කැස්සයි | Kassai by Dinelka Muthuarachchi [2023]

Sinhala song lyrics with music notes illustration

හංඟගන්නට බෑ කාටවත් ආදරෙයි කැස්සයි
ඒ වුණත් මම හංඟගත්තා මං ඒ අතිං දක්ෂයි
අන්තිමේදී එය දැනං උඹ දැන් දැන් ගණං උස්සයි
නැළවි නැළවී යනගමන් උඹ මගෙ ළඟින් ගස්සයි

ගස්සයි මගෙ ළඟම අඩි හප්පයි
පුළුලුකුල හිත උස්සයි
වැල අතට මගෙ මැස්සයි
රස්නෙයි පෙමක සැර හරි උෂ්ණයි
මට එකම එක ප්‍රශ්නෙයි
නුඹ නොදැන වගෙ ලිස්සයි

නැවුම් පිටම හිටි අඩියෙම මං උඹ දැක්කා
ගැහෙන් නැතුව හදවත මගෙ ක්ෂණිකව හිට්ටා
පෙමක් නිසා උඹ ළඟ මම නම්බුව වික්කා
දැං උඹට පෙරන පෝළිම මැද ඉඳ කමි මක්කා

කියලා ඉන්න ඕනෙ මුලින් එක දෙයක්
මේකයි නංගි මගෙ ළඟ නැහැ ‍යමක් කමක්
අරං යන්න හැකි ඔයාව මට හුඟ දුරක්
ඉඩක් දුන්නොත් ඒක මට හරි සුළු වැඩක්

උඹ මට ගස්සයි
‍ඉඳහිට කිවිස්සයි
මගෙ ගිනි අවුස්සයි
හිතට කට ගැස්මයි
මට කැස්සයි
උඹ හැරිල ගස්සයි
ඇත්තමයි තව මගෙ හිත උඹ පස්සෙයි

ගස්සයි මගෙ ළඟම අඩි හප්පයි…

written by Yashodha Adhikari

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply