මෝහිණී | Mohini by SANUKA [2023]

Sinhala song lyrics with music notes illustration

මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හර්දේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා

අතදරුවා වඩාගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා

පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා

අතදරුවා
මැදියම් වෙලාවේ

මට බෑ බලාගන්න ළමයි
මං ආවේ රෙද්ද අන්දා දෙන්න තමයි
නුඹ දුන්නේ මට තනිකමයි
නුඹයි මෝහිණී මහසෝනා මමයි

අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල

ඔක්කොම ගෑණු යක්කු කොර

වශී කරන දෙනෙත ඈගේ
ලෝකෙම දුලබ මැණික මාගේ
ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා

අපි Edward & Bella වාගේ
දෙන්නම එකට දඩයම් කෙරුවේ
අද මා තනිකරලා නුඹ missing වෙලා

අතදරුවා
මැදියම් වෙලාවේ

සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී

written by Sanuka Wickramasinghe

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply