන්
සුදු පියාණනේ සුදු පියාණනේ

ඔබේ සිරුරේ ලේ බිඳු දහදිය බිඳු වී
ගලා ගියේ ලොව දිවා රෑ
දුක වෙහෙස දැරූ සැප සතුට හුරු
බුදු පියාණනේ බුදු පියාණනේ

දූ පුතුනගේ යහපත පවුලේ හිත සුව වෙනුවෙන්
ඔබේ දිවි කැප කෙරුවේ
සිප් සතර පුදා යහමඟ පුබුදා
මගේ පියාණනේ මගේ පියාණනේ

දෙව් ලෝකයේ අධිපති සක් දෙවිඳුන් සේ
අප නිවසේ ඔබ වැඩ සිටියේ
සිතු පතු සැමදේ ජයබිම සැදු වේ
බුදු පියාණනේ බුදු පියාණනේ

රන් ගුවනේ රන් හිරුරදුන් මෙන්
මගේ පියාණනේ මගේ පියාණනේ

රුවන් මැදුරෙ ඔබම | Ruwan Madure Obama by Milton Perera

රුවන් මැදුරෙ ඔබම ඉදි කෙරූ
පහන් නිවා පවන් රැලයුරු
ගියෙන් හොවා ලෙනක ගණදුරු
මගේ ලොවට මොටද සඳ හිරු

කුසුම් කළඹ ඔබ අතින් පිදූ
සුසුම් හෙලයි වියළි පිණි බිඳු
මවන් අගට දැවෙන ගිණි කඳු
මගෙන් සිදුවු වරද කිම සුදූ

රුවන් මැදුරෙ ඔබම ඉදි කෙරූ
පහන් නිවා පවන් රැලයුරු
ගියෙන් හොවා ලෙනක ගණදුරු
මගේ ලොවට මොටද සඳ හිරු

නිහඬ නිසල දිවියේ තනි නැසූ
ලෙළවු සවන් පිරවු රන් රසු
ඔබම මහද සිදුරු කල පසු
සෙවිය නොහැක සුවය දෙන ඔසු

රුවන් මැදුරෙ ඔබම ඉදි කෙරූ
පහන් නිවා පවන් රැලයුරු
ගියෙන් හොවා ලෙනක ගණදුරු
මගේ ලොවට මොටද සඳ හිරු

රන් පොකුණෙන් දිය | Ran Pokunen Diya by Milton Perera

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
ඕ… මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැඟුම් පෑවේ
නුරා රැඟුම් පෑවේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

කුමරු සිටිද්දි මලට මුවා වී කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති සුවඳට රැවටෙන්නේ
සුවඳට රැවටෙන්නේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

සඳ කිරණින් | Sanda Kiranin by Milton Perera

සඳ කිරණින් ඔබේ එළිය වැටෙනවා
තුරු සෙවණින් මිදුල වටේ සුවය දැනෙනවා
කවුළුවකින් කුමරිය ඔබෙ මුහුණ පෙනෙනවා
මැදුර තුළින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා

මහ නිළයක බලතල ගැන මගෙ සිත බිඳුණා
නව රසයක සිත පිරිසිදු පෙමකට හැරුණා
සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
අඩු කුලයක ඉපදුණු මට ඔබෙ අත ලැබුණා

සිටුවරු රජ වරු කුලවතු අප දෙස බලලා
හිනැහෙයි අද අපහට උන් කුල මල ඇදලා
එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා
අත්වලු බැඳ මහ මග බැස යනු අප දෙදනා

සමාන වී ඉපදී | Samana Wee Ipadi by Milton Perera

සමාන වී ඉපදී දිවි තලාවේ
කුලේ නිසා ලොව සමහරු මුලාවේ
මගේ කියා මොනවද අපි ගෙනාවේ
දිනේ පැමිණි විට මරුවා හිනාවේ

සමාන වී ඉපදී දිවි තලාවේ
කුලේ නිසා ලොව සමහරු මුලාවේ
මගේ කියා මොනවද අපි ගෙනාවේ
දිනේ පැමිණි විට මරුවා හිනාවේ

ඔබෙ ළය පැලුවත් තකිනර රතු ලේ
මගෙ ළය පැලුවත් තනිකර රතු ලේ
ඔබ මැරුණත් ඔබේ සිරුර දිරනවා
මා මැරුණත් මගේ සිරුර දිරනවා

සමාන වී ඉපදී දිවි තලාවේ
කුලේ නිසා ලොව සමහරු මුලාවේ
මගේ කියා මොනවද අපි ගෙනාවේ
දිනේ පැමිණි විට මරුවා හිනාවේ

මිනිස්කමින් ලොව කුළය හැදෙනවා
සරණාමර හිමි ලොවට දෙසනවා
ඒ දහමින් ලොව අඳුර බිදේවා
සමාජයේ ඉන් එළිය වැටේවා

සමාන වී ඉපදී දිවි තලාවේ
කුලේ නිසා ලොව සමහරු මුලාවේ
මගේ කියා මොනවද අපි ගෙනාවේ
දිනේ පැමිණි විට මරුවා හිනාවේ

උම්බෑ කිය කියා | Umbaa Kiya Kiyaa by Milton Perera

උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ
කිරි ටික උරා බොයි පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි හේ එළදෙන අසයි
උම්බෑ කිය කිය මරණ බයේ
උම්බෑ කිය කිය මරණ බයේ

බැරි බර පටවලා කෙවිටෙන් තල තලා
කූර ගෙවෙනා තුරා විඳ විඳ දහවදේ
නිරයේ දුක දකී මුළු පවුලම රකී
අන්තිමේ මේ ගොනා මස්කර විකුණනා
කඩයට පවරනා මිනිසයි තිරිසනා
කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ
උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ

දරුවට මව නැති දෙවරුවේ කිරිදෙති
ගොම ටික පොහොර වේ
ගොඩ මඩ සරු කෙරේ
මැරුණත් නොනවතී හමට ද බැට දෙති
මැරුණත් නොනවතී හමට ද බැට දෙති
කවදාදෝ මිනිසාගේ තිරිසන් ගති දුරලන්නේ
උම්බෑ කිය කියා මරණ බයේ
උම්බෑ කිය කියා මරණ බයේ

උඩු ගුවන යටින් | Udu Guwana Yatin by Milton Perera

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
අපේ ආදර කතන්දරේ

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
අපේ ආදර කතන්දරේ

පෙති හැලෙන මලේ දිය පිරෙන විලේ
මුළු දවසම පැවසෙන්නේ
අපේ ආදර කතන්දරේ

වන විහඟ තුඩින් බට පඳුරු උඩින්
දස දිගතෙහි විහිදෙන්නේ
අපේ ආදර කතන්දරේ

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
අපේ ආදර කතන්දරේ

සිතිජය අතරේ ගං රළ පතරේ
එබිකම් කොට සැගවෙන්නේ
අපේ ආදර කතන්දරේ

උඩු ගුවන යටින්
පෙති හැලෙන මලේ