අසනීපෙ | Asaneepe by Samith Gomes x Lahiru Sandeep [2021]

නිදාගෙන ඉද්දි පහළ පැල ගාව
මී මැස්සෙක් හොල්මන් කරා මගේ කන ගාව
(Yeah) නැගිටලා අරන් ඵලදාව
ගෝමස් සමිත් ආවා කෝ රැප් අහන ජනතාව
අවදි වෙන්න දැන් හීනයෙන්
අරන් ආව ණයක් මේ පාරනම් මං චීනයෙන්
හා! යැං හුං වෙචු වෙඥ වැං වුං
වැඳගෙන හිටියා ඇති මිදෙන්න දැන්වත් සීලයෙන් සීලයෙන්!
ගැට ගහපන් හුස්ම
ලොකුවට මහපු කලිසමේ මැස්ම
කරකවලා දාපු හිසේ වැස්ම
විහිඳමු ඇමරිකානු සංගීතේ රැස්ම!
දැන්නම් දැන්නම් මතු වෙන්නේ උඩ කරල කැණීම්
පොරකාල පෝලිමේ ඉඳන් ගත්ත කාලේ කාලි පැණි
ඇඟ පුරා දුවලා over dose වෙන්න කලින්
වෙන් කරන් විස වලින් ගන්න හුස්ම අසනීප පෙනහළු වලින්

මෙහේ වෙන වැඩ මාර මාර
සිංදුම ඇහුවත් කන් හාර හාර
ගැටගැහිලා මොලේ නහර නහර
අසනීප more අවසානේ කෝ වුණ භාර හාර

මෙහේ වෙන වැඩ මාර මාර
සිංදුම ඇහුවත් කන් හාර හාර
ගැටගැහිලා මොලේ නහර නහර
අසනීප more අවසානේ කෝ වුණ භාර හාර

නින්දෙන් ආයෙත් පණ ආවත් බලන් ඉද්දී ජනතාවත්
අරන් ආවේ ඵලදාව පහුකරන් පැනමාවත්
දෙන්න කලින් ඵල ගැන්නා දින ගණනාවක්
ඉන්න පුළුවන් වේවී සනීපෙන් ආයෙත් මම නාවත්
යටිගිරියෙන් සැනසූ හඬ ගොළු
පිටකොඳු පුපුරන ඉන්න බෑ ඒ අස්සෙ කාලා ඔළු
අද දෙරණින් කිව්ව දෙයියා බලන් ඉද්දිම නැවත්
අරන් බෙහෙත් මුහුදෙන් තාමත් අසනීපයි පෙනහළු!
තනියම තමා සටන
ඡන්ද මේනියාව හැදුන ට්‍රැක්ටර් සීලරතන
සිහසුන සුන්.. වියරුවෙන් නටන
කොලොප්පන් වෙනවා දරුණුවට ඔලුව බලන් ඉන්න මටම
පුදුම හිතෙන්නේ කාටත්
මේ ග්‍රහලෝකේ දැකලා නෑ ඇමරිකාවේ නාසත්
මේක හැදු මක බාසත් නැති වුණාට මං ආසත්
එකතු කරන් නටන්න එන්න දෙදරන් අහසත්

මෙහේ වෙන වැඩ මාර මාර
සිංදුම ඇහුවත් කන් හාර හාර
ගැටගැහිලා මොලේ නහර නහර
අසනීප more අවසානේ කෝ වුණ භාර හාර

කාලාත්‍රයේ | Kalathraye by Lahiru Sandeep ft. Samith Gomes & Kanishka

විකසිත මලින් පොපියන
රුදු රුපුන් හඬ පරදන
කන්‍යා ගිරි සිත උදුරන
අසරණ… දිළිඳු මනුසත

කාලාත්‍රය‍ේ.. ශෝකාන්තයයි..
නොදැමුණු.. නොහික්මුණු..
පරපුරේ විලාපයයි

විලාපයයි දෙදරා ගිය පුපුරන් ලය
බඩගින්න වැදී හාමත්වී ලොවටම තාමත් ණය
මිනිසුන්ගෙන් පිරි දූපත ඉල්ලනවා ඉඳහිට ලෙය
ගොඩ ගැසි කඳු තරමට නොදන්න උන් හතර හය හය!
පිට පිට ගොඩ ගැසී තිබ්බා මිණී කවුරුත් නොවැසූ අයෙකු නැසූ
නොදැක්ක දෙවියෙක් වැඳන් ඉන්න ගමන් අනෙකා මූණට කෙළ ගැසූ
හාර දහයෙන් එකක සම්භාවිතාවයෙන් අතරමං, පේන්නෑ කරනවා නතර නම්
බොහොම ඉක්මනින් වැඩි වෙයි මළමිනී වලින් කසළ නම්!
උස්සපන් තව බරවෙයි කර මළ කඳන් වලින් ගෙවපන් පව
දවපන් ලොව සමගින් මව අනෙකාගේ බුදින්න රටක නව
හිස් වේවී උන්ගෙන් නිවෙස් තොපිත් වමාරාවී කටින්ම කෙස්
සමගින් පාලකයොත් උඩගෙඩි දුන් තොපිට සැඟවී පෙරලන් වෙස්
හා! උන්ගේ වාසියට ඇවිලූ ගිනි මේ! කවදා යාවි ද නිවී
කවුරු කවදා කොහොම මනුදමින් පිරි රටකට කියාවිද හිමි
උදා නොවන දවසක් ඒ විඳිමු නැවතත් මේ කරුමේ නොගෙවුණු ඒ
දිනයක් එනකන් හිඳිමු විලෙහි හිඳෙන තුරුම ලේ!

රිදුම් දෙනා හද ගුගුරනා හඬින්
නෑසෙනා මර ගී…. වැල් රහසින්
උගුලුවා දැමු ලෙසින්.. වෙසෙසින්
පතුරුවා හැරි දාහය අතරින්

කාලාත්‍රය‍ේ.. ශෝකාන්තයයි..
නොදැමුණු.. නොහික්මුණු..
පරපුරේ විලාපයයි.

ලිලී මලේ | Lily Male by Lahiru Sandeep [2021]

ලා සද කිරණක්
මද පවනක්
ලා සද කිරණක්
මද පවනක්

පෑ හසරැල්
පෙම් හසරැල්
පෑ හසරැල්
පෙම් හසරැල්

ඇවිද යමුද තව දවසක්
මතක විදින තව සැරයක්
ඇවිද යමුද තව දවසක්
සොදුරු සිනා මැව් මොහොතක්
ලිලී මලේ
ලිලී මලේ
ලිලී මලේ

අදුරු මත රැදි
බිදුනු සිත්තමක
ඔබේ නෙත ඇදේ සිනිදු තෙලි තුඩින්
අදුරු මත රැදි
බිදුනු සිත්තමක
ඔබේ නෙත ඇදේ සිනිදු තෙලි තුඩින්

සරසන්න ඒ අවතැන්
බවදෙන්නේ ගී පද වැල්
ලිලී මලේ
ලිලී මලේ
ලිලී මලේ

සදලුතල වල
ගෙවෙන මොහොතක
ඔබේ දෑසේ සියුම් හසරැලි
සදලුතල වල
ගෙවෙන මොහොතක
ඔබේ දෑසේ සියුම් හසරැලි

දැකගන්න නෙත් මානේ
නවතින්න ඔබ අසලින්
ලිලී මලේ
ලිලී මලේ
ලිලී මලේ