වළාකුලක් | Walakulak by Milton Perera

Sinhala song lyrics with music notes illustration

වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි

වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි

දස දහසක් සුර ළඳුන් මැද
පරසතු මල් සුවඳ විඳ විඳ
දස දහසක් සුර ළඳුන් මැද
පරසතු මල් සුවඳ විඳ විඳ
සිටියත් ඔබ ළගින් නැති සඳ
මට සක්විති පදවි කුමටද

වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි

දසන්තයේ දද නංවාලා
කසුන් අසුන් මත රැන්දීලා
දසන්තයේ දද නංවාලා
කසුන් අසුන් මත රැන්දීලා
සුව වින්දත් ඔබ නැති වීලා
මට පල නැත කිරුල දරාලා

වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.