මීන නුවන් | Meena Nuwan Yuga (Medley) by Senanayaka Weraliyadda

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ.
අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ
අඳුරෙන් වැසී ගියේ

මගේ ජීවිතේ පුරා…
එකම සිතින් ප්‍රාරථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි….
සඟවා තබා ගමි….

කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න,
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා..
කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න,
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා..
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

Watch on YouTube

මගේ ජීවිතේ පුරා | Mage Jeewithe Pura by Senanayaka Weraliyadda

මගේ ජීවිතේ පුරා…
එකම සිතින් ප්‍රාරථනා.
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි….
සඟවා තබා ගමි….

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ…..
අද නෑ තාරකාවී..
අඳුරෙන් වැසී ගියේ..
අඳුරෙන් වැසී ගියේ..

මගේ ජීවිතේ පුරා…
එකම සිතින් ප්‍රාරථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි….
සඟවා තබා ගමි….

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ…….
යළි නෑ ආයෙ එන්නේ..
වෙනදා වගේ සදා..
වෙනදා වගේ සදා..

මගේ ජීවිතේ පුරා…
එකම සිතින් ප්‍රාරථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි….
සඟවා තබා ගමි….
සඟවා තබා ගමි…
සඟවා තබා ගමි…

ඇහි දාර මත දුක | Ahi Daara Matha Duka by Senanayaka Weraliyadda

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා

කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න,
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා..
කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න,
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා..
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා

හිතුවාත් ගලන ගඟ සේ ඉන්න, බාධා අතැරලා ගලන
ආදර කතරේදී හිඳිලා ගියා..
හිතුවාත් ගලන ගඟ සේ ඉන්න, බාධා අතැරලා ගලන
ආදර කතරේදී හිඳිලා ගියා.
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා

මීන නුවන් යුග | Meena Nuwan Yuga by Senanayaka Weraliyadda

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

කොහේ කොතැනක | Kohe Kothanaka by Senanayaka Weraliyadda

කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්…
අපි අපේම ලොවක් තනා
ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්

කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්…
අපි අපේම ලොවක් තනා
ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්

පුංචි පුංචි ගෙවල් තනා
අතු අග ඉගි බිගි කරනා
පුංචි පුංචි ගෙවල් තනා
අතු අග ඉගි බිගි කරනා
කුරුළු කිරි‍ලියේ මට නම්
මේක සිහිනයක් සැබෑම සිහිනයක්

කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්…
අපි අපේම ලොවක් තනා
ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්

රංචු රංචු සමනලයෝ
මල් ඉති සිඔ සිඔ සරනා
රංචු රංචු සමනලයෝ
මල් ඉති සිඔ සිඔ සරනා
මගේ කැදැල්ලට කොදුරා
දේදෝ සහනයක් සැබෑම සහනයක්

කොහේ කොතැනක තැනේවිදෝ
අපට ලෝකයක්…
අපි අපේම ලොවක් තනා
ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක්

මං සිංහයාට | Man Sinhayata Bayai Nangiye by Senanayaka Weraliyadda

පින් මන්ද රංග භූමියේ

පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

වැදි රජ සමගින් අවසැඟ

මනමේ කුමරිට රැවටුණ
වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ
මනමෙ කුමරා මමයි නංගියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට

වෙඬරු සදිසි උණු වෙන සිත් මිස
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණු වෙන සිත් මිස
තිරය මෑත් කරන වංගියේ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ

පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

කෙහෙරැල් කඩාගෙන | Keheral Kadagena by Senanayaka Weraliyadda

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ

නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා
සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා
වන වදුලක සැඟවුණ සිව්පාද සතා
සමග ඔබී ඔබෙ කරවට කිඳුරු පබා

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ

පුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන්
අරියාදුවට දුන් සිනහව සින්න කරන්
කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන්
කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන්

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ

කන්ද පිරිමැද | Kanda Pirimada by Senanayaka Weraliyadda

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

අරලියා මල් ඔහේ පිපුනට
පෝය නෑ ඇවිදින්
ගෙවා අටවක වැඩෙයි අවසඳ
නොවී ඉමු ඉක්මන්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

ගෙදර බුදුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා

නංගීට බැඳපු මල් වියනයි | Nangita Bandapu by Senanayaka Weraliyadda

නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
නංගිට බැදපු
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
නංගිට බැදපු
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි

නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි

තාරාවෙන් පිට
යාන්නන් මං
අපටාත් කියාලායි නටාන්නේ

තාරාවෙන් පිට
යාන්නන් මං
අපටාත් කියාලායි නටාන්නේ

මාමිතොටේ
පැණි කනවෝ
කොටා කන්ටායි අපි ආවේ

දෙන් තෙදිනානේ
තෙදිනානේ
දෙන් තෙදිනානේ
තෙදිනානේ

නාකොල කැලේ
බැදි වියනයි
බෝකොල කැලේ
බැදි වියනයි
දෙමටාං ඇලේ බැදි වියනයි

නංගිට බැදපු
කෝල වියනයි

නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
මල් වියනයි
නංගිට බැදපු
නංගිට බැදපු
නංගිට බැදපු
මල් වියනයි

අර සඳ පලුවෙන් | Ara Sanda Paluwen by Senanayaka Weraliyadda

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි
අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

තුරු හිස සිඹ සිඹ වැද මදනල
මුමුනන විට ගී සවනට
තුරු හිස සිඹ සිඹ වැද මදනල
මුමුනන විට ගී සවනට
අපි ඇල්හේනේ පැල් මැස්සේ
ගැයූ ගීත එයි සිහියට
හිත වාවනු බැරිවී එන්නට
හිතුනත් ආපසු ගම රට
හෙට අදට වඩා හොඳ වේ යැයි
කොඳුරයි රහසින් යටි හිත

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි

අග හිඟ මාලය ගෙල ලාගෙන
දුක විඳින්න බැරි හින්දම
අග හිඟ මාලය ගෙල ලාගෙන
දුක විඳින්න බැරි හින්දම
මට වෙස්සන්තර රජු වාගේ
දරු දන් දෙනු බැරි හින්දම
පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
උන් හැටි සිහියට අරගෙන
හොඳ පරිස්සමෙන් මන් එනතුරු
ඉන්නවා නේද මගෙ රන්කඳ

අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
පාලු සිතේ විඩා නිවෙයි
මේ සුවිසල්පුර තනිව ඉන්නට
මට ඔය සිත සවිය ගෙනෙයි