සුසුමක් | Susumak by SANUKA [2024]

ඔබ හමුවන තුරු මා උන්නා
ඔබ එන මඟ මං බලා උන්නා //

ආකහේ නිල් තාරුකා
රෑ ඔහේ දිලුනා
සඳ නුබේ අද නැති නිසා
මං පාළුවේ උන්නා
ආදරෙන් ළංවී
හාදුවෙන් මත් වී
මා සිතේ හැංගී
මතකේ පුරා දිව්වා

ජීවිතේ පව් දී
වේදනා දැල්වී
කඳුලින් දෙනෙත් තෙත් වී
හද රික්තයක් වූවා

සුසුමක් තියා යන්නා
හිඩසක් මවා යන්නා
මට ආදරේ දුන්නා
දුන් ආදරේ ගත්තා….යළි

written by Sanuka Wickramasinghe

saturn lyrics,sza saturn lyrics,intrusive thoughts sza lyrics,sza find something worth saving lyrics,i’ll be better on saturn lyrics,nirvana’s not as advertised lyrics,birds of a feather lyrics,saturn sza,dan music,vibe music,it’s all for the taking sza,dreaming of saturn sza,none of this matters sza saturn,birds of a feather billie eilish,there’s got to be more sza,but if it’s forever it’s even better,birds of a feather,’til the light leaves my eyes
english songs,english song,english songs 2024,english love songs,chill english acoustic love songs,new love songs,love songs,chill songs,song english,2024 new songs,new songs 2024,acoustic songs,best acoustic songs,love songs 2024,acoustic songs cover,acoustic song,acoustic songs 2024,acoustic love songs,acoustic cover songs,music 2024 new songs,acoustic love songs 2024,acoustic music,chill music 2024,acoustic 2024,acoustic cover,acoustic chill

පුදුමයක් වගේ | Pudumayak Wage by Manasick SANUKA

විශ්වාසයක් නෑ ළඟ, කිව්වේ මට “උඹ හෙන නරුමයෙක් වගේ”
ප්‍රශ්නාර්ථයක්! ඇයි උඹ කිව්වේ “පෙනුමෙන් මූ අදමයෙක් වගේ”
රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ?

පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ ?
පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ මං දින්න තැනදී?

මම දැක්කෙම නාරා වලක් හීන මත්තේ
කුලල් කාගන්න වෙර දරනවා කඩි ගුලක් පොරේ
පොත යටින් නෑ වැඩ, පොත ඇතුලෙම බලි ගෑවා වහල උන් කොලේ
හැම මුලධර්ම සිද්ධාන්ත, පිටුවල නෙමෙයි තිබ්බ සිහියෙයි බං මොලේ
ඇයි දිරවාගන්න බැරි? ගහනවා බොරු මාන්නයෙන් පිරි ලෝකෙ උඹේ උස්සලා මං පොලේ

දරදඬු රෑප කායක්, හඹා ගෙන එන්නේ මම උඹේ මනෝකායත්
එන්නේ පාළු කරන් ඕන බලකායක්, ඕන පව්රක් බිඳන් මොන මහාපායක්
සේනා කලා රැස් මහා ජනකායක් නරඹන්න අද සැකසුවා භුමිය
උඹ ඉහට විසි කලත් මැසිවිලි පය ළඟ තිබ්බේ වගේ ජයසුරිය

විශ්වාසයක් නෑ ළඟ, කිව්වේ මට “උඹ හෙන නරුමයෙක් වගේ”
ප්‍රශ්නාර්ථයක්! ඇයි උඹ කිව්වේ “පෙනුමෙන් මූ අදමයෙක් වගේ”
රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ?

බොට ඇත්තෙම සිතුම් පැතුම් පැරණි
වෙලා නැත්තෙම කාටත් කවදත් පැරදී
උඹ දැක්කෙම හැමදාම වැරදි
ඒකයි අදහාගන්න බැරි මං දින්න තැනදී

“වෙඩි වදන්” කිව්වත්, උන් තියන්නේ කාටිස් දා
පින්සල එකෙක්ගේ ඒත් කියන්නේ Artist ලා
උඹ ඇති-දැඩි කල මොළ මැටිකැටේ පතබාන්නේ පොලේ වගේ මම batista

රෑ රෑ රෑ නින්දක් මරන්
වින්ද හැම කුසගින්නත් වරන්
බින්දා සිරිත් හුදෙක් හීනත් දරන්
හෙව්ව පනම්, කාලෙන් ගෙව්වා ගණන්

ඒත් අද සාඩම්බරයි! එදා හෙළු ඝන දහදිය අද ආඩම්බරයි
වරෙන් මනින්න උඹෙයි මගෙයි කරයි
මගේ එක වදනත් බොට වඩා බරයි boy!

written by Manasick

නුඹ හට මං | Numba Hata Man by SANUKA [2023]

ගම්මැද පාරේ හමුවී අපි දෙන්නා
බන්ටෙක (bund) අයිනේ ළංවී අපි උන්නා
ගප්පියො කකුලේ ගෑවී උඩ පැන්නා
හදවත පතුලේ පොඩි ලවක් උපන්නා

ලස්සන දෑසේ ඔබ මා පෙම් බැන්දා
ගස්සන ලීලේ දැක මත් වූ හන්දා
අම්මපා මැණිකේ යනවා මං කැන්දා
මගේ කළු කෙල්ලේ,

හරි ආදරෙයි
නුඹ හට
මං 6x
ළඟටම
එන් 6x
තුරුලට
ගන් 6x
සිහිනෙට
යං 4x
//
හරි ආදරෙයි
නුඹ හට මං..

කෙල්ලේ
තැල්ල බඳිමුද බෙල්ලේ
මගේ හිත නොම හෙල්ලේ
තාමත් මම එක එල්ලේ (ඔයාට ඔයාට)
ඇල්ල වගේ කෙහෙරැල්ලේ
දැඟලිල්ල පවනැල්ලේ
මගේ හද ගිනිදැල්ලේ
මගේ හිත නුඹේ අල්ලේ

වෙන කාටවත් නැති ලස්සන හිනාව
මං වෙනුවෙන්ම ගෙනාව
දෙයියෝ මැව්වේ මනාව
මගේ ජීවිතේ ආසම කෙනාව
මෙල්ල කළා මේ සතාව
මං විතරක්ම පතාව
කනට පැණි කතාව
ලස්සනයි තාලෙට යන ලතාව

තවත් ඉන්න එපා හිත හංගං
ලැජ්ජාකාරී මගේ (ලැජ්ජාකාරී)
වෙන කාවත් එපා මට දැන් නං
ඔයා විතරමයි ඕනේ මට
සදහට
එකටම
ඉන්නට
දෙනවද
ඔය අත

හරි ආදරෙයි
නුඹ හට
මං 6x
ළඟටම
එන් 6x
තුරුලට
ගන් 6x
සිහිනෙට
යං 4x
//
හරි ආදරෙයි
නුඹ හට මං..

written by Sanuka Wickramasinghe

මෝහිණී | Mohini by SANUKA ft. Master D [2023]

මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හර්දේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා //

අතදරුවා වඩාගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා

පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා

අතදරුවා..
මැදියම් වෙලාවේ..

අඳුර වැටෙද්දි ගලයි තනිකමයි
රෙද්ද අන්දන්න කවුරුත් නැති ළමයි
බැලුවේ නැහැ මං උඹේ කනකරයි
උඹයි මෝහිණී මහසෝනා මමයි

අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තර වැඩක් නෑ කොල්ලෝ
ඔක්කොම ගෑණු යක්කු කොර

ඝන අඳුරැ කළු සේනා කෙල්ලේ නුඹේ මලට පරවේ
ගැලු රුධිර කොපුලේ තෙමාගෙන හිත් සලිත කෙරුවේ

අම්මපා ගංතෙරේ ඇවිද්දා අපි මරු
බලා උන්නා හඳපානේ ඒ තරු
කම්මුල් දෙක රතු වෙද්දි ඒකත් මරු
උඹ වගේ කෙල්ලෙක් හොයන්න බෑ රළු

අතදරුවා..
මැදියම් වෙලාවේ..

සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී

written by SANUKA & Master D

මෝහිණී | Mohini by SANUKA [2023]

මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හර්දේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා

අතදරුවා වඩාගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා

පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා

අතදරුවා
මැදියම් වෙලාවේ

මට බෑ බලාගන්න ළමයි
මං ආවේ රෙද්ද අන්දා දෙන්න තමයි
නුඹ දුන්නේ මට තනිකමයි
නුඹයි මෝහිණී මහසෝනා මමයි

අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල

ඔක්කොම ගෑණු යක්කු කොර

වශී කරන දෙනෙත ඈගේ
ලෝකෙම දුලබ මැණික මාගේ
ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා

අපි Edward & Bella වාගේ
දෙන්නම එකට දඩයම් කෙරුවේ
අද මා තනිකරලා නුඹ missing වෙලා

අතදරුවා
මැදියම් වෙලාවේ

සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී

written by Sanuka Wickramasinghe

සසර පුරා | Sasara Pura by SANUKA x Windy [2022]

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

අවිහිංසක පැතුමන් අපගේ
මෝදු වෙලා අද මල් පිපුනේ
සතුටු කඳුළු අද හැම දෙනෙතේ
සියොතුන් ආසිරි ගී ගැයුවේ

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් වියනා
මංගල සීනුව රැව්දෙනවා

පණවන් අපගේ දෙමාපියන්
නෑදෑ හිත මිතුරන් සමගින්
පතනා පැතුමන් එකම සිතින්
රැව්දෙනවා අද එකම හඬින්

සසරපුරා මුතු පද අමුණා
ආදර ගීතය අද ගයනා
රන්හුයකින් දෙහදක් බැඳුනා
දිවිය පුරා ඔබ මගේම වුණා

written by Sangeeth Wickramasinghe

sanuka and windy,sanuka wedding,sanuka,sanuka and windy wedding,sanuka and windy preshoot,sanuka wickramasinghe,windy,sanuka and windy wedding video,sanuka and vindi wedding,sansara sihine,windy and sanuka wedding,sanda sema pena,numbai mamai,windy wedding,rukantha,saragaye,awasan satana,sitha sanasuma,ayyo saami,windy and sanuka,magemai oya,sasara pura,windy goonatillake,chandralekha,chandralekha perera,oba dakinnata,wedding,rookantha goonatillake

මගෙමයි ඔයා | Magemai Oya by SANUKA [2022]

නිලම්බරේ ඈතට ඇදෙන්න මා හා
වළාරොදේ සැතපී ඉඳින්න මා හා
ආකහේ තාරුකා සේම පායා
මා ළඟින් ඉන්නකෝ සෑමදා

දිගන්තයේ මායිම් සරන්න මා හා
අනන්තයේ ගෙපැලක් තනන්න මා හා
ඒ ලොවත් මේ ලොවත් ඇතිතුරා මා
ආදරෙයි ආදරෙයි සෑමදා

සඳ සේම පේනා ඔය මූණ ගාවා
මදහාස ඇයි රන් සළුවකින්
අද හැංගිලා
හිත මාගේ කීවා ඉවසන්න කීවා
දෙව්දෝණියේ සුළු මොහොතකින්
මගෙමයි ඔයා

මා වෙනුවෙන්ම
දෙවියන් පණ පෙව්ව
සුරදෙව්දූ අද මාගේ වෙනවා
ආ දුර මෙන්ම
ඇත කෝටියක් ගව්ව
යමු දෑඟිලි බන්දා දිවිතුරා

සඳ සේම පේනා ඔය මූණ ගාවා
මදහාස ඇයි රන් සළුවකින්
අද හැංගිලා
හිත මාගේ කීවා ඉවසන්න කීවා
දෙව්දෝණියේ සුළු මොහොතකින්
මගෙමයි ඔයා
සඳ සේම පේනා ඔය මූණ ගාවා
මදහාස ඇයි රන් සළුවකින්
අද හැංගිලා
හිත මාගේ කීවා ඉවසන්න කීවා
මුදු පවනියේ සුළඟයි මගේ
මගෙමයි ඔයා

written by Sanuka

නුඹයි මමයි | Numbai Mamai by Windy Goonatillake [2022]

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ

දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
ඔබ මා පෙමින් යාවුණා
මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
අද මා මෙසේ තනිවෙලා

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ

මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
ඈවත් රවට්ටන්නෙපා
මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
කාටත් දුකක් දෙන්නෙපා

නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ

written by Sanuka Wickramasinghe

මනාලි | Manali by Windy Goonatillake ft. SANUKA [2022]

වීදුරු මල් කකුලෙන් තලන්නෙපා
ආල වදන් බේගල් කරන්නෙපා
සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා
මා දිහා
මිණිමුතු රන් ගෙල පළඳනා එපා
මන්දිරයන්, ලොකු මාළිගා එපා
නුඹ නැති නම්, වෙන කවුරුවත් එපා
මට එපා

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

ඔය ඇස්.. නිසඳැස්.. ලියවයි
ආලෙත් වගෙයි කැස්සක්
ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක්
දෙන්නේ වටකරං හාදු වැස්සක්
කෙල්ලේ
නුඹෙ හද ගැස්මත් ඇති
පුසුඹයි නුඹේ හුස්මත්
කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට,
කෑදරයි තමයි
අපි දෙන්නා නරක ළමයි
හැංගි හැංගි ආලේ බැන්දා තමයි
දැන්නම් තවත් ඉන්න බෑ ඈතින් ඔයාට
අද හෙටම බඳිම් කරකාරයි
මගේ හිත නුඹ හට භාරයි
කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි
ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි,
මාරයි ආහ්
ආදර හීන ලෝකේ මාළිගා තනා
තාලෙට ප්‍රේම ලෝකේ තාන තම්දෙනා
කෙල්ලේ අපි නටමු
මේ පෙම් ගීයම ගයමු
ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු
අතින් අත පටලමු
හැම හීනෙම එකට දකිමු ආහ්

හිමාලයේ කඳු පේළියෙන් එහා
පරිස්සමෙන් සඟවා තබා තියා
රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා
සත්සයුරේ දිය කන්දටත් වඩා
ආදරේ මං මුළු ලෝකෙටත් වඩා
මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කර
ජයගමු නොසැලීම
පසු නොබසින අදිටන ගෙන
හැප්පෙමු පෙර සේම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

වැට කඩුලු බ්ද කඩුලු ගමු
සිත සවිය කොට පිටිය ජය ගමු
වැටෙන තැන නැගිට යමු සිහ
නදින් මුළු ලොවම කලබමු

අද බබලන මුතු ඇට ඔබ
මත දුදලපු මුතු කැට එළි
රල බිදගෙන පෙරටම යමු
බාදක බ්ද ගෙන රට

හද ගැස්මන් නවතින තැන
නංවමු ජය රාවය
මුලු ලෝකෙම දන්නම නම
දිනවමු සැමදාම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