තනිකම | Thanikama by Izzy Iznu x Chey9 x Smokio

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම
තනියම විදිනවා තනිකම

ඇයි කෙල්ලේ ආදරෙයි කිව්වේ ඇස් දිහා බලන්
ඈත් වෙන්න නම් ඇයි හීන මැව්වේ මාලිගා හදන්
මුලදිම ලන් වෙන්න එපා මතකද කිව්වා මන්
ඒත් ඔයා කිව්වේ මාවමයි ඕන දිව්රන්නම්
සුන්දර දෙයක් තිබ්බද අපි දෙන්නාගේ ආදරේ තරම්
සීමාවන් කඩන් උඩට එනවා වගේ සාගරේ ගලන්
ඉන්න නොදි මගේ ලෝකේට වෙලා තනියම ඉද්දි මන්
Babe ඇයි මන් ගාවට ආවේ බලාපොරොත්තු අරන්

මන් අහන්නද ප්‍රශ්නයක්
කෝ ඒ දැනෙන හැගීම
වචනෙකට සීමා උනාද අපේ බැදීම
ලේසි නෑ බොද වු සිතුවම මකා ඇදීම
ඉවර උනා කතාව පටන් ගත්ත තැනීන්ම

බාදුර මලට ලන් උනා මමත්
ඔයා ගාව මෙලෙක් උනත් මගේ හිතත් ගලක්
වෙච්ච දේවල් ගැන පසුතැවෙන්නේ නෑ මන් තවත්
ඔයා වෙලා මගේ අතීතයේ තවත් එක නමක් Babe

මුලු රෑම කලුවරයි හද නැති රැයක්
කල්පනා ලොවක දැන් ගෙවිලම පැයක්
මම දන්නවා වැරදුනා කොහෙ හරි තැනක්
අපි දෙන්නම හිතන්නේ එකම එක දෙයක්
අපි හමුවෙමු රෑක අන්තිම පාරට
තනියම එන්න ගං ඉවුර ගාවට
නුපුරුදු අදුරක් වෙලාගෙන මා වට
ගැලවෙන්න කෝමද කියලා දෙන්න මා හට
රතුපාටට ඉර බැහැන් යද්දි
වැවම තනි වුනා හද මෝදු වෙද්දි
සීයට සීයක් අදහස් ගැලපෙද්දි
ඈත් උනා උත්තර නැති ප්‍රශ්න එද්දි
තාමත් ඉන්නවා පාර ගාව දන්නෑ වෙන් වුනු කාරනව
මතක් උනත් ඇති ඔය හිනාව
දෙන්න නම් බෑ කෙල්ලේ ආයෙත් සමාව
දෙන්නම් බෑ මම දෙන්නෙ නම් නෑ
කැඩිලා ගිය හිත හදවන්න නම් බෑ
කොච්චර කිව්වත් කොච්චර ඇඩුවත්
ඉස්සර වගේ අපිට ඉන්න නම් බෑ
වෙච්ච දේවල් හරිගස්සන්න බෑ
මට සමහර දේවල් මතකත් නැ
අපිට ඉස්සර වගේ ආයේ ඉන්නත් බෑ
මට පරන මනුස්සයා වෙන්නත් බෑ
මට නැති උනේ ඈ නෙවෙයි නැති උනේ මාව
ඇගේ මුලු සතුටම තිබ්බේ මගේ ගාව
ඈ නිහඩව අඩද්දි මගේ හිත පාරයි
දෙන්නා වෙනස් උන විදිහත් මාරයි
වැඩක් නෑ දැන් ඕවා හාරලා
ඈ යන්න ගිය හිත පාරලා
මම එලියෙන් සතුටෙන් හිනාවෙනවා
ඒත් ඇතුලෙන් මාව මරලා

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම
තනියම විදිනවා තනිකම

smokio little,smokio lyrics,serandip izzy,smokio rap lyrics videos,smokio,kevin smokio,little smokio,youngizzy,kaizer kaiz new,liya liya smokio,thanikama smokio,chey 9,suwahas and smokio,illnoize,izzy 44 kalliya,izzy iznu,kaizer rap,kaizer kaiz songs,izzy iznu new album,ill noize tv,music,izzy iznu song lyrics,44 kalliya new,44 music,44 kalliya,sri lankan rap music,sinhala song reaction,sri lankan music 2020,sri lankan music album

නිර්වාණේ | Nirvane by Chey 9 ft. Enza [2022]

තාමත් හොයනවා ලැබුනේ නැති නිර්වාණේ නන්නාදුනන මාවතේ මං
පස්සේ මං දන්නේ අතරමං වෙලා නිර්නාමික මාවතේ දැන්
මගේ හදවත කැඩිලා, තැලිලා, පෙළිලා අනන්ත දේවල් වෙලාම දැන්
අන්තිමේ මට මම විතරයි කවුද අපිට මොනාද කරේ බං?

