මං තනිවම | Man Thaniwama by Dinesh Gamage

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

දෑසින් දෑසම මිදුනේ
අපෙ හිත් අපිවද හෙව්වේ
ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා
වැස්සක තනිවම තෙමුනේ
දුක නෑ කවුරුත් දන්නේ
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා

දවසක දැනේවී – තනිවම හඩාවී
කදුලුත් හඩාවී…හඩාවී

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

written by Dinesh Gamage & Manuranga Wijesekara

Valentine’s Special by Dinesh Gamage ft. Shanudrie Priyasad

Dum Dhara Dum Dhara Mastai Mastai
Dhara Dum Dhara Dum Dhara Mastai Mastai
Dhara Dum Dhara Dum Dum En Aasai Thaavathu Un Maelae //

Aaruyire Mannipaaya Mannipaaya Sollu Nee En Sagiyae
Aaruyire Mannipaaya Mannipaaya Sollu Nee En Sagiyae

හිරි වැටුනු සද සේ ආ
නිදි වරපු රෑ මා
තනිවෙන්න හදවත් දැන් හිගයි

වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ

ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ

Dum Dhara Dum Dhara Mastai Mastai
Dhara Dum Dhara Dum Dhara Mastai Mastai
Dhara Dum Dhara Dum Dum En Aasai Thaavathu Un Maelae //

written by Manuranga Wijesekara & Vairamuthu

කැටයම් | Katayam by Hana Shafa X Kaizer Kaiz [2023]

හිත ලග මායම් පාලා.. ( Hey )
ළංවී කැටයම් දාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ

අපේ තණබිස්සේ වටේ හිත හිස්වේ දෙන්නටම විස්සේ
පපුව තව ගැස්සේ යමුද ගල්කිස්සේ තෙමෙමු අපි වැස්සේ
ඔයා මගෙ පස්සේ දැන් නම් මම පිස්සෙක් ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

නම ඇම්බැක්කද?
ඇහුවම එවන්න එපා ඔය හෑන්බෑග් එක
මගේ බැටරිය හොදටම ලෝව් නිසා මගේ චුට්ටෝ
වෙන්න බැරිද පව්‍රර් බෑන්ක් එක..

ඒ පැටලිලා හොදටම කේබලේ
ලිහා ගන්න බැරුවයි ඉන්නේ කළුවරේ
මගේ අවුල් තමයි පොඩ්ඩක් ඉතින් ඉතින්
මගේ වෙහිකලේ තමයි පුංචි ෆුට්සයිකලේ

පෝස්ට් මැලෝන් ඇහුවට කන්නේ පොලොස් මැල්ලුම්
කොස් තමයි පොශ් ගොං තැන හොදටම මොංගල්
කෙල්ලේ කවදාවත් කරලා නෑ කොන්
සිංහයා සිංහයමයි හැලුනත් ලොං..
Kaize…

මන් දාන කැටයම් දාන කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
මන් දාන කැටයම් තේරුනාදෝ.. ( ආ.. )
පෙම් පාට කැටයම් පාට කැටයම් තේරුනාදෝ දැන්වත් ( ආ )
පෙම් පාට කැටයම් තේරුනාදෝ.. ( ආ.. )

හිත ලග මායම් දාලා.. ( Hey )
ළංවී කැටයම් පාලා.. ( Hey )
වගතුග ළංවී අහලා මොනවද ඇත්‍තට ඔයා දැන් හෙව්වේ
( ආ.. )

වත ලග රන්මුතු තියලා.. ( Hey )
මගෙ හිත අස්වද්දාලා.. ( Hey )
හෙට ගැන හීන මවාලා, මොනවද ඇත්තට ඔයා දැන් හෙව්වේ .. ( ආ.. )

written by Manuranga Wijesekara

හිපි ඩෙනිම | Hippie Denima by Daddy [2023]

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

ඇස් වල ඉරි පාට පාට රූ මවා
හීන රහයි දැන්
ගස්වල මල් අපිට අපිට අතවනා
එන්න කියයි නම්
වන්වේ යන ජීවිතේම ඉරි කපා
නඩුව එපා බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා

තප්පර කටු රත් වෙලා
ඇද වෙලා කාලේ ගෙවයි දැන්
චිත්තරපට දර්ශනේම බොද වෙලා
ඔලුව අවුල් නම්

පත්තර වල යන්න කලින් යමු සනා
හිතට ශුවර් බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා

written by Manuranga Wijesekara

නොමියෙන ආදරේ | Nomiyena Adare by Ridma W & Kanchana A

ගලනා සිතුවිලි ඉවුරුතල බින්දා
ස්වප්නයෙන් මිදෙනා තැනක මම උන්නා

ඒ හීනයේ හැඩරුව හදුනා
ඔය දෑස මානයේ මැව්වා
අපි උරුම ලෝකයේ
ඉවුර සොයා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

රූරා හැලෙන තරු අහුරු අවුරා
පලදා දෑසේ සතුට අපි වින්දා
අපි ආදරෙන් ජීවිතේ කියවා
ඒ ජීවිතෙන් ලෝකයක් සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නුඹ මාලගින් දැනෙනා හින්දා
මා කිසිදිනේ නොවැටී උන්නා
යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

written by Manuranga Wijesekara

ඔබ නිසා | Oba Nisa by Dinesh Gamage [2022]

නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා

මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා.

සඳට ලංවී නුඹට
හුරුවේ හිතට නතුවී
බවයෙ හමුවී එකට දුක්වී
තවත් ලංවී ආවේ දැන්
ඔබ හදුනනා මා හදුනනා
ප්‍රේමය නිසා අප හමුවුණා
අහසින් පවා පෙම ගිලිහෙනා
දවසක් සොයා අපි ඉවසුවා

මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා

ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා

written by Manuranga wijesekara

ආදරෙන් | Adaren by Shehan Shakila [2022]

ආදරෙන් අත අල්ලන් ඔයා
ආව ගිය පාරේ
ජීවිතේ නව ගමනක් සොයා
යන්නෙ ඇයි තනියේ
සුදු මල් තැනින් තැන විසිරී ගියා
ඔබේ නමින් සොදුරේ
මම දැන් බලා ඉමි අවතැන් වෙලා
ඉතින් යන්න සොදුරේ

ආදරෙන් අත අල්ලන් ඔයා
ආව ගිය පාරේ

ඔය හිතේ රිදෙන තැන් සොයා
සනසලා දුරක මන් ගියා
මගෙ ලගින් උන්නු හැටි පවා
හිත මතින් පාව යයි ගලා
තුරුලේ වෙලෙන්න මගෙ වෙලා
දිවුරා කියන්න මගෙ කියා

ආදරෙන් අත අල්ලන් ඔයා
ආව ගිය පාරේ
ජීවිතේ නව ගමනක් සොයා
යන්නෙ ඇයි තනියේ
සුදු මල් තැනින් තැන විසිරී ගියා
ඔබේ නමින් සොදුරේ
මම දැන් බලා ඉමි අවතැන් වෙලා
ඉතින් යන්න සොදුරේ
ආදරෙන් අත අල්ලන් ඔයා ආව ගිය පාරේ

written by Manuranga wijesekara

හිස් හිත | His Hitha by Krishni ft. Kaizer Kaiz [2022]

නිහඩව අසා සිටිනවා
හිත කියයි රස කතා
නුඹ ගැන තවම සිතනවා
පසුබසී දුක පවා

මතකය ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා
ආගිය පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

වරදට සමාව ඉල්ලා
හද මගේ වැලපුනා
අවනත නැතුව දුක ගියා
අපි හිතෙන් හිනැහුනා
මතකේ ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා

ආයෙත් පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

තිත්තම උන ජීවිතේ
රහට හැපුන මුද්දරස්පලම
පද්දන පැද්දිල්ලට කඩන් වැටෙයි කෙල්ලේ
හෙල්ලෙන පාලම

කැටයක් කඩපු දාට
පොඩි එකාට කඩ චෝරු
වගෙමයි දැක්කම නුඹ
මැවුනේ මට මගුල් පෝරු

වැදිලයි හිටියේ මට
වැහි නැතුවත් හෙනේ
ගැරඬිත් මට පිප්පුව උන්ට
නැතත් පුප්පන පෙනේ
දෙබලක් අහුවුනා මම නැග්ගත්
තනි කෙලින් පුවක් ගහේ
පස්සේ උබ ඇවිදින් මට දැක්කුවා
පතරංගම සෙනේහේ

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

Written by Manuranga Wijesekara & Kaizer Kaiz

සෙන්කඩගල නුවරට | Senkadagala Nuwarata by Dinesh Gamage

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කදුලේ පැටලී
තනිවී

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන
ඔය රුවලංකාර
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තවම
වැව් දිය නිසල වෙලා
මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කදුලේ පැටලී
තනිවී

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුනු
අසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහු වෙනකොට තවමත් වැව රවුම
ඇස්දෙක වසන්න උනේ එය පමණයි සසල

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

Written by Manuranga wijesekara

හාදු | Haadu by Shehan Kaushalya ft. Smokio [2022]

සින්න වූ එක හාදුවක්
තියන් හිටියා කල්පයක්
සසරේ හමුවෙමු තව දිනක්
යළිත් දෙන්නට හාදුවක්
සරා සඳ ඇති තව රැයක්
ලංව ඉන්නට මට දිනක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු

It’s your boy Smokio baby
Smoka, Smoka, Smoka, Smoka
ඒයි,ඒයි,ඒයි
හීන සිනමා හලේ දී හීන මැව් දිව්‍යාංගනාවි
රාත්‍රී කාල රාග ගින්නෙන් දැවුණු විලාසිතාවී
තීව්‍ර වී ඇසේවී තවමත් ඒ ගැයූ ගී රහසින්
ආදරෙන් තෙමන්න මා දෙතොල්
මැවුණේ මා නිසා නම්
මා නිසාමයි නේද දුන්නෙ ප්‍රේම හාදු
විශ්වාසයි නේද ආදරේ මං හිත පුරා ගෙනාපු
ස්වර්ණමාලියේ මකන්න දෙන්න ඔය පාළුව
ඔය තොල් හොයන්නේ තොල් දෙකක් තවත් වෙන්න යාළු
හීනයක්ම යැයි කියාලා පිළිගන්නෑ මේ හිත තාමත්
චිත්ත රූප සනසාවි මනස දෑස පියවාලා
හෘදෙහී ගලාවි ආදරේහි දිය දහරා
තෙමුනොත් ඒ දියෙන් ක්ෂේම භූමියක් වෙයි සහරා

නුරා නෙතු රැඳි මාවතේ
යලිත් ඒන්නට බැරි දුරක්
සිනාසෙන නෙතු හැමවෙලේ
නුඹව හෙව්වා හැම දිනක්
කඩා හැලෙනා තව හිතක්
රැගෙන යන්න ද මම දුරක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු

Written by Manuranga Wijesekara