පාරාදීසයෙ ජවයයි | Paradisaye Jawayai Me by Kasun Kalhara ft. Kushani

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

නුඹ මගේ සගයා
උරහිස දෙනවා
ආදර කදවුර මෙතන හදනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

බැරියර් අස්සෙත්
හදවත් පේනා
ඒ හදවත් මේ සටනට ඕනා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

මල් කලඹ ලඟ | Mal Kalamba Langa by Udesh ft. Kushani Sandareka

මල් කලඹ ලඟ පාට සේදුන
දේව දුන්නක් අහසේ පේවුන
සැඳෑ කාලෙක සිඹිනවා සිඹිනවා…

සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා………..

හුස්ම හිරවී මැරෙනතුරු මම

තෙරපුනා රන් පපු කඳක් මත

රිදුනාද සිත අහනවා අහනවා
අහනවා අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා…………

අඬන සමුදුර – ළඟම ගනදුර

උතුම් යහනක සතපලා
සුසුම් උතුරන – උතුම් මොහොතක
පෙමා දුර පපුතුරේ නිදනවා………

නිදනවා නිදනවා නිදනවා නිදනවා

නිදනවා නිදනවා නිදනවා
නිදනවා නිදනවා නිදනවා නිදනවා
නිදනවා නිදනවා නිදනවා…………..

උදම් රළ ළඟ ගිලෙන රතු ඉර
අතින් අල්ලා නවතලා
ලොවම අතහැර දෙතොල ළං කර

සදාකාලික ආදරේ සොයනවා…………….
සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා……………

සොයනවා……………………………
සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා……………

මා ළඟම | Ma langama by Piyath Rajapakse ft Kushani Sandarekha [2019]

මා ළඟම සුරතේ දැවටිලා
ආ ගමන සුබ සේ ඇරඹුනා
තව නුහුරු හැඟුමක් මගෙ වෙලා
ජීවිතය දැනුනේ ඔබ නිසා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

ආදර කතා හැබෑවක් වෙනා
ලෙසින් මං හිඳින්නම් තුරුලට වෙලා
තුරුලට වෙලා
නිති සිහිවෙලා සිනාවක් ගෙනා
ඔබෙන් මං ලබන්නේ හැඟුම් රස දෙනා
ඈත නිලඹර පුරා දුටුවේය ආලේ රටා
අතින් අත් බැඳන් යං අනන්තය සොයා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

සත්සර මුසුකොට තාල රටාවට
අතැඟිලි බැඳෙන දිනයි
ඒ ළාහිරු දැවටුන සංවර හිරුමල
ආකර්ශනිය නුඹයි

කිරිකෝඩු හිත කී පෙම් කතා
ඔබ ගාව තුරුලේ නැලවිලා
තව නුහුරු හැඟුමක් මගේ වෙලා
ජීවිතය දැනුනේ ඔබ නිසා

දුර ඈත සිටන් එදා
ලඟ මෑත හිතක් තියා
සසරේ ම හුරු නිසා
හමුවීමකින් සැනසුනා

මා නොගැයූ | Ma Nogeyu by Amal Perera ft. Kushani Sandareka | Adaraneeya Kathawak Movie (OST) [2016]

මා නොගැයූ ගීතේ
හැබැහින් මා ගයන්නේ
රෑ පිපුනු කදුලේ
සිසිල‍යි හද පුරන්නේ
මාගේ හිතේ සෝසුසුම් පිසදනා
අරුතක් තිබේ සැනසෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා විදින්නේ
රෑ පාළු අහසේ
සදටයි තනි රකින්නේ
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා
ගගුලක් තිබේ නොසිදෙනා

කදුල කටුගෑ
නිහඩ කවියේ
මියුරු තනුවක් වෙවී
තනිය ඉපිලෙන
මුහුදු ගමනේ
සුන්දර අත්වැල් බැදී
හිස් අහසේ මන බදින
පද කල්පනා
සිත් යායේ මුමුනන්න
ගීයක් වෙලා
දෙසිතක හැගුම් මුසුවෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා ගයන්නේ
රෑ පිපුනු කදුලේ
සිසිල‍යි හද පුරන්නේ
මාගේ හිතේ සෝසුසුම් පිසදනා
අරුතක් තිබේ සැනසෙනා

මා නොගැයූ ගීතේ
හැබැහින් මා විදින්නේ
රෑ පාළු අහසේ
සදටයි තනි රකින්නේ
මා හද මැවූ ඒ පැතුම් පුබුදනා
ගගුලක් තිබේ නොසිදෙනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ආදරේ | Adare by Kasun Kalhara ft. Kushani Sandareka | Adaraneeya Kathawak Movie (OST) [2016]

හොයාගෙන
හොයාගෙන
ආවේ

හොයාගෙන
හොයාගෙන
ආවේ

ගගක උල්පත දෝ
බිගුනු රැදි මල් මතදෝ
කොහේ සිටියාදෝ
හොයාගෙන හොයාගෙන ආවේ
තුරු හිසක රැදුනේ
ගගුලේ මියැසිය
ඇසුනේ
උන්මාද සත්සරාවී
මා මුසපත් කරා

නෙතු ලිහේ
නිසල් මේ අහසේ
සියොලගම සත්සරයේ රැදුනේ
සීරුවට අහන්නට රහසේ
කියන්නම් මං ආදරේ

ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ

නෙත් කවුළු හැර දෙන්නම්
හුස්ම නොගෙනම ඉන්නම්
විසල් අහසේ
දොරටු හැර දෙන්නම්

ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ

මා ආදරේ
ආදරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here