වෙනස් වෙලා මං, වෙනස් වෙලා මං
වෙනස් වෙලා නෙමේ වෙනස් කරා බං
සමාජෙන් මාව වෙනස් කරා බං
තේරුම් අරගෙන වෙනස් වුනා මං

දැන් දන්නවා මිතුරා කවුද, මගේ හතුරා කවුද, ලග හිටියේ කවුද, උදව් කරේ කවුද
යාළු දුකේදි මාරු වුන සැපට වහල් වුන මිතුරෝ කවුද

නිහතමානීකම වැදගත් අපි මනසින් උසස් සත්තු
අදුරගන්න බැ වෘකයාව සුදු බැටළු හමක් පොරෝගත්තු
නින්දෙන් ඇවිදින මනෝකාය මගේ වෙන ග්‍රහලෝකෙක මත් වූ
අද පුරමුද සව්දිය අරගෙන සමු අපි රංචුවෙන් ගැලවුන සත්තු

රිදුමන් දෙන හදවත අකුලා
මිතුදම් නෑ හැමදේ වැටහුණා
තනිකම හුරු වන්නට මා හද හුදකලා වන්නට අවසර ඉල්ලා

හැකි විට සිටි උං කෝ කියලා
වද දිදී මගේ හිත විමසනවා
ආදරේ කල උං අද නැ ඒත් හිත සැනසෙනවා නිදහස සොයලා

බිදුනු වීදුරුවක් හදන්න බැ වගේ විස්වාසය හරිගස්සන්න බැ
බොරු යාළුවෝ, බොරු බැල්ලියෝ වෙනුවෙන් මගේ ජීවිතේ මං ඉඩක් දෙන්නේ නැ
අතීතය දවසක් ගානේ පරණ වුනත් ම⁣ට මගේ මුල අමතක වෙන්නේ නැ
මගේ තරුව දිලිසෙනවා තාමත් ඒත් මං පුහු මාන්නයෙන් උඩ ගියේ නැ

හැමතැනම බොරු චරිත දැකලම මහන්සි
මුං කතා කරන්නේ වැටුනා වගේ අහසින්
සමූල ඝාතනේ කරා වගේ නාසීන්
කපන්නේ තුරුම්පු කොල දාලා මං ආසි

අංක එක කලාව නම් දෙක තමයි කාසි
ලංවුනේ නැ කාටත් බලන් වාසි
ඕනතරම් දැක්කා අපිත් කැ*යන්ගේ මර්සි
Album එක ඉවරයි මම එක මාසෙන්

මංමුළා වී සිතුවිලි පාවෙලා
තනිකම හෙමි-හෙමියෙන් මා වෙලා
අදුරේ මා දැන් දැන් ගිලෙනවා… තනිවෙලා

ජීවිතේම සුළි සුලගක් වෙලා
ආදරයත් දැන් කොහේදෝ ගියා
මා තනිවෙලා

written by Chey 9

chey 9 shinhala rap

රාවණා | Rawana by DKM ft. Cairo Rich [2021]

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

සිංහලයෝ රාවණා
බලපන් ඔබලා කාරනා
සමවැදිලා ඉන්නේ කරපන් භාවනා
කාටත් තේරෙන් නෑ ඇත්ත
තේරෙනවා වගේ රඟ පාන්න
උඹේ ඔලුව හිස් ඇතුලේ තියෙන්නේ
ගඳ පාන්න
අපි නරි මොල කාලා ඉන්නේ
පොරවන් නරි
ඔය කවුරුත් පදිරි විශ්වයේ ඉපදු මිනිසාට
බලපන් ඊතලේ
මගේ වචන විදින්නේ ඊතලෙන්
අවදි කරපන් රාවණා ඊතලෙන්
උඹට ගෙවන්න වෙන්නේ සීතලෙන්

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
ඇදකරන් බලන් ආවඩා
මගේ නම් නෑනේ බොරුකතා
දෙන්නම් මං දැන් අරන් එන්නකෝ

කලු සිංහලයෝ රාවණා
දඬු මොනරේ නැගලා එන දිහා
උඹලා බලන් ඉඳපන් ඇස් රවා
වුනු කතාව අහගෙන ඉදින් පුතා
මේ තම්බපන්නි කඩන් නැවෙන් නැතා
කලු කොඩි සුදු කොඩි අරන් දමා
දෙන ඔවදන් අහගනින් සිතා
මේවා හෙල බස් දැන් ගනින් වීනා
කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා

දුවන්නේ උවදුරේ කලු සිංහල රාවණාගේ
ලැබුනා ප්‍රථිපල මං ආනිසංස භාවනාවේ
රට්ටු වන්නේ ඇයිද රාවණා ඇයි තාම නාවේ
මියැදුනා ඔහු සදහට එදා රාමායන කාරනාවේ
මියැදුනා ඔහු රාමායන කාරනාවේ එදා
අමරණීයයි නම නොමියෙයි පුරාවෘත්තය සදා
අපි කරන සිංදු වගේ වැජඹෙයි එදත් අදත් හෙටත්
රාවණ ඉතිහාසයේ ගැඹුරේ නැවතිලා හිතන්න
ඕන ඕක මදක්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ

කලු සිංහලයෝ රාවණා
වචන විදින්නේ ඊතලෙන්
කලු සිංහලයෝ රාවණා
බලපන් එන්නේ ගින්නක් වගේ
කලු සිංහලයෝ රාවණා