ඔබ හින්දා නම් | Oba Hinda Nam by Dhyan Hewage & Chamel [2023]

පේන කියනා..අසා නැති හීනෙක මා හා
ඒද නුබ හා…තබා ගිය උනුහුම ඈ හා
ඈත ඇදෙනා…පාලු හිත මා….
තාම දැනෙනා.. ඈම නොරැදී මා හා

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං – නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් – නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං – හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් – යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

හේතු මිදුනා…ලියා නැති ගිව්සුම් සේමා
මාද මියුනා…මගේ නැති පෙමකට බැදිලා
පෑව සිනහා…තාම හිත මානේ දැවටේමා
යාවි නුඹ හා…හීනයක දැවටී මා…

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං – නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් – නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං – හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් – යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

තාම හිත රිදෙන්නා කඳුලින් – කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන් – ආදරය විඳින්නා

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං – නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් – නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං – හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් – යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

written by Buddhi Sandeepa & Dhyan Hewage

හදේ ශෝක ගංගාවේ | Hade Shoka Gangawe by Stereomiinds ft. Tharindya Bopegedara & Isuranga Iniyage [2021]

හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා
නෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවා
ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා
මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා

හඳේ මැවූ ආලින්දේ රසේ ගියේ මියැදිලා
එදා වින්ද ආනන්දේ සැනින් මැකී
ගිලිහිලා
යදම් නොමැති පෙම් සිහිනේ හිමේ ගිලී සැඟවිලා
අනන්තයෙන් ආදරයේ සුරම්‍ය රස වියැකිලා

ඈ චංචලයි දෝ බඹරුන් රවයිදෝ
ඒ බිඟු තුරුල්ලේ – ඈ සෙල්ලම් කරයිදෝ
හිත් ගත් කිරිල්ලී යාවිද ඉගිල්ලී
මා හද දවාලා – ඈ සැනෙකින් හමයි දෝ

නෑ ආදර මනාලී මායාවකි මුලාවී
රහසින් මට දැනේවී ඈ පහසට ගලාවී
ඈ ඉගිබිගි කරාවී මා සිත ඈ පෙළාවී
ඈතට හිත හමාවී මා සැකයක තැවේවී

හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා
නෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවා
ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා
මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා

තේරුම් හොයන්නේ – උනුහුම මැකෙන්නේ
හේමන්තයේ මේ – හද පාරා
මාවත බෙදෙන්නේ – ප්‍රේමය නිවෙන්නේ
අවසන දැනෙන්නේ – සිත හඬනා

මංදාරම් සදැල්ලේ නෑ සැනසුම ගෙනාවේ
හැමදා අපි නුරාවේ පැටලී මං මුලාවේ
ආඩම්බර සිනාවේ මායම් කවි කියූවේ
ඒ පද නෙත් තෙමූ වේ ආලෙන් මා පෙලූවේ

හදේ ශෝක ගංගාවේ ගිලී හඬා වැලපුනා
නෙතින් ගලා ආ කඳුලේ නිමක් නැතේ රෑ දිවා
ගෙලේ බැන්ද රන් තැල්ලේ ඒ දිස්නේ නොපෙනෙනා
මා යමුනා ගං දෑලේ හදේ පැතුම් පා කලා

written by Buddhi Sandeepa