මිනිස්කම් | Miniskam by Sachith Peiris ft. Smokio, Pissu Kanna

කඳුළු හංගා සිනහා වර්ෂා
හැලුව හින්දා පිරුණු ගංගා
සෙනෙහේ දැනෙනා
තැනක් හොයනා
අතරමංවී සසරේ සරනා

මහ මෙරක බරක්
හිත පුරා ඇති
ආකාසේ තරම්
හීන දකින්න ඇති
පතුරමු
උතුම් මිනිස්කම්

මිනිස්කම් මනුසත් හැගුමන්
හැකිනම් දෙන්න සිනහවන්
ඒ හිනාවන් දිරියක් වේවි
සොඳුරු සිත් සුවපත් වේවි

කෙනෙක්ට ලැබෙන දේවල්
ලැබෙන්නෑ තව කෙනෙක්ට
හැම කෙනෙක්ම හිතන්නේ කැමති දේවල්
ලැබේවි කියලා හෙට වත්
මිනිහෙක්ට පුළුවන් තව කෙනෙක්ට
හිනාවක් දෙන්න


ඒ හිනාවේ සතුටු වෙන්න පුළුවන්නම් පුරුදු වෙන්න
මනුස්සකම උතුම් කියලා කියනවා අපි කවුරුත්
එහෙනම් ඇයි ඒ හැඟීම වටේට බඳින්නෙ සීමා පවුරු
එහෙනම් ඇයි ඒ බැදීම හිර කරලා දාන්නේ අගුළු
දැන් වෙලාව හරි විවර කරන්න වැහුණු දෑස් කවුලු
මිනිහෙක් වෙනුවෙන් මිනිහෙක් විතරයි
ඒකෙ නෑ තර්කයක්
අමතකයිද ජීවිතේ වගේම
ළඟින්ම‍යි තියෙන්නෙ මරණයක්
දැන දැනත් ඒක මිනිස්සු අතරේ
ඇයි මේ තරගයක් එන්න යං ලැබුන
ජීවිතේට දෙන්න අර්ථයත්

කඳුළු හංගා සිනහා වර්ෂා
හැලුව හින්දා පිරුණු ගංගා
සෙනෙහේ දැනෙනා
තැනක් හොයනා
අතරමංවී සසරේ සරනා

මහ මෙරක බරක්
හිත පුරා ඇති
ආකාසේ තරම්
හීන දකින්න ඇති
පතුරමු
උතුම් මිනිස්කම්

චේන් පැන්නා මට | Chain Panna Mata by Pissu Kanna [2020]

චේන් පැන්නා මට
ගෙදර ඉඳන් එක දිගටම ගහනවා මං බට
Phone එකේ කතා කරල රිදෙනව මගෙ කට
දත් මදින්නෙ හෙට
ඔක්කොම කණපිට

දවස යන්නෙ ඇඟේ නැතුව single නූල් පොට
මන්ම හදන බත්ම කාලා මටනම් දැන් ඇති වෙලා
TV එකේ news බලල මගේ මූණ මැලවිලා
ගැලවිලා අහසෙ ග්රහයො කොරවෙලා
Weight ගහලා හදා ගත්තු bicep එකඑක පොඩිවෙලා

කහින්නැතුව ඉන්නෙ මං අමාරුවෙන්
මාරුවෙන්න කියල හිතන් ගෙදර ඉන්නෙ සීරුවෙන්
බොන්නෙ කොත්තමල්ලි බෝතලෙන්
හෝටලෙන් කෑම කන්න ඉමි බලාපොරොත්තුවෙන්
දවස තිස්සෙ phone එකේ ඇස් දෙක
පැත්තක self connect කරල මගේ අත් දෙක
කැත්තක කොනෙන් ගහන මිනිස්සුන්ගෙ trip එක
බලල මගේ ඔලුව ගිහින් තව පොඩ්ඩෙන් fit එක

ලංකාවෙ ඉඳන් ආවෙ මම
මගෙ නම
දැම්මෙ because පිස්සුව හොඳටම

මෙහේ වැටෙන හිම
දැකල හිතට දැනෙන දුකට සිහිවෙයි මගෙ ගම

I think I made some haters on the way
Either way
Got nothin’ to lose I’ve hit the rock bottom again
I’m the same
From the day I met you ’cause I know the pain
I’m to blame
I think I know the way I need to play the game
Make the way!

