නුඹ හට මං | Numba Hata Man by SANUKA [2023]

Sinhala song lyrics with music notes illustration

ගම්මැද පාරේ හමුවී අපි දෙන්නා
බන්ටෙක (bund) අයිනේ ළංවී අපි උන්නා
ගප්පියො කකුලේ ගෑවී උඩ පැන්නා
හදවත පතුලේ පොඩි ලවක් උපන්නා

ලස්සන දෑසේ ඔබ මා පෙම් බැන්දා
ගස්සන ලීලේ දැක මත් වූ හන්දා
අම්මපා මැණිකේ යනවා මං කැන්දා
මගේ කළු කෙල්ලේ,

හරි ආදරෙයි
නුඹ හට
මං 6x
ළඟටම
එන් 6x
තුරුලට
ගන් 6x
සිහිනෙට
යං 4x
//
හරි ආදරෙයි
නුඹ හට මං..

කෙල්ලේ
තැල්ල බඳිමුද බෙල්ලේ
මගේ හිත නොම හෙල්ලේ
තාමත් මම එක එල්ලේ (ඔයාට ඔයාට)
ඇල්ල වගේ කෙහෙරැල්ලේ
දැඟලිල්ල පවනැල්ලේ
මගේ හද ගිනිදැල්ලේ
මගේ හිත නුඹේ අල්ලේ

වෙන කාටවත් නැති ලස්සන හිනාව
මං වෙනුවෙන්ම ගෙනාව
දෙයියෝ මැව්වේ මනාව
මගේ ජීවිතේ ආසම කෙනාව
මෙල්ල කළා මේ සතාව
මං විතරක්ම පතාව
කනට පැණි කතාව
ලස්සනයි තාලෙට යන ලතාව

තවත් ඉන්න එපා හිත හංගං
ලැජ්ජාකාරී මගේ (ලැජ්ජාකාරී)
වෙන කාවත් එපා මට දැන් නං
ඔයා විතරමයි ඕනේ මට
සදහට
එකටම
ඉන්නට
දෙනවද
ඔය අත

හරි ආදරෙයි
නුඹ හට
මං 6x
ළඟටම
එන් 6x
තුරුලට
ගන් 6x
සිහිනෙට
යං 4x
//
හරි ආදරෙයි
නුඹ හට මං..

written by Sanuka Wickramasinghe

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply