සුර ලෝකේ මං සක්කර | Sura Loke Man Sakkara Deyyo by Milton Perera

Sinhala song lyrics with music notes illustration

සුර ලෝකේ මං සක්කර දෙයියෝ
මෙහි පූරුවේ පිනට උපන්නේ
සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ

මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ
මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ
මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ
මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ
ඉබේ නැටෙන ගිනි දළු වැනි නිළියොයි මගේ බූදලේ
සක්කරයා – සක්කරයා මමයි
රටේ නැටුම් ගැයුම් බෝ කළේ

මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා
මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා
අමා රසය පෙරා ගෙනැත් මට පොවන්න හදනවා
සක්කරයා – සක්කරයා මම වෙමි
මට තුන් ලෝකෙම පේනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply