ඉලක්කය | Elakkaya by Senaka Batagoda [2022]

නාඩන් කැකුල
යලි යලි දැනෙනවා වැස්ස
ඉඩෝරයට හැමදාමත් නැහැ අහස

විසිරිලා
කෑලි කෑලී වලට
ගියා සෑම දෙයම
නොපිරෙනා සෙනෙහසේ සුවද
තියෙනවා දිගටම
හැම අතටම
ජීවත් වෙන
කාලය තුල අපිලිවෙලට

කාලය යන්නේ නැහැ
එය එකතැනම වගෙයි
දිගටම හිතනකොට
එහෙමත් දැනුනා වගේ

සැගවිලා කරපු හෑමදේම
එලියට එනකොල
සැගවිලා ඉන්න
තැන් හෙව්වට
පලක් තියෙනවද
පුදුමය මේ දිග
නොදැනෙන එක
ජීවිතයට

හදවත එලිය මිස
කිසිවක් ඕනෙ නැත
හිතකට ආදරය වාගේ
බැදිලා ඇත

අපි සිතාසිටිය ලෝකය
ලග ලගම දැනෙන කොට
විද දරාගන්න බැරි විදිහට
දිලිසෙයි හැමතැන
සාමය
සමගිය
ගෙනයයි ඉලක්කයට

Written by Senaka Batagoda

කාලයේ | Kalaye by Senaka Batagoda [2021]

හිතාගන්න බැරි දේවල්
වට කරගෙන හිත
ඇදිලා යයි ඈතින් ඈතට
දරාගන්න බැරි දේවල්
තද කරගෙන හිත කොතරම් කල්
අපි හිටියද
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය
මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය
කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද
කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම
මා නොහඳුනනා මම
තවකෙකු ගැන මොනවා හිතන්නද තව
හිතට එකඟවම
සාගරේ වැලි ගානට
හිතන්න ඇති ඒ ගැන අද වෙනතුරු
වෙනසක් වූවද
ආපසු බැලුවම සිතුවම් යායකි මතකය
මොනදේ හිතුවත් ආපසු ගන්නට බැහැ ගිය කාලය
කාලයේ ලියැවී මොන මොන දේවල් තිබූණද
කල යුතු දේ කල යුතුමයි ඒ මොහොතෙම

අනන්තයට යනවාමයි | Ananthayata Yanawamai by Senaka Batagoda

සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

සිත | Sitha by Senaka Batagoda [2020]

සුලඟක් වාගේ විසිරෙන හිත
කන්දක් වාගේ නිසසල හිත
අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට
බැලූවම මගෙත් නෙමෙයි මේ හිත
කොතරම් වෙහෙසක් දැරුවත් ගත


සතුටක් ලැබුවේ නැතිනම් හිත
ගිනියම් කතරක මැදි වී ඉන්නට හැක මට තනි වී
සතුටක් ලැබු වේ නැති නම් හිත
එක් වෙන දාට හිනහෙන හිත
වෙන් වෙනදාට හඩනා හිත


කව්රු මොනවා කීවත් කවුරු මොනවා කෙරුවත්
දවසක හැමදේ හැර යයි හිත
කැරකෙන රෝදය වාගෙයි හිත
අගක් මුලක් සොයනට බැරි හිත


අසරණ කෙනෙකුට සරණක් වෙන්නට හැකි නම් කෙනෙකුට
කවදත් බබලනවා ඒ හිත
සුලඟක් වාගේ විසිරෙන හිත
කන්දක් වාගේ නිසසල හිත
අනන්තයට ඉගිලෙන සිතුවිලි නවතාලන්නට බැරි නම් මට
බැලූවම මගෙත් නෙමෙයි මේ හිත

රස්තා | Rasta by Senaka Batagoda [2020]

ශිෂ්ඨාචාරයෙ ඇති හරි ගති
දැන හදුනාගෙන ඒ විදිහට හැදී
අහස තරම් නිදහස විදගෙන
නුඹ සතුටින් හැමදා උපරිම
අවිහිංසාවාදි ගති ඇති
කිසි කෙනෙකුට කිසි කරදරයක් නැති
කෙටි වී ගිය පිවිතුරු කෙහෙරැලී
අවදි කරා අමුතුම සිතුවිලි
ආශාවේ ගිලූනම ඇති පල
නුවණින් දුටුවා නුඹ හැම කල
ජීවිතයම පරිණත වී ගිය කල……
නුඹ නැහැ වෙයි සුවදින් පරාගවල

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අභිමානවත් | Abhimanawath by Senaka Batagoda [2020]

අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
එක හීනයක් හැමදේම ඉටුවෙන්න
එකට එක්වෙමු සැවොම එකසේ
බෙදා ගමු අපි මේ සෙනෙහේ

අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න

එක දේශයයි අපි හැමෝටම ඉන්න
එක දරු කැලයි නව ලොවක් වෙත යන්න
දෑත් බැදගමු එකට එක් වී
අපි අපේමයි නැහැ වෙනස් වී
අපි ඔබෙයි ඔබ අපෙයි මව් ලංකා
අපි ඔබෙයි ඔබ අපෙයි මව් ලංකා

එක දේශයයි අපි හැමෝටම ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න
අභිමානවත් ලෙස නිදහසේ ඉන්න

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සැනසුම | Senasuma by Senaka Batagoda [2020]

උඩු තොල ගාවට ලුණු දිය පිරුනා
දැනෙන්නෙ නැති තරමට
දුවනව අඳුරේ
තෙරපී තරඟේ
අත පත ගාගෙන

නෑ කිසිවක් හඳුනන්නෙ
නෑ කිසිවක් වැටහෙන්නෙ
මා නොදැනිම
හිත ඉල්ලන දේ
සැනසුම
හොයනව
යන යන තැන
සැනසුම
දැනෙනව ඇති තැන
දෝරෙ ගලා යන සෙනෙහසමයි
සැනසුම

අපි ගැන
දන්නවානම් අපි හැම
නුඹ ගැන දැනේවි පරතෙරටම
මට විස්වාසයි ඒ තැන තියෙනව
සැනසුම

වරදින
තැන් හඳුනාගෙන
ජීවත් වෙන අය ලබනවා
විඳිනවා සැනසුම

බැලුවම
ඇලෙනව හැම තැන
ගැලවුම ලේසිම නෑ ඇලුනම

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

නිදි නැති රැය පුරාවට | Nidi Nathi Reya Purawata by Senaka Batagoda

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවි පාවි ගිය හැටි මතකයි

ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ

විටකදි නොසිතු දේ විටකදි ළඟා වෙති
එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවි පාවි ගිය හැටි මතකයි

ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ
ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