උඩු ගුවන යටින් | Udu Guwana Yatin by Milton Perera

Sinhala song lyrics with music notes illustration

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
අපේ ආදර කතන්දරේ

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
අපේ ආදර කතන්දරේ

පෙති හැලෙන මලේ දිය පිරෙන විලේ
මුළු දවසම පැවසෙන්නේ
අපේ ආදර කතන්දරේ

වන විහඟ තුඩින් බට පඳුරු උඩින්
දස දිගතෙහි විහිදෙන්නේ
අපේ ආදර කතන්දරේ

උඩු ගුවන යටින් මහ දෙරණ පිටින්
හැම මුවගින් පිට වන්නේ
අපේ ආදර කතන්දරේ

සිතිජය අතරේ ගං රළ පතරේ
එබිකම් කොට සැගවෙන්නේ
අපේ ආදර කතන්දරේ

උඩු ගුවන යටින්
පෙති හැලෙන මලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.