කැස්සයි | Kassai by Dinelka Muthuarachchi [2023]

හංඟගන්නට බෑ කාටවත් ආදරෙයි කැස්සයි
ඒ වුණත් මම හංඟගත්තා මං ඒ අතිං දක්ෂයි
අන්තිමේදී එය දැනං උඹ දැන් දැන් ගණං උස්සයි
නැළවි නැළවී යනගමන් උඹ මගෙ ළඟින් ගස්සයි

ගස්සයි මගෙ ළඟම අඩි හප්පයි
පුළුලුකුල හිත උස්සයි
වැල අතට මගෙ මැස්සයි
රස්නෙයි පෙමක සැර හරි උෂ්ණයි
මට එකම එක ප්‍රශ්නෙයි
නුඹ නොදැන වගෙ ලිස්සයි

නැවුම් පිටම හිටි අඩියෙම මං උඹ දැක්කා
ගැහෙන් නැතුව හදවත මගෙ ක්ෂණිකව හිට්ටා
පෙමක් නිසා උඹ ළඟ මම නම්බුව වික්කා
දැං උඹට පෙරන පෝළිම මැද ඉඳ කමි මක්කා

කියලා ඉන්න ඕනෙ මුලින් එක දෙයක්
මේකයි නංගි මගෙ ළඟ නැහැ ‍යමක් කමක්
අරං යන්න හැකි ඔයාව මට හුඟ දුරක්
ඉඩක් දුන්නොත් ඒක මට හරි සුළු වැඩක්

උඹ මට ගස්සයි
‍ඉඳහිට කිවිස්සයි
මගෙ ගිනි අවුස්සයි
හිතට කට ගැස්මයි
මට කැස්සයි
උඹ හැරිල ගස්සයි
ඇත්තමයි තව මගෙ හිත උඹ පස්සෙයි

ගස්සයි මගෙ ළඟම අඩි හප්පයි…

written by Yashodha Adhikari

දෑසේ දුරින් | Dase Durin by DILU Beats [2023]

ඒ වාගෙ ඈ නේවී හිනැහීලා
ඒ තාලෙ නෑසේවී බොඳවීලා
කෙලවර නැතී ආදරේ රූරමී රෑ දිවා
අවසර නැතී මේ සෙනේ නිවාරමී මා මෙදා

දෑසේ දුරින් යාවී මෙදා
රහසේ සෙමින් පෑරී මෙමා
නෑසේ ලඟින් ගෑවී මෙදා
රහසේ සුසුම් ලාවී මෙමා

නොදැනීලා පැයවේලා ගතවීලා රෑ දිවා
මග තෝරා ගනු බෑ මා හුරු වීලා වේදනා
මේ නොවේ ආදරේ බෑ රිදී පෑරිලා
අපි දුර වැඩී මේ භවේ පාරමී නෑ පුරා

දෑසේ දුරින් යාවී මෙදා
රහසේ සෙමින් පෑරී මෙමා
නෑසේ ලඟින් ගෑවී මෙදා
රහසේ සුසුම් ලාවී මෙමා
රහසේ සුසුම් ලාවී මෙමා

written by Yashodha Adhikari

අඩමාන කතා | Adamana Katha by Dinelka Muthuarachchi [2022]

නෑ මා නම් නෑ ඇගෙ තොල් සිප නෑ
මේ ආලෙන් නෑ ගැලවුම් මට නෑ
මේඝ කලුවක් අහසේ වී දනී නම්
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං

වැහිකෝඩ වෙලෙනා තුන් යාම
සසලෝන හදෙහී සංවේග
ඇය මාගෙ බව නිතර කීව
අඩමාන කතා අද කොහෙද

කොඳ වරුසා මැද හැඬුණා රෑ අඳුරේ
මම තෙමුනා නෙතු තෙමුණා අලුයාමයේ
මග හැරෙනා බව දැනුණා මේ භවයේ
අත හැරෙනා වග හැඟුණා අවසානේ

දවසක ආයෙම මතුදා
නුපුරුදු සේ මුණගැසුණා පෙර දා වගේ
අපි අපි ගාවම නොතියා ගිය
හුරු ප්‍රේමය තිබුණා නොමැකී හිතේ

මේඝ කලුවක් අහසේ වී දනී නම්
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං

වැහිකෝඩ වෙලෙනා තුන් යාම
සසලෝන හදෙහී සංවේග
ඇය මාගෙ බව නිතර කීව
අඩමාන කතා අද කොහෙද

written by Yashodha Adhikari

වැහි රෑක | Wahi Raaka by Chamara Nirmal [2022]

ආල තාල නෑසුනා නොවේ
රතු රෝස හීන හීනමත් නොවේ
ගොළු වී සිනාසුනාට ඒ වෙලේ
සසැලේ නොකීව කාරණා හිතේ

වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ

සඳ දුර හීන හැම බොඳවීද අත නෑ අත හැරුණේ
දෙතොලග පාට රස නොදැනීද නෑ මා පසුතැවුණේ
සිතිවිලි සේම ඇදහිලි ප්‍රේම තුන්යම නිදි වැරුවේ
ඇය යළි නේන මට නතු නූන නිමිතයි වැහි මතුලේ

වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ

Written by Yashodha Adhikari

මේ වාරේ | Me Waare by Sanjula Himala [2022]

මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේ
පානා කෝලේ මානා දෑසේ මා හා රාසේ

පිපුණු මලේ දැක ආවේ මෙහේ
මිලින නොවේ මගෙ ප්‍රේමාදරේ

ඉනාව ඒ දෑසේ
මුලාවි මා ආවේ
බලාවි මේ වාරේ
අවුලවාන මා ආයේ

සැලෙන සිනාවට වීලා සෙනේ
නොදැනම මා නුඹෙ වීලා වගේ

සඳ තරුවේ මට කීවා රඟේ
නුඹ දුරලාවිලු මේ පාලුවේ

නොකර කතා නුඹ ඉඟි දෙන යාමේ
මා සැනහේ සංසාරේ

ඉනාව ඒ දෑසේ
මුලාවි මා ආවේ
බලාවි මේ වාරේ
අවුලවාන මා ආයේ

ඇහැළිය මල | Ahaliya Mala by Uzi Senadeera & Dilki Uresha

මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැලිය මල මම මද සුලගට
පවා සැලෙනා
නුඹ සැඩ සුලගකි මද එන බව
දැන සිටියා

හද හඩනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මද දැවුනා
රෑ නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා

නිහඩ උනා රෑ නුඹ අමතා
නුඹගේ මුවේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසිලා
හිත රිදුනා

හොයනවා හීනෙක මාව
මුමුනන ගීතෙක රාව
කෙලෙසද අපි අපේ වෙලා
අද හමුනොවී දෙතැනක හොයනවා කාව

දුක දැක සතුටේ හිදින්නම්
මතකය තුරුලේ නිදන්නම්
ආලේ නිද්‍රාවක් නම් හීන දකින්නම්
මං ආයෙත් හොයයි නුඹ ඇහැරුනාම

ආලෙට තිව්වා තිතක්
කඩන්න බෑ මට තවත් හිතක්
ඇහැරිලා මං ඈතට යන්නම්
දෙන්න බෑ කදුලක් නුදුන් නිසා
කන්නකි නුඹ මං දෙන්න හොවාලම්
ප්‍රේමේ නම් නෙවෙ දන් දෙන්නම් හිසක්

රෝස තුඩක් වගේ
තියුනු බවින් පිරි
ආදරේ කියන්නේ අමුතු විසක්

රාගි දෙනෙත්
නිල්වන් කොපුල් මතින් හිනැහුනු
නුඹ හත් පෙති මලක් ය අද තමා සිහිවුනේ
අතින් ගිලිහුනු

දෑසින් රූරා වැටෙන්නෙ කදුලක්
ආලෙට කොහෙන්ද තව පතුලක්
දිය පොද දැක්ක දවසක්
පෙම්කල කතරක මා මොහයකින් පෙලුනු

හද හඩනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මද දැවුනා
රෑ නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා

නිහඩ උනා රෑ නුඹ අමතා
නුඹගේ මුවේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසිලා
හිත රිදුනා

දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී
සියපතක් වගේ තව හිතක් ලගදී හිදී වැතිරී
වතාවක් වතාවක් ආයෙ මම නාවත්
දැන් කාලේ ගෙවුනේ මදුවිතිනි
අවසරයි තිතක් තියන් යන්න මතු
අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි
ආලේ සිදිනි

සම්මතයක් වුවත් අසම්මතයක් වුවත්
දැක්කේ නෑ සීමාවක් උඹ වගේම රුවක්
මං ආයේපාරක් මට කියන්නේ කුමක්
දැන් මන්දන්නේ නුඹෙන් තොරවූ ලොවක්

හීන එක්ක මියයන
දවසක් නෑ යලි එන
ඉකි බිදි නැසුනත්
දයිවය සරදමක් නිසා
අවසන් ඇමතුමයි මම ඔබ අමතන

ලං වෙන්න ලං වෙන්න මං දැක්කේ
වෙනත් දුර හීන
අපි අපේ ලෝකේ හොයන් ආ මග
නැවතීය
අපේ පටුනෙන් ඇරබී
පිටුවෙන් පිටුව
සායම් බිදු විසිරීය
අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ
නිමවීය නොදැනීම

මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැලිය මල මම මද සුලගට
පවා සැලෙනා
නුඹ සැඩ සුලගකි මද එන බව
දැන සිටියා

written by Yashodha Adhikari & Uzi Senadeera

හන්තානේ | Hanthaney by Dhyan Hewage ft. Yuki & Yashodha Adhikari

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ

තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
රතු තොල් පෙති පාට ඈ ආයේ
කල්යල් බැලුවාට නෑ ආවේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