ඔබට මං හොඳ මදි | Obata Man Honda Madinam by Ayesh Jayathilaka

ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ආදරේ මදි වීනම් සමුගන්න නෑ තරහ වෙන්නේ
අතින් අල්ලා ආව ගමනේ නොයා දුර මෙතනින් නවතින්නම්
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ

රැවල් ඉරිලා සෙනෙහෙ නැව අපගේ දියඹේ ඈත මහ සයුරේ
ඔයා කෝ මං කෝ දෙතැනක ඇයිද අපි මේ වෙන් වෙලා යන්නේ
දිනක් දිව්රා කියූ ඔබෙ ආදරේ අද ඇයිද නතරවුනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ

ආපු දුර ආයේ හැරිලා බැලුවොත් නොමැකෙන මතකයක් විතරයි
ඔයා මැව් ලස්සන ලෝකේ හීනයක් අද වචනයක් පමනයි
දිනක් දිව්රා කියූ ඔබෙ ආදරේ අද ඇයිද නතරවුනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ
ඔබට මං හොඳ මදිනම් සමාවී කියන්න රත්තරනේ

ආල සෘංගාරි | Aala Shungari by Ayesh Jayathilaka [2020]

නුරාවී හදේ මැවේනා
ප්‍රේම ගී රසේ වැහේනා
ආල සෘංගාර හැගුම්
මා මනසේ රැදි සෝබා

නුරාවී හදේ මැවේනා
ප්‍රේම ගී රසේ වැහේනා
ආල සෘංගාර හැගුම්
මා මනසේ රැදි සෝබා

අතීතේ භවේ පෙරදා
රාමා සීතා ලෙසින්
නුඹ මා

ස්නේහ ගංගා තෙරේ පීනා
පෑව ප්‍රේමේ හදේ රැදිලා

පුන්සදෙහි කැලුම් ගේනා
නීල දෑසේ රැගුම් ආශා

රාදකුමරී මාද වූ ක්‍රිශ්නා
එන්න යමුනා තෙරේ පීනා

නුරාවී
නුරාවී
නුරාවී

දුකක් ගෙනෙනා | Dukak Genena by Ayesh Jayathilaka [2020]

විදවීම නුඹයි
සැනසීම නුඹයි
මට ඉන්න හිතක්
නුඹ ලගයි

ඉරණම එහෙමයි
විසදුම නැහැමයි
හමුවීම නොවෙයි මේ බවේ

දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා

සිතෙන් ඔබ හා
බැදී සිටිනා
ගතින් වෙන්වී
දුරක හිදිනා
හිතේ ගිනි දැල්
තවත් හංගා
මතින් මත්වී
සතුට සොයනා

දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා

ලොවෙන් මිදිලා
මමත් යන දා
ඔබේ පපුවේ හිසත් තියලා
කියන්න ද මා
දුකක් තියලා
මගේ ආවසන්
පෙම නුඹ කියා

දුකක් ගෙනෙනා
මතක රැදුනා
පෙමක් තිබුනා
මගේ නොවනා
කලක් ගෙවුනා
තනිව හිදිනා
නුඹත් නොඑනා
දුරක දැනුනා

අසලියා | Asaliya by Gigishan ft. Ayesh Jayathilaka [2020]

මේ සැණකෙළියේ නුඹ රඟන විරාමේ
නෙතු සැලුණු වෙලාවේ
සිත සසල වෙලා…
රූ සර වින්ඳේ පෙම් අසුර නුරාවේ
හිත වෙලුණු සිනාවේ
අද උමතු වෙලා…

ඉන්ද්‍ර නීල තරු ගෙනාව සේයා
නින්ද නේන රැය පුරාම පායා
යන් ද රෑක මේ අතේ වෙලීලා
අසලියා…
මන්දහාස මා සොයාන ආවා
රංගශ්‍රීය ඇය තමාම ඕනා
වර්ණ ගෑවු ජීවිතේම සේයා
අසලියා…

පේනා පේනා හීනේ
සේයා ඡායා දෑලේ
කීවා වාගේ ආලේ ඒ සිනා…
වෑහේ යාමේ සීතේ
ආශා සේනා රහසේ
නෑසී යාදෝ ආයේ ඒ කතා…

සීතල නිල්ලේ තුරු මඩුලු සදැල්ලේ
සඳ නිදන ඇසිල්ලේ
නුඹ තුරුළෙ හොවා…
නෑ ලතැවිල්ලේ නුඹ ළඟ සැනසිල්ලේ
ඔය පෙම් හසරැල්ලේ
හඬ නිහඬ කළා…