වීණාවී | Veenaavee by KaZpar Ranawalage [2021]

සලෙල බිඟු කැළ ගී ගයා උබෙ සවන් රවටාගෙන වගේ
උබෙන් ආලය පතා උන්ණේ කිමද උබ දන්නෑ වගේ
මගේ ස්වරයෙන් උබට ඵලයක් නෑ වගේ

සුරත් රඟ සුව දැනෙනවා මට උබෙත් හද ගිණි නෑ වගේ
ගී ගයා සතොසින් ඉඳිමු අපි හදින් එක් වී ලා මෙසේ

උබ වියූ ඒ සිහින වියනේ ඉඩක් දැන් නම් මට ඇතී
බිඟුන් නැසුණේ ඒ නිසා මැයි හිතේ සැකයක් නම් නැතී
විඩා නිව්වේ උබේ බැල්මෙන් මා මිදී

සුරත් රඟ සුව දැනෙනවා මට උබෙත් හද ගිණි නෑ වගේ
ගී ගයා සතොසින් ඉඳිමු අපි හදින් එක් වී ලා මෙසේ

වීණාවී මාගේ
සීතාවී උබේ දැහැනින්
විඩා නිව්වේ උබේ බැල්මෙන් මා මිදී

සුරත් රඟ සුව දැනෙනවා මට උබෙත් හද ගිණි නෑ වගේ
ගී ගයා සතොසින් ඉඳිමු අපි හදින් එක් වී ලා මෙසේ

සඳ දෙව් දූ | Sanda Dew Du by KaZpar Ranawalage [2021]

ඇසුනාම මියුරු ගී සිංදූ
උබ හංදා මං පද බැන්දූ
ඇසුනේම නැතිද මයෙ කඳුලූ
උබ හද රැන්දූ
හඬාවි රෑම සඳ දෙව් දූ

ඔය මුව රැන්දූ හස පරයාවී මල් පොකුරූ
මං මන් මත් වූ කෝ දැං බං ඒ ආලින්දූ
පාලුවේ දෑස වසා මඟ බැලූවා මං
හදවතේ නිමක් නෑ ආලකම් නම් බෝමා

ඇසුනාම මියුරු…

මෙනෙහි කළෙ මම අස්ථිර බව
ඒත් පැතුවෙ මම ස්ථිර බව
විරුද්ධ උණෙ සොබාදහම ද
ඉතිං කෝ එහෙම වෙන්න ඕන නේද
මෙනෙහි කළාට මං අස්ථිර බව
පම්පෝරි ගැහුවට මං ඒ ගැන
එහෙම බෑ මට බෑ ස්ථිර වෙන්නයි ඕනෙ ප්‍රාණෙ උබෙ
මට මටම
ආලෙ පස්සෙං යන්නෙ කුමට
මට ඕන නිසයි නේද
ආලය පරදින්නෙ කොහොම රාගය ළඟ
තාමත් අපි ඒකයි එකට
අමර නොව ගෝත්‍රික යාත්‍රික නොවුණු පාත්‍රික උණු මගේ හද
බිඳලයිද උබෙ හද එතකොට මම
උබට ද්‍රෝහී ද…

ඔය මුව රැන්දූ…

ඇසුනාම මියුරු…