ලෝකෙ වටේ ගිහින් ඇවිත් මගේ ඔලුව පෑරිලා
බේරිලා
ඉන්නෙ සරම කොනේ අසූචි ගෑවිලා
බේබිලා ඉන්න රටක ඉන්න ඕනෙ හැංගිලා
නංගිලා මල්ලිලා
ගෙවල් අස්සෙ හිරවෙලා
ගිය ආත්මෙ කරපු පවට මේ ආත්මෙ ඉපදුනා
නිවට කමට සැපට ඉන්න කරපු කමට රැවටුනා
ලෙඩවුනා
Karma එක්ක ගැවටුනා
වින්ද සැපට කරපු පවට
අපට රෝනා බෝවුනා

මම තනියම ඉන්නේ
මම ඇතුලෙම ඉන්නේ
මම ඉඳගෙන ඉන්නේ
මම හිටගෙන ඉන්නේ

චේන් පැන්න මට
උඩට ආපු කාන්සියට ඇරුනා මගෙ කට
හෙට නැගිටින කොට
උන්නත් 1000යි මළොත් 2000යි
කියල හිතාගෙන ජීවත් වෙන්නේ

මම තනියම ඉන්නේ
මම ඇතුලෙම ඉන්නේ
මම ඉඳගෙන ඉන්නේ
මම හිටගෙන ඉන්නේ

චේන් පැන්න මට
උඩට ආපු කාන්සියට ඇරුනා මගෙ කට
හෙට නැගිටින කොට

උන්නත් 1000යි මළොත් 2000යි
කියල හිතාගෙන ජීවත් වෙන්නේ

කෙලවෙලා
ඉන්න අස්සෙ කුසේ ගින්න වැඩිවෙලා
කුනුවෙලා තියෙන fried rice එකක් snap කලා
අම්මට පොල් ගාල නොදුන් දෑතින් publish කරා
ඒක දැකපු අක්කිලා
මාව unfollow කරා
අම්මට මම call කරොත්
තාත්තා මට බනිනවා
TV එකේ කුරුන්ගුරුන් ජෝතිශ්යය විදිනවා
Take-away order කරල account එක හිඳෙනවා
ගාලු පාරෙ තාර අස්සෙ පණුවො party දානවා

මේවා සිද්ද වෙලා දැනට මාස තුනයි පැය පහයි
ඔලුව ඇතුලෙ පොඩ්ඩ පොඩ්ඩ wire short වෙනවමයි
ප්ලේන්ටියක් ගහල දුමක් ඇදල ඉඳල මට සැපයි
මෙහෙම දෙයක් දැනුනමයි
තනිකමයි

ලෝකෙන් කොන් කෙරුවමයි
අතක් තියල ගාථා කියල ලෙඩ හොඳ වුනෙ ඉස්සර
පත්තර අස්සෙ බැදපු කුකුල්ලුන්ගෙ බිත්තර
බත්තරමුල්ලෙ ඉඳන් හොයන් ආවෙ විස්තර
දොස්තර ලියපු ලියුමෙ ඇලෙව්වෙ නෑනෙ මුද්දර

මම තනියම ඉන්නේ
මම ඇතුලෙම ඉන්නේ
මම ඉඳගෙන ඉන්නේ
මම හිටගෙන ඉන්නේ

චේන් පැන්න මට
උඩට ආපු කාන්සියට ඇරුනා මගෙ කට
හෙට නැගිටින කොට
උන්නත් 1000යි මළොත් 2000යි
කියල හිතාගෙන ජීවත් වෙන්නේ

This is සද්දන්තයෝ