නිදි නැති රැය පුරාවට | Nidi Nathi Reya Purawata by Senaka Batagoda

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති
සිතිවිලි සයුරටත් වැඩි මිස අඩුත් නැති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවි පාවි ගිය හැටි මතකයි

ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ

විටකදි නොසිතු දේ විටකදි ළඟා වෙති
එලෙසම සමහරක් දේවල් ඈත් වෙති
අවසානයේ දී ඒ හැම බොඳ මීදුමක් සේ
ඈතට පාවි පාවි ගිය හැටි මතකයි

ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ
ජිවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා
කල කී දේවල් පමණක් පසු පස වාගෙ දැනෙනව
සෙවනැල්ලක් වගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *