රන් පොකුණෙන් දිය | Ran Pokunen Diya by Milton Perera

Sinhala song lyrics with music notes illustration

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
ඕ… මල් මද බිසවුන් සැතපෙන සඳ ඇගේ ආදර මල් යහනේ
රකුසෙකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන නුරා රැඟුම් පෑවේ
නුරා රැඟුම් පෑවේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

නීල වරල පිට මැදට හෙලන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

කුමරු සිටිද්දි මලට මුවා වී කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති සුවඳට රැවටෙන්නේ
සුවඳට රැවටෙන්නේ

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහේ දෝ යන්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply