කරමල් | Karamal by Kochchi [2023]

නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා
අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු කියපල්ලා //

නා නා නටාමි හෝ ගානා රැලිත් පාගලා
සීතා ඕනෑ නම් රාමාගෙන් ගනින් රාවණා

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්

වරෙන් මාර්තා සටනට යන්ටා
දිගටි පිහිය දික් කරගෙන යමු යන්ටා
අපිව කපන්ටා ආව ගමේම ඇන්ටා
සිහිය නැතුව වැටිලා හිටියා පණ යන්ටා
කැලේ දුවන්ටා වැවේ පනින්ටා
හැඩම පිරිමි තුරුලට ගෙන සැප ගන්ටා
කැලේ දුවන්ටා වැවේ පනින්ටා
හැඩම පිරිමි තුරුලට ගෙන සැප ගන්ටා

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

කියා දෙන්න නං //

නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා…

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං//

written by Wasantha Duggannarala

රුං ගානා | Run Gana by Kochchi, Jizzy & Kaizer Kaiz [2022]

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

ඔය දෑසේ මා පැටලිලා
නිදි නෑ රෑ හීන ඉහිරිලා
හිත අස්සේ මා හිර වෙලා
ඔබේ සුසුම් ඉල්ලලා

ඉඟ නෙරියේ මත්වීලා
මධුවිත ගා රත්වීලා
හිත බැඳුනූ රූ නාරී
බැදේවී තුරුල්වෙලා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

හඳපානෙ මං යන්නේ මොකටැයි
හඳ ගාව මට සුර සැප නන් එමටයි
බොරුව චාටුව නම් මට අකැපයි
මට දෙන්නෙ කෝමද මම දෙන්නෙත් එහෙමයි

මට නම් පුරුදුයි කොච්චි සැර
පැණි රා හෙව්වෙ නෑ මං කොච්චි හැර
ලං වෙලා අනිත් උන් තොල් ලොංචි කර
වල් පැල හෙව්වෙ නෑ මල් පෝච්චි වල

ගහම මගෙ නම් මොටදැයි අත්තක්
මුලම දුන්නෙ නුබ මට හාද්දක්
ලඟට වරෙන් කියන්න බඩ්ඩක්
මම ආදරෙයි නුඹ ඉතිං පිලි නොගත්තත්

කෙල්ලො ඇති ඉතිං නානාප්‍රකාර
උඹ ලඟදි උන් ටික වෙයි විකාර
ඉඹපන් මාව ඕන නෑ විරාම
රුංගානා තාලෙ දීපන් රෑ පුරාම

රුංගානා තාලේ උස්සලා
පෙම් පානා හෘදේ ගස්සලා
රිංගාලා ප්‍රේමේ ඉල්ලලා
පෙම්වත් කතා හොල්ලලා

සඳවාගේ පානා හිනා
රතු වීලා නා දෙතොල් සලා
කවිකාරී ඈ ගී ගයා
නිවාවී රෑයේ සරා

මායාවී සේයා මවා
ඇස් බැම්මේ කෝලම් මකා
පද්දාලා රාගෙන් බලා
සිඹීවි හීනෙන් පවා

මත් වීලා මා දිහා බලා
ඒ හීනේ මා දමා ඔයා
හද පානේ හාදකම් සොයා
දුවන්න හිතන්නෙපා

written by Kalani Nadeesha & Kaizer Kaiz

Multilingual Mashup Cover by Kochchi [2022]

පානා සෙනෙහස ඇල්මෙන් ඉබගෙන
ඉන්න නුඹට බැරිනම්
කීවා නාහන සිත වාගෙන අදුරෙම මම ඉන්නම්

විස ගෝර සර්ප විමනෙ
බිය නැති බොම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ

ගැස්සෙන මයෙ ලැම
මොටද බලන්නේ

Dil ye bechain ve, raste pe nain ve
Dil ye bechain ve, raste pe nain ve
Zindari behaal hai, sur hai na taal hai
Aajaa saanvariyaa, aa, aa, aa, aa
Taal se taal milaa, ho taal se taal milaa

ප්‍රෝඩා රූපන ව්යාජ වර්නා ගොතනා මිතුර නුබ
වංක සිනා පා මුසා බසින් කන් පිනවු සබඳ නුබ

කලන මිතුදම් නොදත්
සෝබන පිරි ජීවිතෙ
දුර්ජන නුබ නොම වෙසෙන්
පිලිලක් වී මා ලොවේ

කලන මිතුදම් නොදත්
සෝබන පිරි ජීවිතෙ
දුර්ජන නුබ නොම වෙසෙන්
පිලිලක් වී මා ලොවේ

ප්‍රෝඩා රූපන ව්යාජ වර්නා ගොතනා මිතුර නුබ
වංක සිනා පා මුසා බසින් කන් පිනවු සබඳ නුබ
සැපේදි ආ වැඩි දුකේ දී
හැරගිය මිතුරා නුබයි යස
සදා පතමි මතු බවයේ නොදකින
ලෙස නුබ මිතුරු වෙස

Oh, baby, I’m thinkin’ maybe
That you were always a piece of shh
You’re rubbin’ your dirt on everyone’s skirt
You know how to be a d-
D-dónde están tus modales que no aprendiste ni a saludar
Parece que hoy me gustas un poco más (ok)
Hola, comment allez, allez-vous?
So nice to meet ya
You say we should go and get a room

Oh, un, dos, tres
Un, dos, tres
Si te doy un beso ya estás a mis pies
Dime un, dos, tres
Un, dos, tres
La, la, la, la, la

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ

ඔය මගෙ ආදරීයේ
ඔය මගෙ ආදරීයේ
මුදු අවිහිංසකාවී
මගෙ මනලෝල දේවී
ආදරීයේ
ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල්

Mira lo que se avecina a la vuelta de la esquina
Viene Diego rumbeando
Con la luna en las pupilas y su traje agua marina
Van restos de contrabando

Y donde más no cabe un alma allí mete a darse caña
Poseído por el ritmo ragatanga
Y el DJ que lo conoce toca el himno de las 12
Para Diego la canción más deseada
Y la baila y la goza y la canta

Y aserejé-ja-dejé
De jebe tu de jebere seibiunouva majavi an de bugui an de güididípi
Aserejé-ja-de jé
De jebe tu de jebere seibiunouva majavi an de bugui an de güididípi
Aserejé-ja-dejé
De jebe tu de jebere seibiunouva majavi an de bugui an de güididípi

Kaisa Sharmaana Aaja Nachke Dikha De
Aa Meri Hole Aaja Parda Gira De
Aa Meri Akhiyon Se Akhiyaan Mila Le
Aa Tu Na Nakhre Dikha

Wanna Be My Chammak Challo, o o o
Wanna Be My Chammak Challo, o o o
Wanna Be My Chammak Challo, o o o
Wanna Be My Chammak Challo, o o o

Mr. Love by Kochchi [2021]

සඳට තිර ඇදලා – මගේ ලඟින් මිදිලා
ඇගෙ දෙතොල් ඉඹලා – එන්නෙපා දුවලා
කඳුළු මට තියලා – ඇයට හිත පුදලා
මලට විස පොවලා – ඉගිලුනා බඹරා

ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවට
හිතම බිඳී
නුඹ වැරදියි
මම නෑ පැරදී

Hey Mr. Love යනවානම් මා අත හැරලා
ආයේ හිතිලා එනවා නම් නෑ දොර ඇරලා
Hey Mr. Love යනවානම් මා අත හැරලා
පියඹා සොයාලා මුලා වෙන්නෙපා
ආයෙත් මා සොයා

ඔලුවෙ අත තියලා – ඇස් වලින් දොඩලා
මගෙ මැණික කියලා – කිව්වේ පැණි ඉහලා
මගේ අතින් අල්ලා – ඇයට ඉඟි කරලා
බොරුම තව ගොතලා – දුන්නෙ මට ඔතලා

ඔය හිත ඉල්ලාලා එයි කියලා හිතුවට
හිතම බිඳී
නුඹ වැරදියි
මම නෑ පැරදී

Hey Mr. Love යනවානම් මා අත හැරලා
ආයේ හිතිලා එනවා නම් නෑ දොර ඇරලා

Hey Mr. Love යනවානම් මා අත හැරලා
පියඹා සොයාලා මුලා වෙන්නෙපා
ආයෙත් මා සොයා