වැහි දිය මහ | Wahi Diya Maha by Deepika Priyadarshani

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

රෝස පතක කවි ලීව්වේ
සුවද දිදි තියාගන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න
මේ විදිහට ගී ගැයුවේ
ඉන්න තැනක දී ඇහෙන්න

රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

උස අත්තක මලක් උනේ
ගව් ගණනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ
මල් පොකුරක එකක් වෙන්න

වැහි දිය මහ බිම තෙමුවට
බිම තෙමන්නේ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට
තරු තියෙන්නේ රෑ විතරද
විහඟුන් කැල ගී ගැයුවට
ගී කියන්නේ උන් විතරද
මට නුඹ විතරක් උනාට
නුඹට ඉන්නේ මං විතරද

සිනා පොදක් වී | Sina Podak Wee by Deepika Priyadarshani

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..

සෙවනැල්ලක් සේ ඔබ දිවිගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා..
මිරිඟුව දක්වා – නෙතු යුග රවටා..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..
වල්මත් කරදා සැඟව ගියේ ඇයි..

මල් කැකුලක්සේ ඔබ හද උයනේ..
විකසිත වන්නට සැරසී උන් මා..
මල් කැකුලක්සේ ඔබ හද උයනේ..
විකසිත වන්නට සැරසී උන් මා..
සිතගිණි අවුලා – පියවර අහුරා..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..
අසරණ කරදා ඉවත ගියේ ඇයි..

සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි..

මා සිතට අහම්බෙන් | Ma Sithata Ahamben by Deepika Priyadarshani

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්
මා සිතට අහම්බෙන්

අදුර සදක්දේවී
ඒ එළියේ පෙනෙයි නේද
අපගේ සක්මන්

පින්න ගගක් වේවී
ඒ වතුරේ නැගී ඒවි
අපගේ හසකැන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්
මා සිතට අහම්බෙන්

ලොවම උරණ වේවී
සා පව සිත් නොදෙනා ලෙස
සීතල දිය පැන්

සිහින රුදුරු වේවී
උහුලා ගමු අපම නේද
අපගේ දෙවියන්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්

මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කල අරුමය රහසින්

මුළු ලොවට මුවාවෙන්
සගවා ගන්නෙද මතුධා කෙලෙසින්
මා සිතට අහම්බෙන්