සුරැකීමට හෝ නැතිවී | Surakeemata Ho Nathiwee by Milton Perera

Sinhala song lyrics with music notes illustration

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී අද පෙම් ගිතෙල් දමා
වැලපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ
පිටුපෑමට ළං වීමට භවයේ වරින් වරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අද හෝ හෙට කරුණා කොට වියලුනු දෙතොල් තෙමා
දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කඳුලැලි මත පාවෙන තරම් ප්‍රියේ
දරුණු නැත මගේ හදවත හොඳ සිහිය මට තියේ
සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

written by Milton Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.