දන්නවද | Dannawada Adare Neethiya by Abhisheka Wimalaweera

තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුණු තරමට දැණෙනවා…

නමුණුකුල බර දරනවා
ගයනකම් මග බලනවා
දන්නවද ආදරේ නීතිය
දැණුනු තරමට රිදෙනවා….

කාලේ නැවතුනු තැන තාම මම
ගාලු කොටුවත් කියනවා
තාම හෙවණක් නැති අහස යට
අළුත් හදවත් අඬනවා

තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහළට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා…

written by Abhisheka Wimalaweera

abhisheka wimalaweera,abhisheka wimalaweera new song,abhisheka galle song,abhisheka latest song,abhisheka,abisheka malith songs,nirosha perera,abhisheka new song,abisheka new songs,shashika nisansala,mihindu ariyaratne,abhi live in concert playlist,abhii,abhiii,srilankan music videos,kandaksema,sinhala latest songs,mind relaxing,salli,new sinhala songs,3calm sinhala songs,classical,abi songs,latest sinhala songs,galle song,abi new song,latest songs

Rangamadala Thama Tharunai by Malith P & Abhisheka W

කප්පරක් පෙම් කළත් දැණෙන්නේ නෑ නේද?
හිරිවැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද?
මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද?
රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද?

පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද?
තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද?
ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද?
වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද?

මගෙ වගෙම ඔය හිතේ තාම මං ඉන්නවද?
ඊයෙ රෑ වගෙ හෙටත් ඔහුගෙ නම මුමුණයිද?
නා දලු වතුරෙන් තෙමුණ කෝල ඒ රැය මගෙද?
මගෙ රූබර නිළියේ ආදරේ රැගුමක්ද?

මගෙ ගතම ඔබෙ නමට ලීවත් තව මදි නේද?
රෑ දකින හීන ගැන දිවුරන්නට පුලුවන්ද?
නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද?

රගමඩල තාම තරුණයි යන්නට අවසරද????

written by Abhisheka Wimalaweera

තවම පණ තියෙනවා | Thawama Pana Thiyenwa by Abhisheka

ආදරේ හිතෙනවද අහනවා
ඔව් මටත් ආදරේ හිතෙනවා
හාදු මට දැනෙනවද අහනවා
ඔව් මමත් උණුහුමක් හොයනවා
කිරි වරම් නෑ නේද අහනවා
කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා

හත් මාල නළල් පට නෑ
සුදු නෙලුම් රෝස පෙති නෑ
නෙත් අඳුන් යටින්
ගලනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා

ගිනි කඳුළෙන් දෙමට මලෙන්
නයි කඳුළෙන් නුග කොළයෙන්
ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන්
දිරිය අරන් පිපියන්
මුගුරක් අරන් ඇනපන් තදින්
භුමියට තාම පණ තියෙනවා

written by Abhisheka Wimalaweera

රෝස කුමරුනෙ | Rosa Kumarune by Abhisheka & Thisara

රෝස කුමරුනෙ පිට පාරෙ
ඔබ මා තනිකර යන තාලෙ
ඔබට නොකියනා
දුක් කරදර මට තියනවා
යහමින් මගෙ පාරෙ

රෝස කුමරුනෙ පිට පාරෙ
ඔබ මා තනිකර යන තාලෙ
ඔබට නොකියනා
දුක් කරදර මට තියනවා
යහමින් මගෙ පාරෙ

රෝස කුමරියෙ මගෙ හීනෙ
ඔබ තනිකර මා යන තීරෙ
සැමට නොකියනා ආදරයක් මට
ලැබුනෙ ඔබගෙන් පෙර කාලෙ

දුවෙකු උනොත් නම අමා කියා
පුතෙකු උනොත් ඔබෙ නමම තියා
කවදාහරි පෙම් වන්න සිතා
ඔබෙ රුව සිතුවම් කරනිමි මා

රැයට දහවලක මෙන් ඇහැරි
දසල දුක් ගීත රස විදිමි
හඩා පලක් නැති බව වැටහි
අනේ කමක් නෑ මං තනිවි

දුවෙකු උනොත් නම අමා කියා
පුතෙකු උනොත් ඔබෙ නමම තියා
කවදාහරි පෙම් වන්න සිතා
ඔබෙ රුව සිතුවම් කරනිමි මා

රැයට දහවලක මෙන් ඇහැරි
දසල දුක් ගීත රස විදිමි
හඩා පලක් නැති බව වැටහි
අනේ කමක් නෑ මං තනිවි

Written by Thisara Weerasinghe

සබඳිනී | Sabandini by Abhisheka Wimalaweera ft. Pranirsha

සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ
රතදර කෝඩුකාර
කරමින භාරහාර
දින ගැන ගැන හිඳිමි
සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ

රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටින් වසා
ඉන්නම් හීන බලබලා
සළලාන මාගෙ
හීනේ පාට ඇහිරිලා
හනි හනික එන්න
හීනේ පාට ඇහැරිලා

ඔබගේ ආලෙන්
දුන්නු ඒ නිධානෙන්
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ

පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටෙන් වසා
ඉන්නම් හීන බල බලා

සළලාන මාගෙ
හීනේ පාට ඇහැරිලා
හීනේ පාට ඇහිරිලා

අටවෙනි ස්වරය ඔබද
ඔබ ළඟ ළගම නේද?
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ

නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ ඔබගෙ නේද?
නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ මගෙම නේද?

