ලෝක සිතියම | Loka Sithiyama by Methun SK & Dhanith Sri

ලොක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය
ලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තකට

වර්ගයා නසාගෙන,
ස්වර්ගයා හොයා යන
මුර්ගයන් ඉන්න ලොකෙක,
සොයනවා අපි වසන්තය

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට,
පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආද්‍යාත්මික

ප්‍රාන්තේඇති වේදනාවට
අනන්තේ දුර යන්නේ මොකටද
වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද?

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

කරගහන් එන හේතු ඓල ටික,
ගෙවනවා තව එකතු කරගෙන.

මතක පුස්තකාලෙ | Mathaka Pusthakale by Methun SK ft. Senanga Dissanayake [2019]

මතක පුස්තකාලේ සැරිසරන්න ආවෙ…
මතක පුස්තකාලේ කියවන්න ආවෙ…

ඔබට ගීතයක් ලියන්න හේතු කරුණු රැස් කරන්න
ඔබ මා ළඟින් ඉඳීද නැද්ද දන්නෙ නෑ කියන්න.

මගේ මතක පුස්තකාලයේ
ඔබ සොයන්න ආවෙ…..

කතා පොත් පිරෙන්න රචිත මතක පද ගයන්න
මා එක්ක එන්න වේදිකාවෙ ඈදිගන්න

සමුදීමේ වතාවත් පුරන්න පෙර වතාවක්
අහන් ඉන්න එනවාද ගීතවත් කතාවක්

එ ආලෙ වර්ණවත්ම කාලෙ යායෙ මල් පිපිච්ච වාගෙ
ප්‍රර්තනා එකතු කරපු මතක පුස්තකාලෙ
ඔබ සොයන්න ආවෙ

වැලලී ගියපු ආදරයට ස්මාරකයක් වෙන්න
මාත් එක්ක එන්න අනුස්මර්ණයක් කරන්න

සමුගැනීමේ කතාවක් නොකියා ගියත් වතාවක්
සවන් දෙන්න එනවාද මතක වර්ණනාවක්

ඒ ආලෙ කල් දමාපු කාලෙ යායෙ වල් වැදිච්ච වාගෙ
ගායනා කරන්නෙමි මේ ගීය වේදිකාවේ

මාගෙ ප්‍රේක්ශකාගාරෙ හිස් ආසනයක් ඇත්තේ
ඒ ඔබෙ නමටයි සොඳුරෙ ඇවිද ඈඳිගන්න සිතුසේ

මගේ මතක පුස්තකාලයේ
ඔබ සොයන්න ආවෙ

 

Download the Official Audio from here!!