රිදෙන නොරිද්දෙන | Ridena Noriddana by Sanka Dineth [2018]

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
මැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
ඈ ඇවිලිලා.. මා නිවෙනවා

උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා
සඳ නැති රෑ තරු සියො ළඟ කතා කළා
අත අතනෑරම නොනිදා පහන් කළා
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුණා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
ඈ ඇවිලිලා.. මා නිවෙනවා

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිලිලා
මා නිවෙනවා ඈ නිවෙනවා
ඈ නිවෙනවා මා නිවෙනවා

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹුලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
මැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියා
මා ඇවිලිලා.. ඈ නිවෙනවා
ඈ ඇවිලිලා.. මා නිවෙනවා

written by Upul Shantha Sannasgala

sanka dineth,sanka dineth new song,sanka dineth super star,dineth,sanka new songs,sanka official,srilankan music,sanka,srilankan music videos,raa sihine maa,sinhala songs,numba nomethi,sri lanka,ridena noriddena,sinhala mp3,wisal nagare,studio,transstudios,sinhala song,raween kanishka,sinhala pop music,transfilms,numba nomethi wisal nagare,trans,music,shanudri priyasad,new,official

වැහි පබළු සැලී | Wahi Pabalu Sali by Surendra Perera

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
සිහිනෙන් දකිමී… සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී… මම පෙම් බඳිමී…
සිහිනෙන් ඔබෙ සුව විඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

written by Upul Shantha Sannasgala