සාමාන්‍ය ජනතාව | Saanya Janathawa by Amila Sandaruwan

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය
සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය

ඊයේ වන තුරු මම විශ්වාස කළේ
ඇය උන් ළඟටවත් නොයයි කියා
මටත් හොරෙන් ඇය
උන්ට එකතු වෙලා

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය
සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය

දැනුයි දැනුයි මට තේරෙන්නේ ඔව් ඔව්
මට මතකයි ඉස්සර ඉඳන්
ඇය ආස කලේ
උන් ළඟටම යන්නටයි

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය
සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය

මගෙ ආදරේ තරම තවම ඔයා දන්නෙ නෑ
උන් මොනව කලත් ඔයාට ගාණක් නෑ
මං ඔයාට දුන්න ආදරේ
වෙන කෙනෙකුට දෙන්නට බෑ
පපු කැවුත්ත මගේ හතරට පැළිල වගේ

සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය
සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය
සාමාන්‍ය ජනතාව සමානයි
මගෙ පෙම්වතිය

ජෝන් සිනා | John Cena by Amila Sandaruwan

ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා
පාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැ
බාලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා
පාඩම් වැඩකුත් නැ කන්නේ බොන්නේ නැ
බාලා ගත්තු අතේ ඌ බලන් ඉන්නවා
ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා

පාරේ යන්න බැ දත් මිටි කනවා
රැට රැට ඌ හීනෙන් බෙරිහන් දෙනවා
පාරේ යන්න බැ දත් මිටි කනවා
රැට රැට ඌ හීනෙන් බෙරිහන් දෙනවා

ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා

ඇහුවා මං දොස්තරගෙන් මොකක්ද කරන්නේ මුට
කිව්වා එයා ගහපන් උඹත් මිට මොලවාලා
උගේ ඉහේ මොළ හෙලවෙන්නට

ජෝන් සිනා අපේ පොඩි එකාට ගහලා
ජෝන් සිනා අපේ පොඩි එකාගේ ඔලුවට ගහලා

ගර්ල්ස් | Girls by Amila Sandaruwan

දෑසෙ ගෑවුණා
මා මන්මත් වුණා
දඹ රන් වැනි
මේ බෝනික්කෝ
දැකීමෙන් දැනී සුව
සිනා නගන්නකෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
මගේමයි
රැස් විහිදේ හදේ
ආ නංගි ඉමු ළං වී

මැරෙයි මා මැරෙයි
දෙයියනේ මැරෙයි
කෙළිලොල් කෙල්ලෝ
මට අහිමිව යාදෝ
මා සනසන්නෝ
ලැබේනම් සියල්ලෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
සැනසුම් ගෙනෙයි කෙල්ලෝ
මායිම් කොහේදෝ

සන්සුන්ව ඉන්නයි
උත්සාහ ගන්නේ
හිත හීලෑ නොවීලා
මගෙ ආත්මය ගිලීලා
පුපුරාවිදෝ හද ගිනිගනීදෝ
ජේත්තුකාරී
ඔබයි මා යාවී
මල් පුසුඹ ගේනා
නිල් නයන පීනා
බෑ නික්ම යන්න
මට ආසයි රැඳෙන්න
බලා ඉන්න ඕන
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්

දෑසෙ ගෑවුණා
මා මන්මත් වුණා
දඹ රන් වැනි
මේ බෝනික්කෝ
දැකීමෙන් දැනී සුව
සිනා නගන්නකෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
මගේමයි
රැස් විහිදේ හදේ
ආ නංගි ඉමු ළං වී