වැහි කවිය | Wahi Kawiya by Abhisheka Wimalaweera

හිත රිදෙන
හිත බිදෙන
මගෙ නපුරු
කතා මැද
සදහටම
ළඟ හිඳින
මගෙම සඳකඩපහණ

ලොවම මන්මත් කරන
සුවඳ මල් දුගඳ මැද
පපුව පුරා දැනෙන
වැහි සුවඳ තමයි ඔබ

වෛවර්ණ කවි ලියන
කවිකාර බඹරු මැද
කවි තාල නොදන්න
මගෙම වැහි කවිය ඔබ

හිත රිදෙන
හිත බිදෙන
මගේ නපුරු
කතා මැද
සදහටම
ළඟ හිඳින
මගෙම සඳකඩපහණ

abhisheka wimalaweera,abisheka malith songs,abhisheka new songs,abisheka new songs,abhisheka songs,abhisheka yannama awasarada,abisheka hemal,malith perera songs,hemal ranasinghe,abi new song,malaka weerakkody,sinhala love song,sinhala songs,abhisheka,podu theam song,new sinhala song,2021 sinhala song,new sinhala songs,abisheka,abi songs,abhiskinclinic,latest sinhala songs,abiseka,malith perera,nissara music video,love songs,hemal music video

නිස්සාර | Nissara by Abhisheka Wimalaweera

නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන් යාමේ මං අහනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

උණුසුම් හාදු අද ඇගේ
සෙනෙහස තාම අපේ හිතේ
දකිනා වාරයක පවා මගේ මුළු හිත ගිනි ගනී
මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ
හිත ගැහෙනා මේ හීතලේ සැඟවෙන් ඔබගේ පපු තුරේ

නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන් යාමේ මං අහනවා

මතක | Mathaka by Abhisheka W ft. Karunaratna Divulgane

මතක ලන්තෑරුම් අඳුර මැද
ඔබේ හුස්මක සුවඳ දැනුණා
අහම්බෙන් වට මුරුගසන් වැහි
මැද්දෙ මම තනියෙන්ම තෙමුණා
කියන්නම මග බලාගෙන උන්
වචන අමතක වෙලා රිදුණා
දැනුනෙ නැතුවට මගේ කඳුළින්
කමිස උරහිස තෙමී තිබුණා

මතක ලන්තෑරුම් අඳුර මැද
හුස්ම නොතියා ඉන්න තිබුණා
අහම්බෙන්වත් මුරුගසන් වැහි
නොදී ඈතට යන්න තිබුණා
කියන්නම ගිය වචන අමතක
වුණත් මගෙ හදවතට දැනුණා
නොදැනුණා වාගේම උන්නට
සුදු කමිස උරහිසට රිදුණා

පරවෙලා මිහිදන් වෙලා උන්
හිත ඔහේ පරවෙන්න තිබුණා
නිල් පාට කටරොළු මලක නිල
පිපුණු හිතකට දෙන්න තිබුණා

තනිය හුරු මට මගේ ලෝකේ
තනිය තනි නොකරන්න තිබුණා
එදා ඔය ඇස් දිහා නොබලම
බිම බලාගෙන යන්න තිබුණා

චන්ද්‍ර මණ්ඩලේ | Chandramandale by Abhisheka Wimalaweera [2020]

චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ
ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ
මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ
පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ

පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ
ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ

ඔබේ සුවද පිරුණු ගෙදර පාළු කාමරේ
ලියූ ගීත කවි විතරද මට ඉතිරි වුනේ
කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ
මේ තරම්ම නපුරු හීනයක්ද ජීවිතේ

නේත්‍රා | Nethra by Abhisheka Wimalaweera [2020]

නේත්‍රා රැලි හංග ගන්නට
ගැල්වූ සායම් දියර ඇත්නම්
කුසේ ගින්දර නිවන බත් පත
පිලුනු වී ලග තියෙනවා නම්
තුනට හතරට නැව්ව මගේ රුව
පසුම්බියේ තනි රකිනවානම්
ස්තිරයේ ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

පැළුනු දෙතොලග හිනා කදුලක්
හොයාගන්නට බැරි නොවෙයි නම්
නාලගිරි මත් වෙලා ඇවිදින්
ඇන්ද සලකුණු පිටේ ඇත්නම්

දැනුනූ නින්දා දුකම හින්දා
මැරුණු බව සිවිලිම කියයි නම්
ස්තිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්

ගල්වලේ වැඩ කරපු දවසක
කැඩුනු සුලැගිලි කොටය ඇත්නම්
ඇදුම එනවට හදිස්සියකදි
ගන්න පෙති ටික හම්බුනානම්

මගදී අහුලපු වෙරළු සියඹලා
ඉනේ පැත්තක තියෙනවා නම්
ස්තිරයි ඔය නිදා ඉන්නේ
මගේ අම්මා තමයි එහෙනම්